Author: uslanka
සජිත් හැර සියල්ලන් ඉවත් කළ UNP සැළසුම
By: අශන්ති වරුණසුරිය
පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරන්නේ ඊට අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවය.
සමගි ජන බලවේගයට සහය පළ කරන එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කෙරුණා. එමෙන්ම සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකුගේද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. ඊට අදාළ ලිපි ඔවුන් වෙත අද දිනයේ යොමු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කියාසිටියා.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ නම එම ලේඛණයේ නොමැති බවයි වාර්තා වෙනවා
ආර්ථිකය හැසිරුවිය හැක්කේ එජාපයට පමණයි
මෙරට ආර්ථිකයේ මුදල් පරිහරණය නැවතත් ආරම්භ කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා
රටට ඩොලර් මිලියන 7,000ක විදේශ විනිමය අහිමිව ගොස් ඇති බවත් එය යළි ලබා ගත නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළා
“අපිට පිටින් ආධාර උපකාර ගන්නට තියෙනවා. මේ ආණ්ඩුවට ඒක කරන්නට බැරිවෙලා තියෙනවා. පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් මේ ආධාර උපකාරය ගත් බව. අනෙක් රටවල් ගත්ත මේ ආධාරය ලංකාවට ලැබුණේ නැහැ. අපි තවත් දුක් විදිනවා. කවුරුත් අපිව සහතික කරන්නේ නැහැ. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැති බව“ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ පවතින ආර්ථිකය ගැන අදහස් දක්වමින්
අකිල, සජිත් සංස්කෘතික අරමුදලෙන් රු.මි.11,000ක් අවභාවිත කරලා. එජාප වංචා රැසක් එළියට
BY: අශන්ති වරුණසුරිය
2016 සිට 2019 දක්වා ඇමතිවරුන් දෙදෙනකු යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. මිලියන 11,059ක් අවභාවිතා කොට ඇති බවට හෙළි වී තියෙනවා . ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව විසින් එසේ හෙළි කර ඇති අතර මේ වන විට එම වාර්තාව අගමැතිවරයාට බාර දී අවසන්
ඊට අමතරව මීට පෙර තනතුරු නොමැතිව දේශපාලන උවමනාව මත රැකියාවලට බඳවාගන්නා ලද එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් වසරකට රු. මිලියන 7,000ක් වැය වන බව වාර්තාවේ සදහන්
අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක්. එමෙන්ම වාර්තාවේ මෙසේද සදහන් වෙනවා
– නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608 ක්
– නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්
– සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක්
– පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක්
– අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්
– විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316 ක්
– බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060 ක්
සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර තිබෙනවා .
Art in Motion with CHATHURANGA, DANUSHKA & PRASANNA
හිටපු ජනපති චන්ද්‍රිකා ඇගේ වාහන 04ක් යළි භාර දෙයි
හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ භාවිතයට ලබාදී තිබූ වාහන 12ක් අතුරෙන් 04 ක් නැවත ජනාධිපති කාර්‍යාලය වෙත භාරදී තිබෙනවා.
මේ සම්බන්ධව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ලිඛිතව දැනුවත් කර ඇත.
ඇය එහිදී ජනාධිපති ලේකම් අචාර්ය පී.බී. ජයසුන්දරට දන්වා ඇත්තේ වන විට රටේ උද්ගතවී ඇති මූල්‍ය අර්බුදය විසදීමට යම් මට්ටමකින් හෝ සහයක් ලබා දීමක් ලෙස මෙම තීරණයට එලඹි බවයි.
වාර්තා වන ආකාරයට මර්සිඩීස් බෙන්ස් රථයක්, නිසාන් පෙට්‍රල් ජිප් රථයක්, ටොයෝටා ලෑන්ඩ් කුශර් ජිප් රථයක් සහ මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් මෙලෙස හිටපු ජනාධිපතිනිය විසින් ආපසු ලබා දුන් වාහන අතර තිබේ.
With Geetha Kumarasinghe
මතිවානන්ගේ පුටුවට ජයන්ත එයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස පත් කිරිමට අද රැස්වූ විධායක කමිටු සභාව තීරණය කර තිබෙනවා.
හිටපු උප සභාපති කේ. මතිවානන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරයට මෙම පත් කිරිම සිදුකොට තිබෙනවා.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි
‘Black Lives Matter’ & Sri Lankans in USA
පක්ෂ වලින් ජන්දෙට වියදම් කල මිලියන ගණන මුදල් වල ගණන් මෙන්න
By: අශන්ති වරුණසුරිය
පාර්ලිමේන්තු මැතිවරණයට සතියක කාලයක් ඉතිරිව තිබියදී සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැඩිම වියදමක් දැරූ දේශපාලන පක්ෂය ලෙස වාර්තාවන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව බවද එම මධ්‍යස්ථානය පවසයි.
එම වාර්තාවන්ට අනුව සමගි ජන බලවේගය දැනට මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්) ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6ක්, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මිලියන 168ක් සමාජීය මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන් මිලියන 2ක් සහ වෙනත් වියදම් ලෙස මිලියන 9ක් වශයෙන් රුපියල් මිලියන 185ක සමස්ත වියදමක් දරා ඇති බව සදහන් වේ.
එය දෙවන ස්ථානයට පත් පොදුජන පෙරමුණ නිල වශයෙන් අනාවරණය කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව එම පක්ෂය මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ වෙනත් වියදම් වශයෙන් පිළිවෙළින් රුපියල් මිලියන 19ක්, 107ක්, 5ක් සහ 20ක් ලෙස මිලියන 151ක මුදලක් වැයකර ඇත.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 123ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැයකරමින් මෙම ලැයිස්තුවේ තෙවන තැනට පත්ව සිටියි.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලැයිස්තුවේ පළමු තැන සිටින පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි 302ක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 109කි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 43ක්ද ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එරෙහිව 23ක්ද වශයෙන් පැමිණිලි ලැබී ඇත.
නිලනොවන ලෙස සලකා බලන කල මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස එක් එක් අපේක්ෂකයන් පෞද්ගලික වියදම් කර ඇති ධනය මෙන් සඳහන් මුදලට වඩා අතිමහත් බවද මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩිදුරටත් ප්‍රකාශ කරයි
