ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම මිස නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවේ

ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම මිස නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.

අද (2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ඇතැමුන් චෝදනා කරන පරිදී කිසිම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට කඩේ නොයන බවද හෙතෙම අවධාරණය කළේය. එසේම පක්ෂය ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවත් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ නව ව්‍යවස්ථාව ඇති කරනවාද නැද්ද යන්න පිළිබදව පක්ෂය තවමත් සාකච්ඡා කරන බවයි

වෙසක් දින සැමරැම නරේන්ද්‍ර මෝදී මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර වෙසක් දින සැමරැම එළඹෙන මැයි මස 12 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධශාසනසදහන් කරයි.

2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ දෙවන දින ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි.

එම රැස්වීම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාව මෙම උළෙල සංවිධානය කිරීමට මෙතෙක් ඉටු කරන ලද කාර්යය භාරය අධ්‍යනය කර, සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ පූර්ණ අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යංශය අවධාරණය කරයි.

, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය සදහන් කරයි.

ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගී වීමටද නියමිතය, වෙසක් දින උළෙල සංවිධානය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක අමාත්‍ය අනු කමිටුව හා මෙම උළෙලේ සංවිධාන කටයුතු සම්බන්ධව අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටු 10ක් ක්‍රියාත්මක වේ.

එම එම කමිටු විසින් සිදු කරන සියලු කාර්යය භාරයන් වෙන වෙනම අධීක්ෂණය කරමින් එම කමිටුවල සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව සතුටට පත් වූ බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ පැවසූහ.

සංඝරාජ හිමිවරුන්, මහා නායක හිමිවරුන්, ජත්‍යන්තර බෞද්ධ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ රාජ්‍ය නායකයින්, විදේශ ආරාධිතයන් ඇතුළු නියෝජිතයින්, නීරීක්ෂකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම උළෙලට සහභාගීවන බව මේ වන විට එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.

එසේම මේ වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්, විශේෂ දළදා පෙරහැරක් හා මහා සංස්කෘතික උළෙලක් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමටද නියමිතය. දියවන්නා වෙසක් කලාපය, බෞද්ධ අධ්‍යාත්මික වැඩසටහන්, භාවනා වැඩසටහන්, බෞද්ධ සැරසිලි, දානමය පූජාවන් ඇතුලු ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් එම කටයුතු සංවිධානය කර ඇති බව වෙසක් දින ලේකම් කාර්යාලය සදහන් කරයි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමට කලාපයේ ජලාශ වල පාවෙන විදුලි බලාගාර

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මහවැලි කලාපයේ ජලාශ වල පාවෙන විදුලි බලාගාර ඇති කිරීම සදහා තරගකාරී යෝජනා කැදවීමට   අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එහි පළමු ව්‍යාපෘතිය වශයෙන් මාදුරු ඔය ජලාශයෙන් සියයට 4ක වපසරියක් එනම් අක්කර 500ක භූමි ප්‍රමාණයක් යොදාගෙන මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.

මේ සදහා යෝජනා කැදවීමට මහවැලි හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපටිය මහතා මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඉදිරිපත් කළ  ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

‘NO SAITM’ PROTEST RALLY IN RATNAPURA

A massive protest rally against the private medical college,South Asian Institute of Technology & Medicine(SAITM) was held yesterday in Ratnapura with the participation of medical students, doctors and representatives of the GMOA, clergy and major political parties playing an active role. The protest march which commenced from the Ratnapura Provincial General Hospital concluded at Seevali Grounds in a massive rally.

SAITEM 2A

Following the ruling given by the Court of Appeal on the 31st of January that the SAITM medical degree was lawful and the students can be given registration at the Sri Lankan Medical Council (SLMC) massive protest rallies were staged all over the island. In the wake of the alleged attack on the SAITM CEO Dr. Sameera Senaratne-which was subsequently revealed to be a staged event- rallies and protest marches have intensified in an effort to abolish the establishment of Private Medical Colleges in Sri Lanka.

By: Hasitha Fernando

Photos: Hasitha Fernando

විදුලි හොරු වටලා ලැබූ ලාභය මිලියන 130ත් පන්නයි

නීති විරෝධීව විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ෂණ ඒකකය දීප ව්‍යාප්තව සිදු කරන ලද වැටලීම් වලදී පුද්ගලයන් 2617 අත්අඩංගුවට ගෙන මිලියන  එකසිය තිහකට (132.047.949.41 ) අධික ලාභයක් ලබා ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

මින් මිලියන 117කට  (117,843,449.41) අධික ප්‍රමාණයක් ලංකා විදුලි බල මණ්ඩලයේ අලාභය ලෙසත් මිලියන 14කට (14,204,500.00)අධික ප්‍රමාණයක් උසාවි දඩ වශයෙනුත් අය කර තිබේ.

2016 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2105 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 512 ක්ද අනාවරණයවී ඇති බව අමාත්‍යංශය පෙන්වා දේ.

එසේම වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112 422259ට දැනුම්දෙන්නැයි මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බවද මෙම කර්තව්‍ය ජාතික සත්කාරයක් ලෙස සලකන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි..

මේක අතීත කතාවක්…ජාතිවාදයයි ආගම්වාදයයි තියෙන්නේ වර්තමානිකයින්ගේ : ජැක්සන් කියයි

ආගම්වාදය, ජාතිවාදයල ආලෝකෝ උදපාදි නිර්මාණයේ දරුණු ලෙස ඉදිරිපත් කරණ බව භූපති කියනවා…

ජැක්සන් – ඓතිහාසික කාරණාවක් අපි විස්තර කරන්න ඔන වර්තමාන ඇසින් නොවේ. අපේ වර්තමාන විචාරකයන් හැමදෙයක්ම වර්තමානයේ උනා වගේනෙ කතාකරන්නේ. මෙහි තියෙන්නේ ලංකාවට බලපාපු චෝළ ආක්‍රමණයක් ගැන කතා ප්‍රවෘත්තියක්. ක්‍ර. පූ 2 වන සියවගේ වගේ සිදුවූ මේ සිද්ධිය වර්තමානයට අරගෙන බැලුවොත් වැරදිනේ. මාර්ටින් වික්‍රමසිංහ පවා කීවනේ අතීත කතා ප්‍රවෘත්ති වර්තමාන ඇසින් බලන්න එපා කියල.

එතකොට ආගම්වාදය හෝ ජාතිවාදය වර්තමාන ඇසින්නේ බලන්නෙ. (චිත්‍රපටයට අදාළ කතාපුවත විස්තර කරයි) එදා සිදුවීම යලි රූපයත කරල පෙන්වනකොට අදද මේ සොළී ආක්‍රමණය සිදධවෙන්නේ. අදද බුදුදහම විනාශයට යන්නෙ. අදයි යළිත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළයුතු වන්නේ යන්න වර්තමාන ඇසින් බැලීම හරිම ආධුනික ක්‍රියාවක්. 

aloko-udapadi-11-donor

ජාතිවාදය හෝ ආගම්වාදය තියෙන්නේ වර්තමානිකයින්ගේ. මේ ජාතිවාදය රෝපණය කලේ අතීතය විසින් නොවේ, වර්තමානිකයාම තමයි. ඡන්ද ගුණ්ඩු හැටියට සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන කායකයන් මේක පාවිච්චි කරල තියෙනවා. මේ හැම දෙයක්ම සිදුවුණේ 20 වන ශතවර්ශයට මෙපිට. අතීතයේ ජාතිවාදයත්, ආගම්වාදයත් තිබුනේ නැහැ. විජාතික ආක්‍රමණිකයන් විසින් අපේ රට වනසන්න ගිය බොහෝ අවස්ථාවලදී රට මුදාගන්න දේශීය වශයෙන් වීරයෙක් ගොඩනැගෙනකොට ඒක වර්තමානයත් එක්ක් ගලපල කතාකරණ එක හරිම ආධුනිකයිනේ. ඒ නිසා ඒ තර්කයට මම එකට නෑ. මේක අතීත කතාවක්…..


(උපුටාගැනීම ඕස්ට්‍ර්ලියානු සිංහල ගුව්න් විදුලියෙ සාකච්ඡාවකිනි)

පාලිත අබේලාල්

ඔබතුමගේ පුතා චතුර දැන් හරි ජනප්‍රියයි නේද?ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ තමා!

මාධ්‍යවේදියා ප්‍රශ්නය- ඇමතිතුමා ඔබතුමගේ පුතා චතුර සේනාරත්න මේ දවස් වල සමාජ මාධ්‍ය වල ගොඩක් ජනප්‍රියයි නේද?

රාජිත සේනාරත්න- එක එක මෝඩයෝ මෝඩ වැඩ කරලා එක එක මාධ්‍ය වල දානවා ඒකට මොකද කරන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමද ජනාධිපති උනේ්‍? ජනප්‍රිය වුනේ කොහොමද? ඒ වගේ තමා.

මාධ්‍යවේදියා ප්‍රශ්නය- ඒ කියන්නේ ඔබතුමාගෙත් ඒ වගේ සිහිනයක් තියනවද?

රාජිත සේනාරත්න- වෙන්න පුළුවන් අපි බලමු..

”අද අපේ ජාතික ආර්ථික දේහයෙන් ලේ ගලා හැලෙන්නේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ලේ උරා බිම නිසායි” :දිනේශ් ගුණවර්ධන

අද අපේ ජාතික ආර්ථික දේහයෙන් ලේ ගලා හැලෙන්නේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ලේ උරා බිම නිසායි” යනුවෙන් එ්කාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ ගුණවර්ධන මහතා පැවසීය.

එ් මහතා මෙසේ සදහන් කලේ  බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ 28 කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය,

“බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා එක්ක සාකච්ඡුා කළාග  එහිදී අපි කියා සිටියේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බලපත‍්‍රය අහෝසි කරන්න කියලායි. අපි ව්‍යවස්ථාවෙන් මුල්‍ය මය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියන කාරණය මහ බැංකු අධිපතිවරයාට දැණුම් දුන්නා. එ් වගේම වැය ශීර්ෂ අනුමත කිරීම සදහා මුදල් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවෙන් අවසර ගන්න සිද්ධවෙනවා. මේ ගැනත් අපි පෙන්වා දුන්නේ මුල්‍ය ක‍්‍රමය ගැන පාර්ලිමේන්තුව තියෙන බලය පෙන්වා දෙන්නයි.

අද වෙනකොට බැදුම්කර සිදුවීම නිසා මේ රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඇත්තටම මහ බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙලා තියෙනවා. එ් වගේම මහ බැංකුවේ කි‍්‍රයාමර්ග වලට පයින් ගහන තත්ත්වයකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. එ්කට හේතු වෙලා තියෙන්නේ මුදල් ඇමතිවරයා පසුගිය කාලයේදී කරපු ප‍්‍රකාශයි. මුදල් ඇමතිවරයා කිව්වා බැදුම්කර සිද්ධියට මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතුයි කියලා. ඇත්තටම මේ බේගල් නිසා මුදල් ඇමතිවරයා ගෙදර යවන්න ආණ්ඩුව පියවර ගතයුතුයි.

මුදල් ඇමති බැදුම්කර සිද්ධිය ගැන කියන්නේ පට්ට පල් බොරුවක්, මුදල් ඇමති කියන්නේ බොරුවක් කියන කාරණය සනාත කළාට පස්සේ එතුමාට කරන්න තියෙන්නේ ගෙදර යන එක විතරයි, එහෙම නැති වුනොත් ආණ්ඩුව එතුමාව ගෙදර යැවිය යුතුයි. අපි මේ නිසාම කතානායකවරයාගෙන් ඉල්ලූවා විශේෂ පාර්ලිමේනතු දිනයක් කැදවන්න කියලා. මේ අවස්ථාවේදී පක්ෂ බේදයන්ගෙන තොරව මුදල් ඇමතිවරයාගේ කි‍්‍රයාකාලාපයන්ට විරුද්ධ වියයුතුයි. මුදල් ඇමති ගෙන ආපු කැබිනට් පත‍්‍රයක් ප‍්‍රතික්ෂේප කරන්න එජපයේ ඇමතිවරුන් කි‍්‍රයා කළා. මේ සිද්ධියෙන් විශාල කරුණු කිහිපයක්ම සානාත වෙනවා.”

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා

බැදුම්කර වංචාව නිසා මේරටේ මුල්‍ය වෙළෙඳපොලේ විශාල කඩා වැටීමක් සිද්ධවෙලා තියෙනවා. එ් නිසාම විදේශ සංචිත විශාල වශයෙන් කඩා වැටුනා. අනික ශී‍්‍ර ලංකාවේ විශාල වශයෙන් මුදල් අයෝජනය කරලා තිබුන විදේශිකයින් ඔවුන්ගේ ආයෝජන අරගෙන යන්න ගිහින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්.

මේ බැදුම්කර හොරකම ලංකා ඉතිහාසයේ විශාලතම හොරකමයි. එ්ත් මේක සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට හිටපු ජනාධිපති සම්බන්ධයි කියල මුදල් ඇමති ප‍්‍රකාශයක් නිකුත් කළා එහිදී කරුණු අටක් ඇතුලත් කරලා තිබ්බා. එ්ත් මේක පට්ටපල් අසත්‍යක් කියලා අද වෙනකොට මුළු ලෝකයටම හෙළිවෙලා අවසානයි.

අපි මුදල් අමත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඔය නිලයේ ගෞරවය ආරක්ෂා කරමින් මුදල් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න කියලා. එ්වගේම මහින්ද රාජපක්ෂ මහතා මේ බැදුම්කර වංචාවට සම්බන්ධ වුනා කියල කියන එක මහ පොළොව ඔරොත්තු නොදෙන මහ පට්ට පල් බොරුවක්.

රවී කරුණානයක කිව්වා පසුගිය කාලයේදී මහ බැංකු බැදුම්කර විකිණීමට ගෙන ආණ්ඩුව අනුගමනය කරපු  ක‍්‍රමය නීත්‍යනුකූල නැහැ කියලා. එ් නිසාම මුළු ලොකයටම කියනවා නීත්‍යනුකූල නොවන ආකරයකටයි ශී‍්‍ර ලංකා රජය ණය අරගෙන තියෙන්නේ කියලා. එ් නිසා අද වෙනකොට බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන සියලූ දෙනා එම මුදල් ආපහු අරගන්න තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

මේ නිසා අපි ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ මුදල් ක‍්‍රමය ආරක්ෂා කරන්න බුද්ධ සාසන වගේ ඇමතිකමක් දීලා හරි දීලා මේ ඇමතිකමින් ඉවත් කරන්න කියලා.

එ්කාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා

විද්්‍යුත් මාධ්‍ය ආයතනයක ප‍්‍රදේශීය මාධ්‍යෙවිදියකුට මහියංගනයේ වනචාරී ප‍්‍රාදේශීය දේශපානඥයෙක් පහරදුන්නා. ඒක අශීලාචාර පහරදීමක්. මේ ආකාරයෙන්ම ප‍්‍රදේශීය මාධයෙවිදියකුට හම්බන්තොට වරායේදි ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ ගැන පරීකෂණයක් කලේ නෑ. ප‍්‍රහාරකයාට මාස හයක සේවා දිගුවක් ලැබුණා. මේ අශීලාචාර මිනිස්සු වහාම නීතය හමුවට ගෙනා යුතුයි. මාධ්‍ය ෙවිදීන්ගේ ආරක්ෂව තහවුරු කළ යුතුයි.

එමෙන්ම සයිටම් අයාතනයේ ප‍්‍රධාන විධායක නිළධාරීයාට වෙඩි තැබීම පිටුපස ප‍්‍රදේශීය දේශපාලනඥයෙක් ඉන්න බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නුමත් මේ පිටුපස ඉන්නේ පාතාලය සමඟ ගණුදෙනු කරන දේශපානඥයෙක් ඉන්නවා. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි මේ පුද්ගලායට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළයුතුයි”

 

 

රට අතැර ගිය පාතාල සාමාජිකයින්ව සමහර නායකයින් නැවතත් ආනයනය කරලා : ඩලස් අලහපෙරුම

පාතාලයේ බිහිසුනු ක්‍රියාකාරකම් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලඥයින් ඇතුළු සමස්ත මහජනතාවගේ  ජිවිතවලට තර්ජනයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට මරු කැදවමින් අධිකරණයට ගෙන යමින් සිටි සමයන් නැමැති පාතාල සාමාජිකයා ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් පාතාල සාමාජිකයින් පිරිසක් විසින් මරා දමා ඇත්තේ බිහිසුනු අයුරින් බවද ඒ මහතා පැවසීය.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ පාතාලය සහ උතුරේ ත්‍රෂ්තවාදය අවසන් කිරිමට පසුගිය රජය ක්‍රියාකළ හෙයින් පාතාල නායකයින් තොග පිටින් රට අතහැර ගිය නමුත් වත්මන් රජය බලයට පැමිණීමත් සමග රට අතැර ගිය පාතාල සාමාජිකයින්ව ආණ්ඩුවේම සමහර නායකයින් විසින් නැවතත් මෙරටට ආනයනය කර ඇතැයිද ඒ මහතා පැවසිය.

පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි තමන් ප්‍රශ්න කළ අව්ථාවේ නිතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා 2015 වසරේදී පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතන 443කුත් 2016 සැප්තැම්බර් වන විට ඝාතන 334ක්තු සිදුව ඇති බව ප්‍රකාශ කල බවත් එම ඝාතනවලින් 156ක්ම ස්වයංක්‍රීය ගිනි අවි මගින් සිදු කළ ඝාතන බව ඇමැතිවරයා පැවසූ බවත් එහිදී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් ක‍ලේය.

මේ දිනවල ‍පොලීසිය රාජපක්ෂ පවුලෙග් රත්තරන් අශ්වයෝ, අයථා වාහන භාවිතය ආදී ආණ්ඩුවේ දේශපාලන ඉලක්ක දඩයම් කිරීමේ යෙදී ඇති හෙයින් ‍පොලීසියේ රාජකාරි ඉටුනොකරන බවත් මෙම සිද්ධියට හේතු වූයේ ‍පොලිස් ආරක්ෂාව නොදීම යැයි බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරයාම චෝදනා කරන බවත් ඒ මහතා සදහන් ක‍ලේය.

‍පොලිස් නිලඇදුමින් සැරසී, ස්වයංක්‍රීය ගිනි අවි ගෙන පාතාල සාමාජිකයින් පැමිණ මේ ආකාරයෙන් ඝාතනය කිරීම් නිසා හිටපු ජනාධාපති මහිනද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාත් අනාරක්ෂිත තතත්වයකට පත්ව ඇතැයිද ඒ මහතා පැවසීය.

සමයන්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගැටුමකට පමණක් මේ සිද්ධිය ලඝු නොකොට පාතාලයේ හිස එසවීම හේතුවෙන් සමස්ත පුරවැසියාම පාතාල ක්‍රියාකාරකම් වැඩිවිම හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (28) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවේදීය.

සුදු නිල ඇඳුම් හොඳ නෑ.. පාසැල් සිසුන්ට පළාත් අනුව පාට පාට නිල ඇඳුම්.. ගුරුවරියන්ටත් සාරි වෙනුවට වෙනත් ඇඳුම් – අධ්‍යාපන ඇමති

එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මලියදේව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයට ඇදුම් සකස් විය යුතු බවයි.

පාසල් සිසු සිසුවියන් සිය සුදු පැහැති නිල ඇඳුම් කිලිටි නොකර සිටීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නා ආකාරය තමා නිරන්තරයෙන් දැක ඇති බවයි ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ. පාසල් සිසු සිසුවියන් මෙතරම් අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබිය යුතු නැති බව ඔහුගේ අදහසයි.

ඇතැම් ගුරුවරියන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී පවා ඉතා අපහසුතාවයෙන් සාරිවලින් සැරසී පාසලට එන බවද පැවසූ අමාත්‍යවරයා ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද  වැඩිදුරටත් පවසා ඇත.