පී.එච්.අයි නිලධාරීන් කොරෝනා රාජකාරී වලින් ඉවත් වුනේ ඇයි ? කරුණු පහදයි

දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (17) දහවල් 12 සිට කොරෝනා පාලනයට අදාළ සියලුම රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.
කොරෝනා පාලනය සඳහා නෛතික පහසුකම් නොමැතිවීම සහ 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍යවරුන්ට බලය ලබා නොදීම,අත්තනෝමතික ලෙස දේශපාලන රැස්වීම් පැවැත්වීම,මැතිවරණයට අදාළ ගැසට්ටුව නිකුත් නොකිරීම සහ සෞඛ්‍ය ඇමතිනිය කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබාදුන්නහොත් මහජනතාවට පීඩාවක් ඇති වන බවට සෞඛ්‍ය ඇමතිනිය ප්‍රකාශයක් කරනු ලැබුවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ⁣ලේකම් එම් බාලසූරිය සඳහන් කරන්නේ කොරෝනා පාලනයේදී බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වීමේදී නෛතික පහසුකමක් නොමැති වීම විශාල ගැටළුවක් බවත් මේ වන විට ලංකාව පුරා මෙම රෝගය පැතිරෙන තත්ත්වයක් ඇති බවයි.
තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද අත්⁣තනෝමතික ලෙස මැතිවරණ රැස්වීම් පවත්වමින් ඇතැයි ද ඒ මහතා සඳහන් කරනවා.

පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයාබැලීමට අගමැතිගෙන් විද්වත් කමිටුවක්

13 සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.
මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලි වලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය වරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයාබැලීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර විසින් විශේෂඥ කමිටුවක් පත්කොට ඇත.
කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක කටයුතු කරනු ලබන අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්  ආර්, එම් රත්නායක, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී කුලතුංග සංස්කෘතික අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන අතර මෙම මස 23 වෙනිදාට පෙර එහි වාර්තාව  ලබා දීමට නියමිතය.
කුරුණෑගල නගරයේ පිහිටි මෙම හානි වූ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙය දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් රාජ සභා ශාලාව ලෙස ද විශ්වාස කරනු ලැබේ.

අඟුලාන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්

අඟුලාන පොලිසිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.
තත්ත්වය පාලනයට කඳුළුගෑස් ප්‍රහාර. – වාර්තාකරු
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මහේලට SSC ඉහළම තනතුරක්

SSC කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්වුනා.
එහිදී එම  කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද මහේල ජයවර්ධන කටයුතු කළා.
මහේල ශ‍්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකුද වනවා.

කොරෝනාවෙන් මියගිය විදෙස් ගත ලාංකිකයින්

රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කෝවිඞ්-19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ කර සිටියා. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වෛරසය වැළඳි ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයින් මිය ගොස් ඇති බවත් ඊට කාන්තාවන් දෙදෙනෙකු අයත් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා කියා සිටියේ.
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යයට කරුණු දක්වමිනි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

Governor W D Lakshman responds to President Rajapaksa

A tongue lashing given by President Gotabaya Rajapaksa over a delay in the central bank giving loans with re-finance (printed money) erupted without prior discussion, but the issue has been resolved a channel of communications established, Governor W D Lakshman said.

“This is something that had given rise to a lot of debate, accusations and counter accusations,” Governor W D Lakshman told reporters in Colombo in Sinhalese.

“The central bank as a representative agency of the government, as part of it, has to do certain thing on behalf of the government.”

The issue raised new questions over the independence of the institution which had depreciated the currency from 4.70 to 185 to the dollar since independence from British rule in the worst performance among pegged South Asian monetary authorities through money printing.

President Rajapaksa slammed the central bank in public after summoning Governor Lakshman to his office, over a delay in giving credit to Coronavirus affected companies with printed money (central bank re-finance) at time when the rupee was already under pressure and imports were controlled.

Responding to questions from reporters Governor Lakshman said there had been no prior discussion before the institution and officials were summoned for the meeting.

“If such a question had been asked it would have happened in a different way,” Governor Lakshman said.

“Later when there were problematic situations on two occasions, the problem was solved in that way. I acted and got a discussion early we have started a process to inform the Prime Minister and President.

“We have now solved this problem and are working with some agreement.”

President Rajapaksa’s brother Mahinda Rajapaksa, who is Prime Minister is also the Finance Minister.

“About this credit program, the Cabinet took certain decisions, and the central bank was informed to carry them out,” Governor Lakshman explained.

“Usually the Monetary Board meets, and decides on the most appropriate way and implements it.”

සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කරන්න

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ  ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රමුඛතම සංවිධානයක් අවධාරණය කර සිටියි.

ඒ අනුව ‘කැෆේ’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරනය කලේ, පවතින අවදානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි.

එසේ නොකළ හොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඔහුගේ අදහසයි.

අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා  පෙන්වා දෙයි.

එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ, සහ බලධාරීන් පමණක් නොව ජනාධිපති වරයා පවා එකඟතාව පළ කර තිබුනද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් දක්නට නොලැබේ.

මෙවැනි තත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ ජනහමු පැවැත්වීමේදී ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු  සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

මේ වනවිට කොරෝනා වසංගතය යලි හිස එසවීමේ අවධානමක් ද මතුව ඇති  අතර මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව  කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා අවධාරණය කරයි.