මන්ත්‍රීවරුන් 7කට නඩු.

පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවල ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරු 7දෙනෙකුට එරෙහිව අධිකරණ හමුවේ නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.

එම ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනෙක් මන්ත්‍රිවරු පනස් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමක් සිදු නොකෙරෙන අතරඔවුන්ට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මඟින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

මෙම ගැටුම්කාරි සිද්ධි  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය 22 වැනිදා කථානායක කරූ ජයසූරිය මහතාට බාර දෙනු ලැබුවා.

එම වාර්තාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුටඑක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනූව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවීරජෝන්ස්ටන් ප්‍රනාන්දුපද්ම උදයශාන්ත ගුණසේකර යන මන්ත්‍රීවරු තිදෙනාට පොලිස් රාජකාරියට බාධා කිරීමපොලිස් නිලධාරීන්ට අතින් පයින් හා පුටුවකින් පහර දී තුවාල සිදුකිරීම සහ පාර්ලිමේන්තු සභා ඝර්භය තුළදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනාට සභා ගර්භයට පිහියක් රැගෙන ඒම සහ සාපරාධි බිය වැද්දීම යටතේ නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.

පොදු දේපලක් වන කථානායක මේසය මත ඇති මයික්‍රෆෝනය කඩා විනාශ කර රුපියල් තුන්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමට අද පැවති පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී තීරණයකට එළැඹ තිබෙනවා.

ශිල්පී රයන්ගේ මොටර් රථය කේරල ගංජා සමඟ පොලීසියට හසු වෙයි

පසුගියදා ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයෙකු වු මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් භාවිතා කළ මෝටර් රථය සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැති පුද්ගලයා බවට හෙළි ව තිබෙනවා.

රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වි ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත්තේ.

වැලිගම පොලිසිය විසින් සුරන්ජි සුද්දාගේ වැඩිමහල් සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇති අතර ඒහිදි ඔහු කියා ඇත්තේ මෙම මෝටර් රථය රයන් වැන් රොවන් පැමිණි මෝටර් රථය බවයි.

මෙම මෝටර් රථය පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම්  5,750 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙන්නේ මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් මෝටර් රථයක් බවටයි

මදුෂ් අත්අඩංගුවට

ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමේ සිදුවීම පිළබඳ නවතම වාර්තා ලැබෙමින් පවතිනවා.

එම වැටළීමේදී ප්‍රකට ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නවක ගායක නදීමාල් පෙරේරා මෙන්ම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය නිසා ප්‍රකට වූ එහි ලයනල් සර්ට රඟපෑ ටෙලිනළු රයන් වැන්රෝයන්ද
සිටීම විශේෂත්වයක්.

මෙම පිරිස අත්අඩංගුවට පත්වන්නේ මාකඳුරේ මදුෂ්ගේ එක් පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඩුබායිහි පිහිටි තරු හෝටලයක පවත්වමින් තිබුන සාදයක් අතරතුරයි.

සාදයේ ගීත ගැයීම හා නර්තන අංග සඳහා මාකඳුරේ මදුෂ් හා සමීප ඇසුරක් පවත්වන පෙරකී කලා ශිල්පීන් පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා සමග කංජිමාන් ඉම්රාන්කෙසෙල්වත්තේ දිනුක,අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා යන පාතාල ප්‍රබලයින් 5 දෙනෙක් නිශ්චිත වශයෙන් සිට ඇති අතර ඉතිරි 20 ක පිරිස අවස්ථාව සඳහා ආරාධනා ලද අය හා පාතාල සහචරයින් ලෙස හැසිරෙන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තාවනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෙරොයින් තොගයක් තිබී ඇති බව වාර්තා වුණා.
මෙම වැටළීම ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙනුවෙන් ඩුබායි මෙට්‍රො පොලිසිය සමග ලංකාවේ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කරන ලද්දක් වන අතර අත්අඩංගුවට පත්කිරීම හා එහිදී හසුකරගත් දෑ පිලිබඳ මූලික විමර්ශනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිරීති අනුව සිදුවනු ඇතැයි වාර්තාවනවා.

එරට නීති අනුව මත්ද්‍රව්‍ය සමග හසුවීම මරණීය දණ්ඩනයට යටත්වන වරදක් වන අතර ඉතා කෙටි කාලයකින් එම තීන්දුව ලබාදීමේ ක්‍රමවේදයක්ද පවතිනවා. මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.
අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ලන් හෝටල් කාමරයක ඉන්දවා ලබා ගත් ජංගම දුරකථන ඡායාරූප කිහිපයක් පහතින්

51361415_10156943312738550_8265401232412114944_n (1) 51607254_10156943288588550_6843507637116469248_n43408181_1949902431736922_3494277790209933312_n

අද (04) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ තමා අමාත්‍යධුරයකට නිර්දේශ වී සිටියදී එය ලබා නොදීමත්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ලැබිය යුතු ගෞරවය නොලැබීමත් යන හේතු මත අද ජාතික දින සැමරුම් උලෙළට සහභාගි නොවුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුගේ නිදහස  ආරක්ෂා නොවන තැනකට ගොස් රටේ නිදහස ගැන කථා කිරීමට නොහැකි බවයි.
ෆීල්ඩ් මාර්ෂල් නිලයට ගරු නොකරන සහ හමුදා විනය කඩකරන ස්ථානයක ගොස්  සිටීමට නොහැකි නිසාවෙන්  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික දින සැමරුම් උලෙළ වර්ජනය කළ බව පැවසීය.
එමෙන්ම මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත්  මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිටි ස්ථානයේ  අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් මේ වැනි හේතු නිසා අද ජාතික දින සැමරුම් වර්ජනය කළ බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර අඩු කළ හැකි බැවින් එවැන් තත්ත්වයක් වලක්වා ගැනීම ජාතික ආණ්ඩු යෝජනාවේ අරමුණ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය අද(04)  06 වන දිනටත් ක්‍රියාත්මක වූ අතර තවත් වෘත්තිය සංගම් කිහිපයකම සහාය ඊට හිමිවන බවද වාර්තා වෙයි.
පිටකොටුවේ තොග වෙළෙඳසල් හෙට දින වසා දමා මෙලෙසින් හර්තාල් ව්‍යාපාරය පවත්වන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳන්ගේ සංගමය පවසයි.
රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා තමන්ට සිදුව තිබෙන පාඩුව සඳහා රජය කඩිනමින් මැදිහත් වන්නැයි ඉල්ලීම මෙහි අරමුණයි.
රේගු නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ නිශ්කාෂන කටයුතු සියයට 90කින් පමණ පහත වැටී ඇති බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පළකරමින් රේගු වෘත්තිය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ පසුගිය බදාදාය.
මේ හේතුවෙන් පෑලියගොඩ ගබඩා සංකීර්ණය සහ බහාලුම් පරීක්ෂණ අංගනය මෙන්ම , ඔරුගොඩවත්ත බහාලුම් පරීක්ෂණ අංගනයෙහි ද  මෙහෙයුම් අකර්මණ්‍ය වී තිබේ.
වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු නිෂ්කාශන අංශයෙන් සාමාන්‍ය භාණ්ඩ නිෂ්කාශනය කිරීම නවතා ඇති අතර  මේ වන විට නිෂ්කාශනය කරනු ලබන්නේ අල, ළූණු , ඖෂධ වර්ග සහ ශීතකළ බහාලුම්වල ආහාර පමණක් බව වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ අතර රේගු නිලධාරින්ගේ සංගමය තවත් වෘත්තිය සමිති කිහිපයක් සමඟ එක්ව ඊයේ(03) රාත්‍රියේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුණි.
මේ අතර වෘත්තිය සමිති 12කින් සැදුම්ලත් සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රේගු නිලධාරින් දියත් කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සිය පූර්ණ සහාය ලබාදෙන බවයි.
මේ අතර රේගු වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළෙඳුන්ට සිදුව තිබෙන පාඩුව සඳහා  රජය කඩිනමින් මැදිහත්වන්නැයි ඉල්ලා හෙට දිනයේදි පිටකොටුව තොග වෙළෙඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් රේගු මෙහෙයුම්වලින් රජයට දෛනිකව රුපියල් බිලියන 3ත් 4ත් අතර ආදායමක් උත්පාදනය කර දෙන අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම මුදලින් 80% ක පමණ ප්‍රමාණයක් දිනකට රජයට අහිමි වන බව රේගු නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
යාපනය විශ්ව විදවිද්‍යාල පරිශ්‍රය තුළ මෙලෙසින්  නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් අද දිනයේ (04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබුණා.
යාපනය විශ්ව විද්‍යාලය සිසුන් පැවසුවේ උතුරු නැගෙනහිර  ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ‍ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ වන බවයි.
උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද(04) වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන්ද පැවැත්වූ අතර උතුරු  නැගෙනහිර ජනතාවට සාධාරණ ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් තමන් මෙලෙසින් කළු කොඩි ඔසවා විරෝධතාව පළ කළ බව විශ්වවිද්‍යාල සිසුන් පැවසුවා.
දැනුම්දෙන තුරු Johnson and Johnson ළදරු පුයර ආනයනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය  වාර්තා කරයි. මෙම වාරණය Johnson and Johnson ළදරු පුයර නිෂ්පාදනවල පිළිකා කාරක ඇස්බැස්ටෝස් අඩංගු නොවන බවට තහවුරු කරන තුරු බලපැවැත්වෙන බව සඳහන් වේ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර නිෂ්පාදිතවල පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංඟු බවට පසුගිය කාලයේ දී ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින්ම වාර්තා විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක කමල් ජයසිංහ විසින් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ මෙම ආනයන අත්හිටුවීම පිළිබඳව අධිකාරිය විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර මෙරට බලයලත් බෙදාහරින්නා වන ඒ. බවර් සහ සමාගම වෙත දැනුම් දී ඇති බවයි. එහි සඳහන් වන්නේ මෙම නිෂපාදිත මෙරටට ආනයනය සඳහා පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංගු නොවන බව තහවුරු කිරීමට තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවයි.
මේ අතර මෙම නිෂ්පාදිතය ආනයනය සඳහා ඒ. බවර් සහ සමාගම වෙත තිබුණු බලපත්‍රය පසුගිය දෙසැම්බර් මාසය අවසානයේ දී කල් ඉකුත් වී ඇති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටී.
මෙම තහනම පිළිබඳව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඉන්දියා සමාගම වෙත දන්වා ඇති බවත් නියාමන ගැටළුවලට අදාළ සියලු කරුණු ඉන්දියානු සමාගම විසින් සෘජුව මෙහෙයවනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ. බවර් සහ සමාගමේ පාරිභෝගික භාණ්ඩ අංශ ප්‍රධානී ශාලුත පෙරේරා විසින් රොයිටර් පුවත් සේවය වෙත පැවසූ බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.