බැදුම්කර වාර්තා කෝප් කමිටුව දුන්නේ නැත්ද ?

මේ වන විට පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කොට ඇති අතර නව සැසිවාරය ලබන ජනවාරි මාසයේ මුල ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ. 03 වෙනිදා කෝප් කමිටුවක් කැඳවා එහිදී කෝප් සාමාජිකයින්ට ලබාදීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් තීරණය කරලා. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකළ හැකිව තිබූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් තවත් මාස ගණනකට හෝ වසර ගණනකට යටපත් වීම සිදුවූ බව බොහෝ දෙනාගේ මතය වෙලා
කෙසේ වෙතත් සිද්ධිය මෙසේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ නොවැම්බර් 11 දින මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත වෝහාරික වාර්තාවට අදාළ නීතිපතිවරයාගේ නිර්දේශ සහිත ලිපියක් එවා ඇති අතර නොවැම්බර් 27 වැනි දින වෝහාරික විගණනයට අදාළ වාර්තා 05ක් කෝප් කමිටු කාර්යාලයට එවා තිබෙනවා. එම වාර්තා 05 තුළ 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කරුණු ගණනාවක් ඇතුළත් බවත් නීතිපති නිර්දේශය වන්නේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට පමණක් මෙම වාර්තා පරිශීලනය හැකි බවත් අධිකරණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය රහස් තොරතුරු එම වාර්තා තුළ අඩංගු බවත් මහ බැංකු අධිපතිවරයාගේ ආවරණ ලිපියේ සඳහන් කොට තිබිලා. මේ හේතුවෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයාට උපදෙස් දී තිබුණේ එම වාර්තා සේප්පුවේ බහා තබන ලෙසත් පාර්ලිමේන්තුවේ ඊළඟ සභා වාර දිනය එනම් දෙසැ.03වැනිදා පෙරවරුවේ කෝප් සභාව කැඳවීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස.
එසේ තිබියෙදී දෙවැනිදා වන විට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනය අත්සන් කරන බවට ප‍්‍රවෘත්තියක් පළ විය. මේ අතර කෝප් සභාපතිවරයා කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වැනි මන්ත‍්‍රීවරුන්ට කතා කොට සැසිවාරය අවසන් කිරීම පිළිබඳව විමසූ අතර අවම වශයෙන් 03වැනිදා මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ හැකිද යන්න විමසන ලෙස කියාලා කියලයි සදහන් වන්නේ. කෙසේ වෙතත් දෙසැ.02 දින මධ්‍යම රාත‍්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කෙරුනා .  පසුදින එනම් 03වැනිදා කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති කෝප් ලේකම්වරයා හමුවුනා. ”දැන් මේ වාර්තා අපි කාටවත් විවෘත කරන්න බැහැ. මම හිතුවේ 03වෙනිදා කෝප් කමිටුව කැඳවලා සාමාජිකයින් ඉදිරියේ මේ වාර්තා විවෘත කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාන්න. ඒ නිසා මමවත් විවෘත කළේ නැහැ. ඒ තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සාමාජිකයින්. නමුත් දැන් කෝප් කමිටුව අහෝසිවෙලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පත්වෙන කෝප් කමිටුවෙන් තමයි මේ ගැන ඉදිරි කටයුතු සිදුවෙන්නේ. ඒ වෙනකල් වාර්තා සේප්පුවේ දාලා තියන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති පවසලා.
සමහර මාධ්‍යයත් වාර්තා කළා ඒ වගේම මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කිව්වා මේ වාර්තා කලින් ලැබිලා ඉදිරිපත් කළේ නැහැ කියලා.” යනුවෙන්  විමසුවාම, ”ඒක පට්ටපල් බොරුවක්. සමහර ඞීල් වහගන්න කියන කතා මේවා. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ බැඳුම්කර වංචාවයි. ඒකේ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ විගණන වාර්තා එළිදැක්වුවා නම් ජනතාවට ඒ ගැන ඇත්ත දැන ගන්න පුළුවන්. දැන් ඉතිං ඒ අවස්ථාව ජනතාවට අහිමි වුණා. ආයේ කෝප් කමිටුවක් පත්වෙලා න්‍යායපත‍්‍ර හදලා මේ ගැන තීරණ ගන්නකොට මහ මැතිවරණයත් ඒවි.” සුනිල් හඳුන්නෙත්ති පැවසුවා

Sri Lanka close out SAG with 40 gold medals

Sri Lanka added another gold, two silvers and four bronze medals to their tally and finished third overall in the final medal count as the 13th South Asian Games (SAG) came to an end at the Dasarath Stadium in Kathmandu.   Pugilist Rumesh Sandakelum defeated Nepal’s Ganesh Pradhan in the Men’s Light Heavyweight 81kg class to give Sri Lanka’s 40th gold medal on the final day of the SAG.   This took Sri Lanka’s final medal haul to 250 inclusive of 83 silver and 127 bronze medals.

SAG

In the semi-final, Nepal’s Pradhan became the first boxer in the whole competition to beat an Indian rival but Sandakelum’s entry to the final became the talk of the town when he knocked down Pakistan’s AIBA World Boxing Championship pugilist Uvaiz Ali Khan comfortably.   This surprise blow to the much favoured Pakistani boxer made the Sri Lankan finalist the favourite to win the gold medal in the the Men’s Light Heavyweight 81kg class. Today Sandakelum had very little work to do to realize his dream of a gold medal, when he continued his winning streak to culminate with a gold against the Nepali boxer.

In the Women’s Featherweight 57kg class, Sri Lanka’s Ayoma Dulanji had to settle for silver medal after losing to India’s Sonia Lather. The bronze medals were added by the losing semi-finalists Buwaneka Eranda (Men’s Super Heavyweight +91kg), Nilmini Athauda (Women’s Flyweight 51kg), Lasindu Eranda (Men’s Flyweight 52kg) and Nissanka Jeevantha (Men’s Lightweight 60kg).

Sri Lanka had to settle in with a yet another silver medal in Men’s Basketball after India comprehensively beat them 101-62 to win the gold medal at the Covered Hall in Tripureshwor today. The Lankan cagers will now return home with a tally of two silver medals – from today’s Men’s game and the Women’s 3×3 and a bronze medal in the Men’s 3×3.

Today was not Sri Lanka’s day as the Indians proved to be highly dominant against the Lankan cagers.   The first quarter was a closely battled one though India led it 26-14. India further expanded the deficit of 12 points as the game progressed. The second and third quarters ended at 51-24 and 79-35 after India added 25 and 28 points to their tally while Sri Lanka managed to secure 10 and 11 points respectively.

However India were totally outdone by the Lankans in the fourth and final quarter. The sudden strike perhaps came in too late for the Lankans, who totally outwitted the Indians and added 27 points to culminate with a total of 62 points. Despite holding India to 22 points in the final quarter, they were well ahead ending with 101 points and a lead of 39, to claim the gold medal.

Sri Lanka’s P. Charith and Indian skipper Bhri Gubanshi top scored for their respective teams with 17 points each in the game. P. Udayanga (11), C. Kusal (10) and C. Joseph (10) made worthy contributions while skipper U. Praneeth was outstanding as an offensive player for Sri Lanka. For India Amritpal Singh and A. Annadurai scored 15 points each while Hafiz Bek and PrasannaSivakumar made 13 points each.

Following the completion of all sports activities, the closing ceremony of the 13th South Asian Games was held at the Dasarath Stadium in front of a packed crowd. The event was filled with Nepali cultural items and the remaining sports teams’ representatives of each participating country, which took place for almost three hours.   At the end of closing ceremony the Deputy Prime Minister of Nepal, IshworPokharei is scheduled to hand over the International Olympic Flag to a representative from the next hosting country of the South Asian Games.

Four dengue-hit athletes still in hospital

Out of the 14 Sri Lankan athletes hospitalized in Nepal for dengue, only four remain yet to be discharged. The athletes who are still under observation are Amasha de Silva, M.U. Kumara and S.P. JanakaBandula and a kabaddi player. Sprinter Nadeesha Ramanayake, who was one of the first to be hospitalized here in Kathmandu, was discharged after her platelet count improved on Friday evening, but was readmitted after experiencing fever a day later. Ramanayake’s condition was constantly observed by Dr. Lal Ekanayake, the Team Doctor of the Sri Lanka contingent. After her conditions improved and was proven fit, Ramanayake was discharged on Tuesday night.

Women’s footballer Gayathri Nanayakkara, whose condition was critical earlier was discharged after her platelet count improved. She was earlier treated in the Intensive Care Unit (ICU). A total of 10 athletes have been discharged from the Blue Cross Hospital in Kathmandu, located few metres away from the main venue, the Dasarath Stadium and the Vayodha Hospital, few miles away.Six of them were sent back to join their respective teams by Monday night. Out of the four athletes remaining in hospital, three are being treated in the normal wards while the kabaddi player is currently treated in the ICU.

According to the observations made by Dr.Ekanayake, the dengue fever was initially generated from Colombo, not Nepal. He said that the Sugathadasa Sports Hotel could have been the originating place of dengue as a total of five athletes were detected with the fever when they were housed prior to the SAG.

“I advised the authorities to properly clean the place and treat it medically before putting in athletes, as the Sugathadasa Sports Hotel was kept shut for a long period. But no measures were taken before putting in athletes there. If it was the cause, we failed to nip it by the bud, and our athletes are suffering for our own shortcomings”.

The news of Sri Lankan athletes being hospitalized with dengue became a big news in the Nepali print and electronic media. After the news reached Colombo, the incumbent Minister of Sport, Dallas Alahapperuma had made a personal visit to the Sugathadasa Sports Hotel and pledged that he would act promptly to rectify matters and promised stern action those who ignored pleas madeby experts.

SAG journalists protest against local cops

Hundred of journalists who had visited Kathmandu, Nepal to cover the 13th South Asian Games staged a silent protest against the Nepali Police, for assaulting a local photo journalist.   According to a Nepal journalist, who organized the protest prior to the closing ceremony, the photo journalist was deliberately manhandled by the police officials, when he was capturing a scuffle where spectators were engaged in a brawl to buy tickets for the Men’s football final match between Nepal and Bhutan.

“While baton-charging the unruly spectators on the road, the police officers dragged the photo journalist inside the stadium premises and assaulted him severely until he bled. He had shown his official identification cards and documents, but they never bothered about any of those. His camera equipment was also slightly damaged,” the local senior sports journalist stated.   The photo journalist is currently being treated in a local Kathmandu hospital.

Conservative Party win in UK – Nationalism over liberalism?

Sri Lanka says the win by UK Prime Minister Boris Johnson and the Conservative Party at the UK elections, reflects the global trend of pro-nationalist Governments.
President Gotabaya Rajapaksa congratulated Johnson and the Conservative Party on their landslide win at the General Elections.
“Their victory reflects the global trend of pro-nationalist governments. I wish the new Prime Minister, the Government and the people of United Kingdom the very best,” the President said.
Opposition United National Party (UNP) Parliamentarian Harin Fernando said that the USA UK, India even Sri Lanka have proved its nationalism over liberalism.
“Conservatives have a sweeping victory. Congratulations to my Conservative friends. The message is clear. USA UK India even Sri Lanka have proved its nationalism over liberalism. The cycle continues,” he tweeted

මාධ්‍යට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක්

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා
ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරමරටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, දේශපාලනඥයන්ගේ සහ රාජ්ය  නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වෙන බවත් ජනාධිපතිවරයා පැවසුවා
එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බව ද ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වෙන බවත් පවසා ඇති ජනාධිපතිවරයා, එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව ද පෙන්වා දුන්නා
පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටි ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළා
එම සිදුවීම් නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බව පෙන්වා දුන් ජනපතිවරයා, නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කළා
එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා
කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ  දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කලේ වීද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක් වෙමින්

යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර සහන සැපයීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතවෙයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මහජන ජීවිත සහ දේපළවලට සිදුවන ආපදා සහ අලාභ පිළිබඳව අනතුරු අඟවමින් දිවයිනේ පළාත් කිහිපයකම මුදාගැනීමේ, අළුත්වැඩියා කිරීමේ සහ සහන සේවා සැපයිමේ මෙහෙයුම්වල යුද්ධ හමුදා භටපිරිස් මුලතිව්, කිලිනොච්චි, මධ්‍යම සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයන්හි අඛණ්ඩව නිරත වෙමින් සිටිනවා.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින සන්ධ්‍යාවේ බණ්ඩාරවෙල, ඔබ්බඩ ඇල්ල ප්‍රදේශයෙහි නායයෑමට ලක්ව දුම්රිය ගමන් මාර්ගය මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සමත්වුණා.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හදිසි ආපදා අවස්ථාවට සිය දායකත්වය ලබා දී තිබෙනවා.
මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් දෙසැම්බර් මස 5 සහ 6 දිනයන්හි නායයෑමට ලක්වූ පස්සර සහ ස්ප්‍රිංවැලිවත්ත ප්‍රදේශයේ මෙන්ම 6 වන සැතපුම් කණුව අසල මාර්ගවල ගමනාගමනය ඇණහිට තිබු බැවින් 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භටපිරිස් පස් ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වන අයුරුත් දැක ගැනීමට හැකි වුණා.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් කඩිනමින් එම පස් සහ ගල් ඉවත් කර මාර්ගය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. ඒවගේම, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (6) දින ඒ 35 මාර්ගයේ වල්ලිපූරාම් කෝවිල වෙත කඩිනමින් ගොස් අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් හානියට පත් පාලමේ බිම් පෙදෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනවිරත්න විසින් “ඇති වන හදිසි ආපදා තත්ත්වයන් හිදී අවශ්‍ය සේවය සැපයීමට සූදානම්ව සිටින” ලෙස එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙත දැනුම්දෙන ලදී. තවද, 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්. කස්තුරිමුදලිගේ ගේ අධීක්‍ෂණය යටතේ 9 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් 682 සහ 683 වන බලසේනා භටපිරිස්හි සහයෝගය ඇතිව අඩි 16 x 80 ක් දිග පාලමක් ප්‍රතිසංස්කරණය කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරලීමට සමත්වෙලා.
එසේම, මරිටිමෙපට්ටු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොමලමුනේ කැළණි පාලම අවට ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවී පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 8 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව මුදාගැනීමට 593 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සමත් වූ අතර පීඩාවට පත්වූ පුද්ගලයින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කිරීමත් ප්‍රසංසනීයයි.
593 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී.ආර්. පලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ මෙම හදිසි මෙහෙයුම දියත් කළා.
මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ 222 වන බලසේනාවේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගංවතුර තර්ජනයට ලක්ව ඇති සිත්තරු සමගිපුර ප්‍රදේශයේ ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වූ අතර එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබුණා. ඒවගේම දිගටම භටපිරිස් වැලි කොට්ට අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තව දුරටත් තහවුරු කරලා
20191207_floodsfhq-cen_01 20191207_floodsfhq-cen_2220191207_floodsfhq-cen_0320191207_floodsfhq-cen_17

ඉතිහාසයේ ලක්මව දිනූ වැඩිම පදක්කම් ගණන මෙවර SAG වෙතින්

ක්‍රීඩා උළෙලේ තරඟ පැවැති 8වැනි දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තවත් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුළු පදක්කම් 201ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී මෙතෙක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා තබන්න සමත් වෙලා
Sri.Lanka_.Nepal_
මීට පෙර 2016 වසරේදී පදක්කම් 186ක් හා 2006 වසරේ දී 178ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා
ඉන්දියාව ‍රන් පදක්කම් 110ක්, රිදී පදක්කම් 69ක් හා ලෝකඩ පදක්කම් 35ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගෙන තිබෙන බවත් අපි මින් ඉහතදී සටහන් කළා
කෙසේ වෙතත් මේ වන විට රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 34ක් හා ලෝකඩ පදක්කම් 65ක් දිනාගෙන සත්කාරක නේපාලය දෙවන ස්ථානය හිමි කර ගෙන තියෙනවා
5de92e015d486_01
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම සඳහා බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතයි.
ඒ අනුව තවත් රන් පදක්කම් ලංකාවට එකතු වේවියි සැමගේම බලාපොරොත්තු වනවා. සාග් යාමට පෙර සුගතදාස ක්‍රීඩාංගනයේ නැවතී සිටීමෙන් ඩෙංගු උණ රෝගය වලදීම නිසා අසාධ්‍යව සිටින ක්‍රීඩයන්ද සහභාගී වුණානම් තවත් රන් පදක්කම් පහසුවෙන්ම ලබා ගැනීමට හැකියාව තිබුන බවද සදහන් වෙනවා. දැන් සිදුවූ දේට අවඩා පලක් නොමැත. එනිසා මින් පසුද මෙවැනි දේ නොවීමට නිලධාරීන් බලධාරීන් වගබලා ගත යුතුව ඇත

Mrs. Sri Lanka crowned Mrs. World 2020

Mrs. Sri Lanka, Caroline Jurie, has been crowned Mrs.World 2020 at the final held in the US.
Jurie becomes the second Sri Lankan to win the title after former Mrs. World Rosy Senanayake.  Senanayake won the title in 1984.
The Mrs. World 2020 Pageant was held in Las Vegas, Nevada.
Jurie was selected as the winner ahead of 1st Runner Up Ireland and 2nd Runner Up US Virgin Islands

ජිනීවා නිර්දේශයන් ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑමක් කරTNA අමෙරිකාවෙන් ඉල්ලයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග කොළඹදී පැවති හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ නායකයා  ප්‍රකාශ කර සිටියා.
මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කරුණු සාකච්ජා වී ඇත.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන් වහාම ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට අමෙරිකාවෙන් යම් බලපෑමක් කරන මෙන්ද මෙහිදී ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඇමරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය මගින් පිහිටුවා ඇති ස්වාධින කොමිෂන් සභා කිසිවක් අවලංගු කිරීමට සිය සන්ධානය සහය ලබා නොදීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඉදිරිපත් වන කිසිදු කාරණයකදී ඊට තම පක්ෂය ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරනයේදී දෙමළ පක්ෂ ගණනාවක් එම මැතිවරණය වර්ජනය කළ යුතු බව කියා සිටියදී දෙමළ ජාතික සන්ධානය හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළකර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ඔහු අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කර තිබෙනවා.
මානව හිමිකම් මණ්ඩලය විසින් රජයට යෝජනා කරණ ලද කරුණු මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ උතුරේ දෙමළ ජනතාව දැඩි නොසතුටකින් පසුවන බව ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා මෙහිදී අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කොට ඇත.
එම කාරණා ඉටුකිරීම කඩිනම් කරන ලෙසත් යලිත් එම කරුණු ඉටු කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබාදීම අනවශ්‍ය බැවින් එසේ නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට ඇත.