සජිත්ගේ පොරොන්දු

මෙරට ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට පොරොන්දු වෙමින් එජාප පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් අඩුවෙන්ම යැපෙන ජනාධිපතිවරයාට හිමි නම්බුනාමය ඉදිරියේදී තමන් හිමිකර ගන්නා බව පවසනවා.
එමෙන්ම තමන් ජනාධිපති ලෙස පත්වූ පසුව තමන්ට හිමිවන වැටුප්, දීමනා හා මන්දිර ලබා නොගන්නා බව ද ඔහු සදහන් කරනවා.
තමාට ලැබෙන එම සියලූම දීමනා මෙරට දුප්පත්කම තුරන් කිරීම සඳහා යොදවන බවද රජයෙන් ලැබෙන එම සියලූ වරප‍්‍රසාද පරිත්‍යාග කරමින් ආදර්ශමත් නායකත්වයක් තමන් සපයන බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා

Dream Voice – First Ever Reality Program for Sri Lankans in USA & Canada

Sihinaye Swaraya (Dream Voice) is the first ever reality singing competition for Sri Lankans living in the USA and Canada. The competition is organized by the Boston Lanka Media Network and is currently gaining high popularity in both the USA and Canada.

The contest is carried out through Boston Lanka’s social media platforms and the episodes can be viewed on their Facebook page and Youtube channel.  For viewers in Sri Lanka, the contest can be watched on Charana TV (PEO TV – Channel 8) every Sunday at 8 PM.

Judges for the competition includes two prominent names from the Sri Lankan entertainment industry, Jagath Wickramasinghe and Indika Upamali along with Dr Arjuna Balasuriya from the USA. So far, the Top 40 contestants have been selected out of 80 contestants who competed in the first round.

The Guest judges; Sanjeewani Weerasinghe, Kithsiri Jayasekera, Saheli Gamage, Badrajee Mahinda Jayathilake and Dezmond Rodrigo will work with the main judges to select the Top 20 contestants in the second round.

facbook

One of Sri Lanka’s most popular celebrities and award winning actresses, Nehara Pieris will be hosting the show along with Dushan Dissanayake from Canada, Geethika Wickramasainghe from the USA and Mihiri Weerasinghe from the USA hosting the show in English.

The grand finale will take stage at the Royal Albert Palace, 1050 King Georges Post Rd, Fords, New Jersey where the finalists will be performing live. The Guest of Honor at the Grand Finale will be the Sri Lankan ambassador to USA Hon. Rodney Perera.

වෙල්ගමත් ජනාධිපතිවරණයට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟකරුවෙකු ඉදිරිපත් නොකළහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙකු නම් කිරීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා සංවිධානයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන බව ඔහු වැඩි දුරටත් සදහන් කරනවා.

එජාප ජනපති අපේක්ෂකයා ලෙස සජිත්ජව එජාප සම්මේලනයේදී අනුමත වේ

එළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සභාවට යෝජනා කෙරුණා
එම යෝජනාව පක්ෂ සම්මේලනයට පැමිණි ජනතාවගේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ වන බවට ද යෝජනාවක් මෙම විශේෂ මහා සම්මේලනයේදි ස්ථිර කළා
එම යෝජනාව ද ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අමතරව තවත් යෝජනා කිහිපයක්ද මෙහිදි ස්ථිර වුණේ විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුළුව කරගෙන ආ ව්‍යවස්ථා කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑමට අදාළ යෝජනාවක්ද මෙහිදී සම්මත කර ගනු ලැබූ අතර ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යෝජනා කිරීමේ විශේෂ මහා සමුළුව මේ වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමෙන්.
එම අවස්ථාව සංවේදී කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මව වන හේමා ප්‍රේමදාස සිය අතින් අල්ලාගෙන වේදිකාවට රැගෙන සිය අතර එම අවස්ථාව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ද සංවේදී අවස්ථාවක් බවට පත් වුණා.

සිහිනයේ ස්වරය (Dream Voice) – රියලිටි වැඩසටහන in USA & Canada

වින්දනීය ස්වරයක ආනන්දනීය හද ගැහෙන හෝරාව “සිහිනයේ ස්වරය” (ඩ්‍රීම් වොයිස්) යනු ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සුදානම් වන ප්‍රථම රියලිටි ගායන තරගය වේ. මෙම තරගය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර ඇති අතර මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගනිමින් සිටියි.

මෙම තරගය බොස්ටන් ලංකා සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන අතර කථාංග ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සහ යූ ටියුබ් නාලිකාවේ ද නැරඹිය හැකිය. ශ්‍රී ලංකාවේ නරඹන්නන් සඳහා, සෑම ඉරිදාවකම රාත්‍රී 8 ට තරගය රූපවාහිනියේ (PEO TV – Channel 5) නැරඹිය හැකිය.

මෙම තරඟය සඳහා විශිෂ්ඨ ඝනයේ ශේෂ්ත්‍රයේ කෘතහස්ත දැනුමැති ප්‍රවීණ විනිසුරුවන් එකතු වී සිටින බව ද කිව යුතුය. ඒ අනුව ජගත් වික්‍රමසිංහ, ඉන්දිකා උපාමාලි සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය අර්ජුන බාලසූරිය යන විද්වතුන් එම කටයුත්ත පරිපුර්ණ කරති. ශ්‍රී ලාංකේය විනෝදාස්වාදයේ වින්දනීය වැඩසටහනක් මෙන්ම දක්ෂයන් අගයනු වස් සංවිධානය වූ මෙම රියලිටි වැඩසටහට හුදෙක් වෙනස්ම රියැලිටියක් වන නිසාම තරඟ කරුවක් රැසක් සහභාගී වී සිටිති. ඒ අනුව මේ වන විට පළමු වටයට තරඟ කළ තරඟකරුවන් 80 දෙනාගෙන් හොඳම තරඟකරුවන් 40 දෙනා තෝරාගෙන තිබේ.

ආරාධිත විනිසුරුවන් : දෙවන වටයේ හොඳම තරඟකරුවන් 20 දෙනා තෝරා ගැනීම සඳහා ප්‍රධාන විනිසුරුවන් සමඟ සංජීවනි වීරසිංහ, කිත්සිරි ජයසේකර, සහේලි ගමගේ, බද්‍රජි මහින්ද ජයතිලක සහ ඩෙස්මන්ඩ් රොඩ්රිගෝ යන ප්‍රවීණයන් කටයුතු කරනු ඇත.

facbook

අවසන් මහා තරගය ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි ෆෝඩ්ස් හි 1050 කිං ජෝර්ජස් පෝස්ට් පාරේ රාජකීය ඇල්බට් මාළිගාවේදී (1050 King Georges Post Rd, Fords, New Jersey, USA) පැවැත් වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන්ය. අවසන් මහා තරගයහි ආරාධිත අමුත්තා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ගරු. රොඩ්නි පෙරේරා සහභාගි වීමට නියමිතය.

සිහිනයේ ස්වරයට මේ වන විට හඩ දායකත්වයට කැනඩාවේ සිටින දුෂාන් දිසානායක සහ එක්සත් ජන පදයේ ගීතිකා වික්‍රමසිංහ සහ මිහිරි වීරසිංහ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්ත්වයෙන් නිවේදන කටයුතු සදහා දායක වෙද්දී මෙහි අවසන් තරගයේ නිවේදනය කටයුතු සදහා ජනප්‍රිය රංගන ශිල්පිණි නෙහාරා පිරිස් සිය දායකත්වය ලබා දීමට නියමිතය.

 

SLFP එජාප සංවිධානය සමඟ සාකච්ඡා කිරීමේ එකඟකත්වයක් නොමැති බව දයාසිරි කියයි

එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එස්එල්එෆ්පී) තවමත් එකඟ වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජයසේකර මහතා කියා සිටියේ සාකච්ඡා පැවැත්වීමට ඉල්ලා එක්සත් ජාතික සංවිධානය විසින් තමා වෙත යවන ලද ලිපියක් සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති නමුත් ප්‍රතිපත්තිමය ගැටලු පවතින බව ද ඔහු පවසනවා

ලෝක ළමා දින සැමරුම මෙහෙමයි

ජාත්‍යන්තර ළමා දිනය අදට(01) යෙදී ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද(01) උදේ10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් සිල්වා ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන්’මෙවර ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවයේ තේමාව වේ.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයේදී ජාත්‍යන්තර ළමා දීනය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත්කිරීම,සමරු කලාපය එළීදැක්වීම,විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම,මුල්ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම,ශාරීරිකව හෝ අවමානාත්මක ලෙස දඬුවම් නොමැතිව දරුවන් ධනාත්මකව හදාවඩා ගැනීමේ අත්පොත පිළිගැන්වීම සිදු කෙරේ.

ජාත්‍යන්තර ළමා දිනය පිළිබඳව දරුවන්ගේ සිතිවිලි ඉදිරිපත් කිරීම,’දරුවන් සුරකිමු-ජාතික  භාරකාර අරමුදල ‘නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම,විශේෂ දක්ෂතා ඇති දරුවන්ඇගැයීමට ලක් කිරීම,ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් නිකුත්කරනු  ලැබු  මුද්දරය නිර්මාණය සඳහා පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාව සඳහාත්, ජාත්‍යන්තර ළමා දින අන්තර්ජාල චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරෙනු ඇත

SLPP සහ SLFP දිගටම සාකච්චා

ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගත් සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර තිබියදීත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා දිගටම කරගෙන යනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අද කුරුණෑගල රැස්විමක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සංවිධානය විසින් ඊයේ දිනයේදී තමාට ලිපියක් යවා ඇති බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ  රජය පරාජය කිරීම බව ඔහු පැවසුවා.