ජනපති සහ ඇමරිකානු කොංග්‍රස් මන්ඩල නියෝජිතයින් අතර හමුවක්

සම්මුතිවාදී රජය ක්‍රියාත්මක කරන සංහිදියා වැඩපිළිවල, ප්‍රජා තන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සහ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ඇමරිකානු කොංගසයේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි. ඉකුත් 24 වන දා සවස ජනාධිපති නිල නිවසේ දී ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති හමුවකදී ඒ ඔවුහු ඒ බව පවසා ඇත.

එහිදී ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්ද  දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇත. එසේම මෙරට නව සංවර්ධන සැලැස්ම සදහා සහය අපේක්ෂා කරන බවද ජනපති වරයා නියෝජිත පිරිස හමුවේ පවසා සිටියේය.

රට තුළ සංහිදියාව ඇති කිරීම සදහා රජය ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද ජනපතිවරයා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබද අධීක්ෂණ සභාපති Bob Goodlatteමහතා ඇතුළු පිරිස දැනුවත් කළ අතර රටේ සියලු ජනතාවගේ ජන ජීවිත නගා සිටුවීම සිය අපේක්ෂාව බවද ජනපතිවරා එහිදී සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව සුවිශාල විදේශ ගිවිසුම් ඇති කර ගැනීමේදී ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබදවද අවධානයෙන් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හමුදා නිළධාරීන්ට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව යළි ලබා දෙන ලෙසද ඉල්ලීමක් කිරීමටද අමතක කළේ නැත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට පිරිනැමූ සේවා දිගුවට තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ අප්‍රසාදය

මාධ්‍යෙව්දියෙකුට පහර දුන්දා හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට  තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී තිබෙන අතර එම නිවේදනය පහතින් දක්වා ඇත.

හම්බන්තොට දී ජනමාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයා  තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රටම කතා කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණිවත රැක්කේය. එපමණක් නොව එම පහරදීමෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවේ නාවික හමුදාපතිවරයා සමග කටයුතු කළ ආකාරය ද මාධ්‍ය සංවිධානවල විවේචනයට බඳුන් විය.

ජනමාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරමින් අසැබි වදනින් ඔහුට තර්ජනය කරමින් පහර දුන් නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ඇති වගකීමයි. එම වගකීම පැහැර හැරි ජනාධිපතිවරයා ජනමාධ්‍ය සමාජයෙක් එල්ල වූ විරෝධයද නොතකා ඔහුට යළි සේවා දිගුවක් ලබා දීම දැඩි පිළිකුළෙන් හෙළා දකිමු. මෙම පිළිවෙත් කිසි ලෙසකින් යහපාලන මූලධර්මවලට අනුගත වන්නේ නැත.

නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන්  අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ආයතන සංග්‍රහය අනුව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි රජයට බල කර සිටිමු.

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය-

ආණ්ඩුවට එරෙහි මීළඟ ජන රැළිය මාර්තු 25 දා

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ආණ්ඩුවට  එරෙහි විරෝධතා මාලාවේ මීළඟ ජන රැළිය මාර්තු මස 25 දා ගාල්ලේදී පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙම ජන රැළිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳව රජයේ පාර්ශවයෙන් ප්‍රමාදයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මන්නාරමේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

නීතිඥ සංගමයේ නිලවරණය මාර්තු 15 දිනට නියම වෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණයමාර්තු 15 වන දින  පැවැත්වීමට දින නියම කර ඇති බව එම සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා පවසයි.

නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා (25) දා පෙරවරුවේ විධායක සභාව රැස්වීමට සංගමය විසින් පියවර ගන්නා ලදී.

සභාපති ධූරය සදහා වන නිලවරණය ඉකුත් 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද විනිසුරුවරුන්ගේ සංගමය තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීම හේතුවෙන් නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට තීරණය විය.

ඒ අනුව විනිසුරුවරුන්ගේ සංගමය නොමැතිව එම කටයුතු පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අද (25) දිනයේදී විධායක සභාව රැස්වී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

මේ අතර සභාපති ධූරය සඳහා යූ.ආර්. ද  සිල්වා , අනුර මැද්දේගොඩ, ආර්.සංඝරාජා යන නීතීඥවරු තරග වදින බවනීතීඥ සංගමයේ වත්මන් සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ  දිසා විනිසුරුවරුන්ය.

කෙසේවෙතත්  පසුගියදා මඩකළපුව දිස්ත්‍රික්කයේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

සයිටම් එකටවත් නෙවිල් ප්‍රනාන්දු මහත්තයටවත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැ:අ. වි.වි.ශි.බ.ම

සයිටම් ආයතනය රැක ගැනීම සදහා කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය පවසා සිටියි. එහි කැදවුම්කරු ලහිරු වීරසේකර විසින් 24 වන දා සවස පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියේය.

“ඉස්සරහට වෙන්න නියමිත කුමන්ත්‍රණය මෙන්න මේක. ඒ තමයි ලබන සදුදා මාලඹේ සයිටම් ආයතනය මගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට නියමිතයි.

ඒකෙදි අපිට රුසියාවෙ උපාධිය ලබා දෙන්න කියලා තමයි උද්ඝෝෂණය කරන්නෙ.ඒ උද්ගෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස සයිටම් එකට පළවෙනියට සහ දෙවනියට බදව ගත්ත කණ්ඩායම්වලට රුසියාවෙ විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න අවස්ථාව දෙනවා අවුරුද්දක්.

ඊට පස්සෙ එයාලට ලංකාවට ඇවිත් වැඩ කරන්න ප්‍රළුවන් තත්ත්වෙ හදලා දෙනවා. ඊළගට එන අයට ඒ රුසියානු සරසවියෙම ශාඛාවක් ලෙස මාලඹේ සයිටම් ආයතනය පවත්වාගෙන යමින් ඔවුන්ගේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාව දෙනවා.

දැන් මේ අනුව සයිටම් වහන්නෙ නෑ. නෙවිල් ප්‍රනාන්දු මහත්තයට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. වෙන්නෙ එක්කො ඉස්සරහට රුසියාවෙ අදාල සරසවියෙ ශාඛාවක් ලෙස මාලඹේ සයිටම් හි නම වෙනස් වෙන එක විතරයි.

අපි මේ ආණ්ඩුවට කියනවා වෙන කව්රු ගොනාට ඇන්දුවත් අපිව ගොනාට අන්දන්න එන්න එපා.”

මහාචාර්්‍ය කාලෝ ෆොන්සේකා හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 23 වන දා පස්වරුවේ රෝහල්ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

මාධ්‍ය කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසා සිටියේ ඒ වන විට (24 දා)  මහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා හෘද රෝග සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා අතර වෛද්‍ය පර්යේෂණ කිහිපයකටද බදුන් කළ බවයි.

ඉකුත් දිනවල මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැනනැගි ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඔහු වෙත මාධ්‍ය සහ ඊට සම්බන්ධ විවිධ පාර්ශවයන්හි අවධානය මහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා වෙත එල්ල විය. සයිටම් හි සිසුනට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සදහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය දුන් තීන්දුවත් සමග කාලෝ ෆොන්සේකා  මහතා හට විවිධ පාර්ශව වෙතින් දැඩි බලපෑම් එල්ලවී ඇත.

උද්ඝෝෂණ හා වැඩවර්ජන හමුවේ සයිටම් ගැටළුව තවදුරටත් උත්සන්න වෙත්දී  අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් තම ස්ථාවරය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු විය. එහිදී එහි සභාපතිවරයා වන මාහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා  මහතා සිය අදහස් මාධ්‍ය වෙත පළ කරන ලද්මෙදේ ලෙසිනි.

“රෝගීන්ගේ සුභ සිද්ධිය උදෙසා ඇපැල් උසාවිය ජනවාරි 31 වන දා ලබා දුන් තීන්දුව ප්‍රත්ක්හේප කරනවා.ප්‍රමිතිය රැකගැනීමට මේ වෛද්‍ය සභාව ඇපකැප වී සිටිනවා. ඒක අගලකින්වත් අපි වෙනස් කරන්නෙ නැහැ.”

මාධ්‍ය හමුවක දී මේ පිළිබද අදහස් පළ කළ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකර දැඩි බලපෑම් එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන්නේ නම් ඉදිරියේදී වෛද්‍ය සභාවේ සියලු දෙනා අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ අභියාචනාධිකරණය හමුවට පමුණුවන බවයි.

මාහාචාර්්‍ය කාලෝ ෆොන්සේකා ට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ මහාචාර්්‍යය ලලිතා මෙන්ඩිස් මහත්මියද සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන්  සිදු කළ බලපෑම් හමුවේ  ඇති වූ දැඩි මානසික පීඩන තත්ත්වයක් හේතුවෙනි.

BASL President denies using undue influence to appoint HC judge

The President of the Bar Association of Sri Lanka (BASL), Geoffrey Alagaratnam, says that it is very unfortunate that people have misunderstood the role of the Bar Association and its president in unofficial bar appointment to make it a political issue and a communal issue.

The scheduled election of the Bar Association of Sri Lanka was postponed until further notice when the Judicial Service Association (JSA) refused to act as presiding officers at the election, due to the actions of the BASL President.
The JSA had blamed the Bar Association and its President Geoffrey Alagaratnam over the recent appointment of lawyer Mr Ramanathan Kannan from unofficial bar directly as a High Court Judge, which it claims is a violation of the constitution and judicial service tradition.   However, in an exclusive interview with Ada Derana, Mr Alagaratnam said that is a “misunderstanding of how things happen.”
He says there has never been a practice of having the appointment of members from the unofficial bar approved by the Bar Council and the Executive Committee.  “We have had several members appointed to the unofficial bar and I like to say that we have always had a tradition of persons being appointed not only from the career judiciary but also from the official bar, attorney general’s department and unofficial bar.”
“What happens usually is that the leaders of the Bar are consulted and the leaders make their own inquiries to see whether people are suited and make the recommendation for the appointing authorities to in turn make their inquiries.”  He said that this can be seen in the many unofficial bar members who were appointed to the Supreme Court such as Mark Fernando and more recently Prasanna Jayawardena. He said that even High Court judges have been appointed from the Bar.
“None of these people were appointed after the Executive Committee and Bar Council approved it and that will be an unhealthy practice if that has to go before those two bodies. Because then it will be like political campaigning.”
President’s Counsel Geoffrey Alagaratnam stated that for over one year there has been shortage of Tamil-speaking judges in the Northern and Eastern provinces and that representations have been made from the lawyers from those areas due to the delays in hearing those cases and the work piling up.
“These matters were discussed by officers of the Bar Association with officers of the Judicial Services Commission including his lordship the Chief Justice.”  He said that Mr Kannan’s application of nomination then came from the President of the Batticaloa Bar. “And as I told you Bars don’t pass resolutions. The President of the Batticaloa Bar recommended him saying he is a good candidate, why don’t you forward this person up for appointment,” he said. “Kannan was then in Batticaloa and he had over 17 years of practice as a lawyer. Then it came to me as the President and I made my own inquiries because I don’t know who Kannan is.”
 Because of this shortage of Tamil-speaking judges, the BASL President said he referred it to the Chief Justice. “I said this person is there because the Akkaraipattu person was not materializing. This was in September last year.”  He said that the Chief Justice gave it his okay to send it to President Maithripal Sirisena. “Then in December I understand His Excellency sent the papers to the Chief Justice as well as to the Attorney General. They both agreed.”
 Mr Alagaratnam pointed out that according to the constitution, the President cannot make such appointment by himself and neither can he force the President to make appointment. He said that the President has to consult the Attorney General and the Judicial Service Commission, which he did and that they both approved.  “So, all three of the appointing authorities agreed to appoint Kannan.”
 “So, this is not a situation where I did something wrong or I used undue influence to have Mr Kannan appointed,” he told Ada Derana.  He said that to confuse the Bar Association’s election with the appointment of Mr Kannan is “unfortunate” and that he thinks it’s not the way to go. “It’s very unfortunate that people have misunderstood the role of the Bar Association president and the role of the Bar Association in unofficial bar appointment to make it a political issue and a communal issue.”

පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලනවා

පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලන බවත්, ගම්පහ පළාත් පාලන මන්තී‍්‍ර සංසදයේ සභාපති ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.පවසයි.
එ් මහතා මේ බව සදහන් කලේ පසුගියදා (21 උඩුගම්පොල රේජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා ඊයේ පෙරේදා ගම්පහ මෛතී‍්‍රට කඬේ යන කීප දෙනෙක් ඇහින්දාස්ලා දාලා ප‍්‍රවෘත්ති සාජකච්ඡුාවක් පවත්වලා තියෙනවා. ඒකෙදි කිව්වලූ ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු දැන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගැලවෙනවා කියලා. ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු සීයට අනූ නමයක්ම ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි. අපි ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නායකත්වයෙනුයි කටයුතු කරන්නේ. ඔය මාධ්‍ය සාකච්ඡුා තියපු උදවියට කිසිදු ඡන්ද පදනමක් නෑ. ඔවුන්ට ගමක රැුස්වීමකට එක දහදෙනෙක් එකතු කර ගන්න බෑ. අපි අභියෝග කරනවා පුලූවන්නම් ඊලග පළාත් පාලන මැතිවරණයට මෛතී‍්‍රගේ පිලෙන් ඉදිරිපත්වෙලා ගම්පහ එක ප‍්‍රාදේශීය සභාවක් , නගර සභාවක්, දිනලා පෙන්නන්න.
වත්තල නගර සභාවේ හිටපු සභාපති මොහොමඞ් නවුසාඞ් මහතා:
රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුව මේ රටේ මුස්ලිම් ජනතාව රැුවැට්ටුවා අද මුස්ලිම් ජනතාවත් අසරණයි. ඔවුන්ගේ වෙළහෙළදාම් කටයුතු බිද වැටිලා. සු`ඵ ජාතික ඡුංදයෙන් බලයට පත් වෙච්ච ආණ්ඩුව අද කටයුතු කරන්නේ දෙමළ ඩයස් පෝරාවට  ඕනෑ විදියටයි. අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා තව දුරටත් මේ ආණ්ඩුව ගැන අද,ගො`ඵ බිහිරි පිරිසක් වගේ ඉන්නේ නැතුව මේ ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද මහත්තයලා, ප‍්‍රසන්න මහත්තයාලා වගේ අයත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම නොවුනොත් අපිට ජීවත් වෙන්ින රටක් නැතුව යනවා.
අත්තනගල්ල රාදේශීය සභාවේ හිටපු සභාපති පිරයන්ත පුෂ්ප කුමාර මහතා:
මහින්ද මහත්තයට, ප‍්‍රසන්න මහත්තයට චෝදනා කරපු මේ මාධ්‍ය හමුව කරපු එක්කෙනෙක් නිදන් හොරෙක්, අනිකාජ යකඩ පාලම් හොරෙක්, අනිත් කෙනා මිනී මරුවෙක්, මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගෙන් වරප‍්‍රශාද ගන්න තමයි මේ අය රෙදි නැතුව කඬේ යන්නේ. මේ අයගේ අවලාද මඩ ප‍්‍රචාර මේ රටේ ජනතාව ගනන් ගන්නෙ නෑ.

නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගැනීමට බය වෙන්න ඕන නැහැ:රංජිත් මද්ධුමබන්ඩාර

නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගැනීමට වත්මන් රජය යටතේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මෙහිදී නීතිය මෙන්ම විනය මනාව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තදින් අවධාරණය කළ යුතු යැයිද නීතියක් නොමැති තැනක විනයක් පවත්වාගෙන යා නොහැකී මෙන්ම විනයක් නැති රටක සංවර්ධනයක් අත්කර ගත නොහැකී යැයිද හෙතෙම කීය.

අද ( පෙබ 22දා) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මෙහෙයවන රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ ආරම්භක සැසියට  ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම රජය වියදම් කරනුයේ  ජනතාවගේ මුදල් බැවින් රජයේ නිලධාරීන් සෑම දෙනාටම මුදල් වියදම් කිරීමේදී වඩාත් විදිමත්ව , විනිවිදභාවයකින් යුක්තව සහ නාස්තිය දූෂණය අවම වන ආකාරයෙන් වියදම් කිරීමට අතිවිශාල වගකීමක් මෙන්ම වගවීමක් ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලක්ෂ 11ක වල්ලපට්ටා තොගයක් රේගුව බාරයට

රුපියල් එකොලොස් ලක්ෂයකට අාසන්න (1185250) වටිනාකමින් යුත් වල්ලපට්ටා කිලෝග්රෑම් 25.9 ක තොගයක්  සමග පුද්ගලයෙක් පෙරේදා (පෙබ 21) කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලාංකික 38 හැවිදිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම වල්ලපට්ටා තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපලේ ආරක්ෂිත පරීක්ෂාවේදී යන්ත්‍ර වලට හසු නොවන ලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම වල්ලපට්ටා තොගය අසුරා තිබූ බව රේගුව සදහන් කරයි.

සැකකරැට රැපියල් ලක්ෂයක දඩමුදලක් පනවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු මේ වන විට පවත්වනු ලබයි.