හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වුණා
අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස මිය ගොස් තිබෙනවා
 ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවිය

US Secretary of State calls on Rajapaksa to ensure accountability

The United States Secretary of State Michael R. Pompeo called on President Gotabaya Rajapaksa today to ensure accountability.
He said the United States congratulates the people of Sri Lanka on their democratic election and stands ready to work with Gotabaya Rajapaksa as the new President of Sri Lanka.
“We call on President Rajapaksa to uphold Sri Lanka’s commitments to security sector reform, accountability, respect for human rights, and non-recurrence of violence,” Pompeo said.
Pompeo said that Sri Lanka continued to show the strength and resiliency of its democracy with a free, fair, and transparent presidential election befitting Asia’s oldest democracy.
“We applaud the Sri Lankan Elections Commission, Sri Lankan civil society, and the candidates themselves for promoting a peaceful election,” he said.
Pompeo said that Sri Lanka is a valued partner, and the US wants to work with the Government and people of Sri Lanka to advance cooperation on bilateral and regional issues, including fostering a free and open Indo-Pacific region where all countries can prosper, deepening good governance, and promoting justice, reconciliation, and human rights

US Embassy commends on holding peaceful election

The Embassy of the United States of America in Colombo, adding well wishes for newly elected President Gotabaya Rajapaksa, commended the country on having a peaceful election.The Embassy stated that Sri Lanka has continued to show the strength and resilience of its republic with a free, fair, and transparent presidential election befitting Asia’s oldest democracy.

The statement further read that they look forward to working with President Gotabaya Rajapaksa in supporting Sri Lanka’s sovereignty and in fostering an Indo-Pacific region where all countries can prosper.

The complete statement issued by the Embassy:

“The United States congratulates the people of Sri Lanka on their democratic presidential election and looks forward to working with President Gotabaya Rajapaksa. Sri Lanka has continued to show the strength and resilience of its republic with a free, fair, and transparent presidential election befitting Asia’s oldest democracy. We commend the Elections Commission, civil society and government authorities for promoting a peaceful election. We are ready to continue our work with the new President and with all the people of Sri Lanka in supporting the country’s sovereignty through heightened good governance, expanded economic growth, the advancement of human rights and reconciliation, and in fostering an Indo-Pacific region where all countries can prosper.

නව ජනපති වැඩ භාර ගනිද්දී ජනපති ලේඛම්, ආරක්ෂක ලේඛම් පත් කිරීම් ද හෙට

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතය. මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට ද නියමිතය..
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමට සියළු වැඩ සුදානම් කර ඇති බව සදහන් වෙනවා
ඒවගේම මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරනු ඇති බව පැවසෙනවා.
ඒ අනුව මෙම පත්වීම් හෙට සිදු කෙරෙනු ඇත

07 වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා  ජාතිය අමතා කළ ප්‍රකාශය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව 07 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සව සභාවේ, ජනාධිපති ධුරය භාර ගැනීමේ නිල නිවේදනය ප්‍රකාශයට පත් කිරීම
පෙරවරු 11.44 ට පමණ ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව, පෙරවරු 11.48 ට පමණ සෙත් පිරිත් මඟුල් බෙර වාදන මධ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අභිනව ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දීම සිදුවිය

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය.
” වැඩමවා වදාළ මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු පුජනිය මහා සංඝ රත්නයෙන් අවසරයි! කිතුණු, හින්දු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජක තුමන්ලගෙන් අවසරයි!
ශ්‍රී ලංකාවේ 05 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, අග්‍රවිනිශ්චයකාරතුමනි, මහා කොමසාරිස්වරුනි, තානාපතිවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, සියලු ශ්‍රී ලාංකික පුරවැසියනි,
බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කොට ඉදිකරන ලද මෙම එඉතිහාසික ස්වර්ණමාලී මහා සෑ පුදබිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාගයක්. ශ්‍රී ලාංකීය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටුගැමුණු මහරජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් එඉතිහාසික ජනවරම නිසායි.

අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මෙම මව්බිමේ විධායක ජනාධිපතිවරයා සේනාධිනායකයා මෙන්ම ඔබෙත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම භාර ගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි.

සියල්ලන්ටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමතියි, මෙම මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂීම පිටුවහල වූයේ අපේ රටේ සිවු දිග වැඩවසන ගරුතර මහා සංඝ රත්නය විසින් මට ලබා දුන් ආශීර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා.

සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබු බව මා දැන සිටියා. මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත්, මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමඟ එක් වන ලෙසයි.

මා වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුම ඡන්ද දායකයින්ට මම මේ අවස්ථාවේ ස්තුති පූර්වක ගෞරවය පුද කර සිටිනවා. එමෙන්ම, මා වෙතින් ඡන්දය භාවිතා කළත්, නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතියට ගරු කරමින්කවර හෝ ඡන්ද අපේක්ෂයකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිත කළ අනෙකුත් ඡන්ද දායකයින්ටත් මම ස්තුති වන්ත වෙනවා.

දකුණේ සිංහල බෞද්ධ සිංහල පවුලකින් පැවත එන මම අධ්‍යාපනය ලැබුවේත් ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. එනිසා බෞද්ධ දර්ශනය හැම විටම මහේ සිතුවිලි වලට හා ගති පැවතුම් වලට එක වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ ඉදිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකුල රාජ්‍යකි. සියලුම ජාතිකයන්ට, සියලුම ආගමිකයින්ට ක්‍ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයකි.
මගේ ධුර කාලය තුළ මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටිනවා. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. අපේ සාරධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැදී සමයෙන් සහජීවනයෙන් ජිවත් වූ සියලුම ශ්‍රී
ලංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය අප හැම විටම සුරකිනවා.

මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාගේ ගෞරව පුර්වක ස්තුතිය පිරිනමනවා. ඒ සමඟම මම ඔබ තුමාට සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘ වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමැතියි.
පක්ෂයේ සභාපතිතුමා, මහලේකම් තුමා ඇතුළු සියලුම නිළධාරීන්ට මහජන නියෝජිතයින් හා සාමාජිකයින්ටත් ස්තුති කරන්නට කැමතියි. මට සහාය දීමට එක් වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළ හැමදාමත් අප සමඟම සිටි දේශපාලන පක්ෂ වල නායකයින්ටත් එම පක්ෂ වල නිළධාරීන්ට හා සාමාජිකයින්ටත් මෙම අවස්ථාවේ මාගේ හෘදයාන්ගම ස්තුතිය පුදකරනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අප හා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයිනුත් දැක් වූ සහාය මෙහි දී සිහිපත් කරනවා. මෙම මැතිවරණයේ දී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවදාවත් නැති උද්‍යෝගයක් අපි දුටුවා. කිසිඳු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා.

වියත් මඟ වැනි වෘත්තීය වේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයින් විද්වතුන් කලාකරුවන්, සමාජ ජාල ක්‍රියාකාරිකයින්, ඡන්දය දීම සඳහාමලංකාවට පැමිණි අපගේ විදේශ ගත ශ්‍රමිකයින් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දැක වූ සුවිශේෂී දායකත්වය මා අගය කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රටවෙනුවෙන් ඔවුන්ගේ යුතු කම කැප වීමෙන් ඉටු කළා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුදකරනවා.

දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක් වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. ඡන්දය භාවිතා කළ ඔබ විසින් මෙම ජනවරම මට ලැබී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. එය රටේ ඒකීයත්වය, ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙලක්, මේ රටේ සියලුම පුරවැසියන්ගේ අපේක්ෂාවන් ඉටු කරන වැඩ පිළිවෙලක්, අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩපිළිවෙලක්. මෙම ප්‍රරතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු කරුණු මගේ ධූර කාලය තුළ ඉටු කිරීමට මම කටයුතු කරනවා.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, මගේ රජයේ මුලික වගකීමක් ලෙස මා සළකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොරබියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරනන්ට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනඟනවා.

අපි සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතින් අතර බල අරගලයන්ට මැදි වන්නට අපට අවශ්‍යතාවයක් නැහැ. අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවල් වලින් ඉල්ලා සිටිනවා. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමකි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තුවනවා.

මෙම මැතිවරණයේ ආරම්භයේ සිටම මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නට කැප වුණා. ප්‍රතිවාදීන්ට අපහාස නොකර, ප්ලාස්ටික් පොලිතින් වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුළත් එම ආදර්ශය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියාකරනවා.

නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දුෂණයෙන් වංචාවෙන් තොර, සැබෑ ජනතා සේවයට කැපවුණු, වෘත්තිමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළිත් මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොරොන්දු වූ ආකාරයටම අපගේ පාලන ක්‍රමය විවිධ වගකීම් පැවරීමේ දී හැකියාවට හා දැනුමට හැම විටම මුල්තැන ලබා දෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අප සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.

21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සුදානම් කිරීම සඳහා අපේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම නව තාක්ෂණයේ භාවිතාව පුළුල් කරනවා. අපගේ සමස්ත ජිවන රටාව තුළ ගුණගරුක බව නීති ගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ඇති කිරීම සඳහා ඔබ සියලු දෙනාගේම සහාය මම බලාපොරොත්තු වනවා.

ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් ය මෙන්ම නොදුන් සියලු දෙනාගේ ද පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකුලව ජනතා අපේක්ෂාවන් ඉටු කරනන්ට මම සැමවිටම කැප වෙනවා. අප ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩකොටසක් කෙටි කලක් තුළ ඉටු කිරීමට තිබෙනවා. වුවමනාව තිබේනම් අපට කරනන්ට බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ.

රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැළසුම් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඔබට ඉදිරිපත් කර තිබෙනවා. මා මේ රටේ විධායක ජනාධිපතිවරයා යි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටෙක පසුබට වන්නේ නැහැ. ඒ වගේම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා ජනතාව විසින් ලබා දුන් මෙම එතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කල හැකි නව රජයක් මා පිහිටුවනවා. මම මගේ රටට ආදරෙයි. මගේ රට ගැන මම ආඩම්බර වනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා මා සමඟ එක වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ සැමට ස්තුතියි! තෙරුවන් සරණයි!

නියම දක්ෂයින්ට තැනක් හැදූ බොස්ටන් ඩ්‍රීම් වොයිස්හි ජයග්‍රාහකයාගේ කතාව

තරිඳු කරුණාරත්න නව යොවුන් තරුණයෙක්. අද දවසේදී සුපිරි තරුවක්. ඒ බොස්ටන් ලංකා සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් එහෙමත් නැත්නම් සිහිනයකය ස්වරය රියලිටි තරඟය ඔස්සේ ජයග්‍රාහී කිරුළට හිමිකම් කියමින්. ඔහුගේ මව මිනින්දොරුවරියක්. පියා විශ්‍රාමික ධීවර පරීක්ෂකයක්. පවුලේ එකම දරුවා වූ තරිඳු මේ වන විට වාසය කරන්නේ අමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ. බෙහෙවින්ම කාර්ය බහුලව සිටින විටක අපි මෙලෙස ඔහුව සම්බන්ද කර ගත්තා.
තරිඳු කොහොමද සුභ පතනවා ඔබ ලැබූ ජයග්‍රහණයට..
බොහොම ස්තුතියි ..
අපේ කථාව ඇරඹුණේ එහෙම. ඔහුගේ ස්වර ඔහු ලද ජයග්‍රහණයේ ප්‍රීතිය නොඅඩුව අපට දැනවූවා…. ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් සිප්සතර හදාරා රසායන විද්‍යා අංශයෙන් උපාධි ගෙන ආචාර්ය උපාධියට ලද ශිෂත්වයෙන් ඔහු මෙලෙස අමරිකාව බලා පියාසර කර තිබුණා.” මෙහේ ජීවිතය හොදයි. සියළු වැඩ කටයුතු තනියම කර ගන්න අවශ්‍ය නිසා කාර්ය බහුලයි.” ලංකාවේ ගෙවුණු ජීවිතයත් වත්මනේ ඔහු ලබන ජීවිතයත් කිසියම් දුරකට අභියෝගයකට ලක් කර තිබෙන බව එකී කතාවෙන් පසක් වෙනවා. කෙසේ වෙතත් මේ සුහද කතාවත් සමග අපි අවතීර්ණ වුණේ ඩ්‍රීම් වොයිස් රියලිටිය වෙතට..
“කමියුනිටි එකේ ප්‍රභාත් අයියගෙන් තමයි මම මේ තරඟය දැන ගත්තේ. පුංචි කාලේ ඉදල සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කළා. උසස් පෙළ වෙනකල්ම සංගීතය හැදෑරුවා ඒ කාලයේදී සංගීත විභාගයේ ප්‍රාරම්භ විභාගය කරන්නත් හැකි වුණා. නමුත් උසස් අධ්‍යාපනයත් එක්ක සංගීතය විෂයක් ලෙස දිගටම ගෙනියන්න බැරි වුණා. ඩ්‍රීම් වොයිස් පළමු වටයේ 80 ක් පමණ හිටියා. පසුව 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් 25 ක් තේරුවා. අවසන් තරඟයේ දී එක් තරඟ කරුවෙකුගේ නොපැමිණීම නිසා තරඟ කරුවන් හිටියේ 24යි.එතැනින් 5ක් තේරුවා…
Tharindu 1 Tharindu 2
ඔතනින්… ඔහුගේ ස්වරයත් මදක් අඩු වෙනවා. ඒ එදා හදවතට දැනුණු නොසංසුන් බව මේ කතාවත් සමග නැවත ආවර්ජනය වීම නිසා විය යුතුය..
ඉතිං කොහොමද ඩ්‍රීම් වොයිස් අත්දැකීම ඔබට දැනෙන්නේ ?
මට කියා ගන්න බැරි නිහතමානී සතුටක් අද තියෙන්නේ. මුල සිටම තරඟය  පුරාවටම සිටි තරඟ කරුවන් සියළුම දෙනා එක වගේ දක්ෂයින්. එවන් දක්‍ෂයින් අතරින් පළමු තැන ලැබීමේ ජයග්‍රහණයේ සතුට ගැන මට කියන්න වචන නැහැ.
කොහොමද පුහුණුවීම් කළේ ?
මෙහෙ ඉතිං ඉන්නේ තනියම නිසා පුහුණුවීම් තනියම කර ගත්තා.
ලංකාවේ බොහොමයක් රියලිටි ෂෝ තියෙනවා. ඒවා එක්ක බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටි ෂෝ එක වෙනස් වෙන්නේ කොහොමද ?
ඔව් මම දකින්නේ මෙහෙම, ලංකාවේ බහුතර රියලිටි වැඩසටහන් වට කිහිපයක් යනකොට තරඟ කරුවන් භාර දෙනවා ජනතාවට.එතකොට දක්ෂයින් හැලෙන්න පුළුවන්.  ඩ්‍රීම් වොයිස් මුල ඉදලා අවසානය වෙනකල්ම විනිශ්චය කළේ ප්‍රවීණ විනිශ්ච මණ්ඩලයකින්. ඒ නිසා මම හිතනවා ඩ්‍රීම් වොයිස් නියම දක්ෂයින්ට නිසි තැනක් ලබා දුන්නා කියලා.
ඩ්‍රීම් වොයිස් තරුවේ කිරුළ පැලදීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
ෆේස්බුක් හරහා සජීවීව ප්‍රචාරය වීමත් එක්ක මගේ දෙමව්පියන්ට ලංකාවේ ඉදං නැරඹීමේ හැකියාව ලැබුණා. ඒ වගේම යාළුවන් ගොඩක් නරඹලා තිබුණා. දිනලා එනකොට එයාර් පොර්ට් එකේදී ඔවුන් විසින් මට විශේෂ පිළිගැනීමක් සුදානම් කරලත් තිබුණා. මේ ආදරේට මම ආදරෙයි.
බොස්ටන් ලංකා මේ ලබා දුන් අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?
මෙහෙ තනිවෙලා ගෙවන කාර්ය බහුල ජිවිතයට මේ අත්දැකීම එක්ක ලද අවස්ථාව හරිම වෙනසක් වින්දනීය මගකට ඉඩක් ලබා දුන්නා. ඒ වගේම මගේ ජිවිතයට මේ හරහා තවත් වටිනාකමක් එකතු වුණා. මේ අවස්ථාව ලබා දුන් සියළු දෙනාට, බොස්ටන් ලංකාහි වගේම විනිශ්ච මණ්ඩලයට ස්තුතියත් ජයග්‍රහණය කළ සෙසු තරඟ කරුවන්ටත් මම සුභ පතනවා.
13
ඉදිරි බලාපොරොත්තු මොනවද ?
බොස්ටන් හරහා මගේ නිර්මාණයක් කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව නව වසරේදී මගේම නිර්මාණයක් එළි දැක්වීමත්  එක්ක අධ්‍යාපන කටයුතු අවසන් කරලා මගේ රටට සේවයක් කරන්න යන්න හිතාගෙන ඉන්නේ
තව බොහෝ දේ කතා කරන්න ඉඩක් තිබ්බත් මේ වන විට මේ සටහන නිමා කළ යුතුව තිබූ නිසා අපේ සංවාදය එතැනින් නිමා වුණා. තරිඳු නිමන්තක කරුණාරත්න නමින් ඔහු ෆේස්බුක් පරිශීලනය කරන්නෙක්. ඔබට ඒ හරහා ඔහුව සම්බන්ද කර ගන්න පුළුවන්. බොස්ටන් සුවහසක් විදේශීය ශ්‍රී ලංකික ප්‍රජාවට ලබා දුන් නවමු වින්දනීය සජීවී සප්තප් ස්වර වැයුම එලෙස අවසන් වුවත් තවත් මෙවන් දක්ෂයින් බිහි කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත්  ඒ ගැන ඔබට මෙලෙස කියන්න අපි බලාපොරොත්තු වෙනවා

By AW

25
Tharindu 3 winner

2015 ජනාධිපතිවරණය

එවන විට ජනාධිපතිවරනයක් පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොවුයේ තව වසර දෙකක් ඒ සදහා තිබීම නිසාය. මාක්ස්වාදී අදහස් අය එයට විරුද්ධ වෙද්දී ජෝතිෂ්‍ය කරුණු මත පදනම්ව 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැවැත්විය. එවිට සුදුවෑන් සස්කෘතිය, අතුරුදහන්වීම් ඝාතන සිවිල් ප්‍රජාව සොබිත හිමියන්ට අනුබල දෙමින් මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ වියාපාරය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවුණා යයි කියමින් බොහෝ දේ ඉස්මතු කළේය.
මේ අතර තිරයෙන් පිටුපස සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මිය මෛත්‍රිපාල සිරිසේන මහතා රජයෙන් ඉවතට ගෙන පොදු අපේක්ෂකයා බවට පත් කරන්නට විශාල කාර්ය භාරයක් ඉටු කළේය.
කෙසේහෝ රාජපක්ෂලාගේ උකුසු ඇසින් බේරී රහසිගතව ඔවුන් ගෙන ගිය මෙහෙයුම කරළියට පැමිණියේ 2014 නොවැම්බර් 14 වනදාය. එදින මෛත්‍රිපාල මහතා සෞක්‍ය අමත්යක්ෂයේ සේවා පත්වීම් 100ක් ලිපි ප්‍රදානය උත්සවයට සහභාගී වී සිය අවසන් රාජකාරිය අවසන් කළේය. එදින මාධ්‍යවේදීන් එවිට පැතිරී තිබු කටකතා ගැන ඇසු සැටි මතකය. එවිට ඔහු ඒවායින් විහිළුවෙන් බේරී ගිය හැටිද අපට හොදින් මතකය.
කොළඹ නගරශාලාවේදී පොදු අපේක්ෂකයා සම්බන්දයෙන් වූ රැස්වීම ට චන්දිකා කුමාරතංග, රතන හිමි , දුමින්ද දිසානායක , තලතා අතුකොරල, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ප්‍රබලයින් සහභාවී වී සිටියේය. අප්පමාදෝ අමතපදන් පමාදෝ  මච්චුනෝ පදං යනුවෙන් පටන් ගෙන ශ්‍රීලනිපයේ 47ක කල සේවාව ගැන සිදුකළ හැගීම් බර කතාව ද මතක් කළ යුතුය. පසුදින නොවැම්බර් 24 දළදා මාලිගාවෙන් පොදු අපේක්ෂකයා ලෙස ආශීර්වාද ලබා ගෙන දෙසැම්බර් 4වනදා නාම යෝජනා භාර දුන්නේය. තවත් කිහිප දෙනෙක් නාම යෝජානා දුන්නත් මෛත්‍රී මහින්ද අතර ප්‍රබල ජන්ද සටන පැවතිනි. 2015 ජනවාරි 8 වෙනසක් අපේක්ෂාවෙන් හැට ලක්ෂයක් වූ ජනතාව සිය ජන්දය ප්‍රකාශ කළේ ජන වරම මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දෙමිණි.
මැතිවරණ ප්‍රථිපල හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම කෙරෙහි ප්‍රමුඛත්වයක් දී තිබුනි. යහපාලනය, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්, දූෂණයට එරෙහිව කරන අරගලය, ජීවන වියදම, රැකියා අවස්ථා, සෞඛ්‍ය සේවාවන් හා අධ්‍යාපන පහසුකම් සඳහා වඩා හොඳ ප්‍රවේශයන් ලබා දීම වැනි වෙනත් බොහෝ කරුණු ද මෙම මැතිවරණ ව්‍යාපාරයේදී අවධාරනය කරන ලදී. සංඛ්‍යාලේඛණ අනුව මැතිවරණ ප්‍රතිඵල බෙදා දැක්වීමෙන් පෙන්වා දෙනු ලබන්නේ මෛත්‍රීපාල සිරිසේනට ලැබී ඇති ඡන්දවලින් සියයට 84 ක්ම රටේ උතුරු නැගෙනහිරට අයත් නොවන ප්‍රදේශවලින් ලැබී තිබෙන බවයි.
රාජපක්ෂ රෙජිමයත්, එහි පන්දම් කරුවෝත් මුළු රට ම ආවරණය කරන පරිදි ඒක සංස්කෘතික වූත්, ජාතිකවාදී සහ ජාතිවාදී වූත් ප්‍රචාරයන් මත පදනම් කර ගත් දැවැන්ත රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රචාරණයක් ගෙන ගිය හ. මෙමගින් වඩා ජාතිවාදී ලෙස සිතන සිංහලයන් රාජපක්ෂට ඡන්දය දෙන්නට ද, දෙමළ ජනයා වැඩියෙන් විපක්‍ෂයේ පොදු අපේක්ෂකයාට ඡන්දය දෙන්නට ද පොළඹවා ලන්නට ඇත. සමහර බෙදුම්වාදී හා ජාතිවාදී කණ්ඩායම් සහ ඇතැම් රුඩිකල් වාදී කණ්ඩායම් මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි බව අපි දනිමු. එසේ කිරීම ඔවුන්ට ඇති ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කිරීමක් වූවත් එසේ කිරීමෙන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් විසින්ම ඵලදායක ලෙස අහිමි කොට ගෙන ඇත. ඡන්ද දායකයන්ගෙන් සියයට 20ක් පමණ ඡන්දය නොදී සිටීම සදහා පොළඹවන්නට තමන්ට හැකි වූ බව ඔවුන් ප්‍රකාශ කර සිටින්නට පුළුවන.
මේ ජනාධිපතිවරණය ගණන් කැරෙමින් ගෙවෙන සමයකි. එදා මිට අමතරව තවත් දේ සිදුවිය. අද සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ප්‍රබල සටන සිදු වෙමින් තිබේ. ජනතාවගේ තීරණය තව නොබෝ වෙලාවකින් ප්‍රකාශ කල හැකිය

ජනාධිපතිවරණය 2015

සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජනාධිපති අපේක්ෂකයා

ලබා ගත් ඡන්ද සංඛ්‍යාව

ඡන්ද ප්‍රතිශතය

මෛත්‍රීපාල සිරිසේන  6217162  51.28%
මහින්ද රාජපක්ෂ  5768090  47.58%

වලංගු ඡන්ද සංඛ්‍යාව

 12123452  98.85%

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව

 140925  1.15%

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව

 12264377  81.52%

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව

ජන්ද නිලධාරීන් 51ක් ජාතික රෝහලට

කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 දෙනෙක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 04 දෙනෙකු ද සිටියි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ උදෑසන ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් මෙම පිරිස රෝහලට ගෙනා බවයි. මේ වන විට එම සියලු නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසික වාට්ටු වෙත යොමු කර තිබෙන බවයි.

ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 80% ඉක්මවයි

මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට අසූව ඉක්මවා තිබීම විශේෂත්වයක්. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 92,096 ක් වෙමින් ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී.
කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දහසය ලක්ෂ හැත්තෑදහස් හාරසිය තුනක් වන අතර ඉන් සියයට 80 කට වැඩි පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුන අතර දාහත් ලක්ෂ පනස් එක්දහස් අටසිය අනූදෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටි අතර ඉන් සියයට 81 ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව නවලක්ෂ පනස් පන්දහස් හැත්තෑ නවයක් වූ අතර ඒ අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80ක් .
අටලක්ෂ පනස්අටදහස් හත්සිය හතලිස් නවයක් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් අතරින් සියයට 80කට වැඩි පිරිසක් ද මාතර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව හයලක්ෂ පනස්දෙදහස් හාරසිය දාහතක් වූ අතර ඔවුන්ගෙන් සියයට 80 ඉක්මවා ද හාරලක්ෂ අසූපන්දහස් හත්සිය අසූහයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80කි ද මහනුවර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් එකළොස්ලක්ෂ එකොළොස්දහස් අටසිය හැටක් අතරින් සියයට 80 ක් ඡන්දය භාවිත කර තිබුණා.
හාරලක්ෂ එක්දහස් හාරසිය අනූහයක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් සියයට 80 ඉක්මවා තිබූ අතර
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව පන්ලක්ෂ හැටනවදහස් විසිඅටක් වූ අතර ඉන් ඡන්දය භාවිත කළ ප්‍රතිශතය සියයට 80ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හයලක්ෂ පනස්හත්දහස් හත්සිය හැටහයක් අතරින් සියයට 80 ක් ද මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හැටහයදහස් පන්සිය විසිහතරක් වූ අතර ඉන් සියයට 84 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ අටලක්ෂ හැටහතර දහස් නවසිය හැත්තෑ අටක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 84 ක් ඡන්දය භාවිත කර තිබුණා.
හයලක්ෂ හැත්තෑහයදහස් හාරසිය හතළිහක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 79.5 ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දහතුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය පහක් වූ අතර ඉන් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා තිබීම විශේෂත්වයක්. පුත්තලම දිස්ත්‍රික්කයේ පන්ලක්ෂ අනූනවදහස් හතලිස් දෙකක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 75 ක ප්‍රතිශතයක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හයලක්ෂ අසූදෙදහස් හාරසිය පනහක් අතරින් සියයට 80ක් ද
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ විසිහයදහස් හාරසිය හතළිස් තුනක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 80 ක ප්‍රතිශතයක් වාර්තා වුණා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ අනූඅටදහස් තුන්සිය එකක් වූ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 77ද අම්පාර හෙවත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පන්ලක්ෂ තුන්දහස් හත්සිය අනූ දෙනෙකු අතරින් සියයට 80 ක්ද
දෙලක්ෂ අසූඑක්දහස් එකසිය දාහතරක් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් සියයට  83 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කළා. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ යාපනය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හාරලක්ෂ හැත්තපන්හදස් එකසිය හැත්ත හය අතරින් සියයට 66 ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර
යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සුදුසුකම් ලබා සිටි අසු නවදහස් පන්සිය තිස්අට අතුරින් සියයට 73 ක් සිය ද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට අයත් වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක 03හි මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූදෙදහස් එකසිය දහනවයක් ලෙස ප්‍රකාශිත ජන්ද සටහන සලකුණු වෙනවා. ඒ අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 74.3ක් .
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සමස්ථයක් ලෙස සාමකාමීව තිබූ බව මැතිවරන නිරීක්ෂකයින් පවසනවා

ජනාධිපතිවරණය වෙනුවෙන් කාර්යයන් අවසන් කිරීමෙන් පසු මැකෝ ඉල්ලා අස්වෙයි

මෙවර ජනාධිපතිවරණයේදී ආගමික නායකයන් සිදුකරනු ලැබූ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්, ආගම දේශපාලනයෙන් ඈත් කර තබන්නැයි තමන් සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් හෙට දිනයේදී ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් දේශප්‍රිය මහතා පවසනවා.
එමෙන්ම මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් සිදුකළ යුතු කාර්යයන් අවසන් කිරීමෙන් පසු, තම ඉල්ලා අස්වීම භාරදීමට කටයුතු කරන බවයි
රජයේ මාණ්ඩලික නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.