ලංකාවට තුන පහ අවන් හලක්!

ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සුන්දර වෝටර්ස් ඒජ් හෝටලය දේශීය සාම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය හා දේශීය දේ නව ලොවට ගෙන යන අටවැනි ආපනශාලාව ලෙස තුනපහ ශ‍්‍රී ලංකන් අවහන්හල 08 වන දින දෙස් විදෙස් ජනතාවට නවමු අත්දැකීමක් සමග විවෘත වේ.

මෙම තුනපහ ශ‍්‍රී ලංකන් අවහන්ල විවෘත කිරීම ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2017 මාර්තු 08 වන දින පෙ.ව. 7.00 ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ‍්‍රයේදී සිදු කිරීමට නියමිතය.

ඒකාකාරි නාගරික රටාවෙන් මිදී මදකට හෝ ග‍්‍රාමීය පරිසරයක ඔබ රැුගෙන යන,දේශීය කෑම වේලක රස සුවඳ විඳ ගනිමින් තම මනස සන්තර්පනය කර ගැනීමට පාරිභෝගිකයාට මෙහිදී පහසුකම් සලසා ඇත.

තවත් අලූත් අත්දැකීමක් එකතු කරමින් අවන්හලට පැමිණෙන ඔබට දේශීය ආහාර ලබා ගන්නේ නම් එම ප‍්‍රනීත රස ගුණ පිරි ආහාර පොදු බුෆේ වෙතින් ලබාගත යුතු නැත. සෑම පාරිභෝගිකයෙකුගේම කෑම මේසය මත බුෆේ ක‍්‍රමයට ආහාර සූදානම් කොට තිබීම විශේෂත්වයකි. අනෙක් සුවිශේෂී කරුණ නම් මෙම අවන්හලෙන් ඔබට ලබාදෙන දේශීය අහාර, පළතුරුවල ගුණාත්මක බව, නිෂ්පාදනය කළ ප‍්‍රදේශය ආදී සියලූ විස්තර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කිරීමයි.

දේශීය ආහාර සම්ප‍්‍රදාය පමණක්ම නොව අපගේ දේශීය කලා ශිල්පීන්ගේ අත්කම් භාණ්ඩ, දේශීයව නිෂ්පාදනය කළ රෙදිපිළි, විසිතුරු භාණ්ඩ රැගත් සම්ප‍්‍රදායික සල්පිලක් ද මෙහි ස්ථාපිත කොට ඇත. සම්ප‍්‍රදායික ගැමි බව ආරක්‍ෂා කොට ගනිමින් විදේශීය සංචාරකයන්ගේද ආකර්ෂණය දිනා ගනිමින් දේශීය ආහාර සංස්කෘතිය ගමේ නොවේ යැයි බැහැර නොකර, දේශීය දේවල් අපේ ජනතාව වෙත ද ළගා කරමින් උරුමය සොයා යාම වෙනුවෙන් ගන්නා වූ උත්සාහයකි. 

ලොස් ඇන්ජලීස් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් නිල නිවසේ සුපිරි සැප වින්ද අභිරහස් යුවල කව්රුන්ද

ඉකුත් 2013 වසරේ අගෝස්තු මස සිට 2015 ජූලි මස දක්වා රාජක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්්‍යාලයට අයත් නිල නිවසේ ලැගුම් ගනිමින් එහි සුපිරි පහසුකම් අයථා ලෙස භුක්ති විදි අභි රහස් යුවලක් පිළිබද  වාර්තා  වී ඇත.

ලොස් ඇන්ජලීස් නුවර  පදිංචි ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙම පවුල හා මහින්ද රාජපක්ෂ අතර දැඩි සමීප සබදතාවක් පැවති බවයි.

මේ පිළිබද තතු අනාවරණය වීම ආරම්භ වූයේ  විදේශ කටයුතු අමාත්‍යංශයේ විගණකාධිපතිවරුන් විසින් ලොව පුරා මෙහෙය වූ සෙසු ශ්‍රී ලාංකේය මෙහෙයුම් වලට සමගාමීව ලොස්ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්්‍යාලයේ ද සිදු කළ මූල්‍ය විගණන කටයුතු හරහාය. එම විගණන කටයුතු වලින් 2013 වසරේ සිට 2015 දක්වා කාලයේ සිදු වූ මූල්‍යමය අක්‍රමිකතා කිහිපයක තතු මේ වන විට අනාවරණය වෙමින් පවතී.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර Glendale නගරයේ පිහිටා ඇති  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්  නිල නිවසේ වහා ක්‍රියාත්මක කළ FCID පරීක්ෂණ වලින්  මෙම විගණන පිළිබද තොරතුරු හෙළි වී තිබේ.  ‍මෙම ඉඩ පහසුකම් සහිත සුඛෝපභෝගී නිවස එවක කොන්සාල් ජෙනරල්  ආචාර්්‍යය හෙක්ටර් වීරසිංහ මහතා විසින් මසකට ඩොලර් 8200ක මුදලට කුලියට ගෙන ඇත. 2013 වසරේ ජූලි මස 30 වනදායින් හෙක්ටර් වීරසිංහ මහතාගේ නිල කාලය හමාර වී ඇති අතර එබැවින් එම නිල නිවසින් ඔහු පිටව ගොස් ඇත.  ඔහුගෙන් පසුව මල්රාජ් ද සිල්වා මහතා අදාල ධූරය සදහා පත්වීම් භාර ගනු ලැබූවද ඔහු මෙම නිල නිවස සිය පදිංචිය සදහා භාවිතා ක නැති බව වැඩි දුර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලාංකේය කොල්සාල් ජෙනරාල්වරයාට අනුව  මෙම  කාර්්‍යාලයීය නිල නිවසේ සියලු වරප්‍රසාද රිසි පරිදි භුක්ති විදි යුවල සදහා එම ස්ථානය ලබා දී ඇති ක්‍රම වේදය ද අභිරහසක්ය. තවද ශී ලංකා බදු ගෙවන්නන්ට මේ වෙනුවෙන් 2013 වසරේ අගෝස්තු මස සිට 2015 ජූනි දක්වා ගෙවීමට සිදු වූ පිරිවැය ඩොලර් 174300/- ක් පමණ බවද වාර්තා වේ. බොස්ටන් ලංකා විසින් ලොස් ඇන්ජලීස් කොන්සාල් ජෙනරල් කාර්්‍යාලය සම්බන්ධ කරගත් අවස්ථාවේ එහි සේවයේ නියුතු ස්වර්ණා ගුණරත්න විසින් මේ බව සනාථ කරනු ලැබිණි. මීට අමතරව නිල නිවස යළි බාර දීමේදී  නිවස ඉතා හොද තත්ත්වයේ පවතින්නේ නම් භාවිතා කළ පුද්ගලයාට යළි ලබා දෙන ඩොලර් 10000/-ක ආරක්ෂිත තැන්පතු මුදලට සිදු වූයේ කුමක්ද යන්න කිසිවෙකු දන්නේ නැත.

කෙසේ වුවත් අනාවරණය වන පරිදි එහි සුපිරි පහසුකම් භාවිතය සහ විශාල කුලී මුදල පමණක් නොව නිල නිවස සදහා අනුයුක්ත කර තිබූ රියැදුරන් දෙදෙනාට මෙම අභිරහස් යුවල සදහා වසර 2ක් පමණ සේවය කිරීමට ද සිදුව ඇත. එම අදාල කාලය තුළ   ලොස් ඇන්ජලීස් හි ඔවුන්ගේ වැටුප් ගෙවීමට බලයලත් ශ්‍රී ලාංකේය කොන්සල්වරයාට සම්බන්ධ  නිළධාරියා වන මහේෂ් කුමාර්  මහතා වෙත මේ වන තුරුම ඔවුන් සේවය වාර්තා කර නොමැති බවද හෙළි වී ඇත.

නමුත් රියදුරන් විසින් පවත්වාගෙන ගොස් තිබූ ලොග් සටහන්වලට අනුව සොයාගෙන ඇත්තේ ඔවුන් දිනපතා Pomona College සිට  California ප්‍රාන්තයේ Claremontනගරයට දිනපතා ගමන් බිමන් සිදු කර ඇති බවයි. ඔවුහු මෙලෙස Glendale සිට Claremont දක්වා ගමන් බිමන් සිදු කිරීමට හේතු අනුමාන කිරීමට හැකි සාක්ෂි බොහොමයක්  හමු වුවද ඒ කිසිවක්  නිල කොන්සාල් කටයුතු සම්බන්ධ කටයුතු නොවීම විශේෂත්වයකි.

මේ වන විටත්  ලොස් ඇන්ජලීස් හි පිහිටි කොන්සාල් කාර්්‍යාලයේ සිදු වූ බවට සැක කෙරෙන මෙම අනිසි මුදල් භාවිතය සහ මූල්‍යමය අක්‍රමිකතා පිළිබද FCID විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

විමල් වීරවංශ සන්ධානයෙන් ඉවත් වන බවට තමාට යොමු කර ඇති ලිපිය?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යම් පුද්ගලයෙක් හෝ පක්ෂයක් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන්නේ නම් සන්ධානයේ මහලේකම්වරයා වන තමාට එය ලිඛිතව දන්වා සිටිය යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගියදා(මාර් 2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම විමල් වීරවංශ මහතා සන්ධානයෙන් ඉවත් වන බවට තමාට යොමු කර ඇති ලිපිය පිළිගත හැකි මට්ටමින් ඉදිරිපත් කර නැතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පක්ෂ පහක් එක්වූ බවටත් එම පක්ෂ ඉවත් වන බවටත් එහි සදහන් වුවත් එම පක්ෂ පහම බලයට පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් යැයි අමාත්‍යවරයා පැවසීය.

එසේම එම පක්ෂ වලට ඉවත් වීමට අවසර දෙන ලෙස තමාටද පක්ෂයෙන් අවසර ලදහොත් තමා අනුමැතිය දෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.  කිසිවකු බලෙන් තබා ගැනීමට අවශ්‍ය නැතැයිද අලුත් පක්ෂයට වුව අවශ්‍ය නම් ඉවත් විය හැකි යැයිද අමාත්‍යවරයා පැවසීය. එසේම එසේ ඉවත් වන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් අවසාන මොහොතේ  හෝ පක්ෂයට එක්වනු ඇතැයි මහ ලේකම්වරයා අවධාරණය කලේය.

“ පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින් නව දේශපාලන පක්ෂයක්

පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් “ පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින්  නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ.

මේ බව ත්‍රිකුණාමලය – සම්පූර් ප්‍රදේශයේදී 03 වන දා  මාධ්‍ය හමුවක් කැඳවමින් පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සවිස්තරව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ පසුගිය 28දා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ තම පක්ෂය ලියාපදිංචි කළ බවයි.

මෙම පක්ෂය ඔස්සේ උතුරු – නැගෙනහිර පළාත් සීමාවකින් තොරව තම ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

වික්ටර් කසාද බැන්ඳා,එච්චරයි

සංඛ රඹුක්වැල්ල

මම ඔබෙන් ඇහුවොත් ඔබ පිරිසිදු මනුස්සයෙක් ද කියලා කොයි වගේ උත්තරයක් ඔබ මට දෙයි ද ? පිරිසිදුකම නේද ? ඔබ හොඳින් හරි බරි ගැහිලා වාඩිවෙලා ඔබේ පවිත්‍රත්වය පැය ගානක් වුණත් කියවයි.සංස්කෘතියෙන් ඔබ ලද පෝෂණය,බුදු දහමේ ආශිර්වාදයෙන් ලැබුණු පෝෂණය,දෙමාපිය ආදර්ශයන් මේ හැමදේම නිසා ඔබ කළල් ජලයෙන් මතු වුණ නෙළුමක් වගේ පිරිසිදුයි කියලා ඔබ මට කියයි.ඔය ප්‍රශ්නය මම ඔබෙන් විතරක් නෙවෙයි.ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට අනූවකගෙන් ම ඇහුවොත් ඔවුන් සේරම කියයි ඔවුන් සියලු දෙනාම ඉතාමත් පිරිසිදු අයවළුන් බව.කතාව ඇත්ත වුණත් කාගෙවත් පෞද්ගලික කරුණු කාරණා අදාළ නැති නිසා ඒ කියන්නේ ඇත්තම ද කියලා අපි සාමාන්‍යයෙන් ඔහු හෝ ඇය ඉස්සරහා ප්‍රශ්න කරන්න යන්නේ නෑ.ඔහු හෝ ඇය කියන කාරණය වම් කණින් අහලා දකුණු කනින් පිට කරන ගමන් අපි වෙන කාගෙන් හරි මෙහෙම අහනවා .” මේ අරයා එහෙමද ,එයා මෙහෙම ද ” කියලා.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා ඔබ ඔබ කවුරුදැයි කීවත් කිසිම දවසක ඔබ ඔබ ගැන කියන දේ මිනිස්සු පිළිගන්නේ නෑ.ඒ නිසා ඔබට හිත හදාගෙන බලාගෙන ඉන්න වෙනවා සත්‍ය එළියට එනකම් ම.සත්‍ය එළිවෙන්න කොයිතරම් කාලයක් ගියත් ඔබට මට හිත හදාගන්නම වෙනවා.

ඒ කතාව එහෙම ම තියලා මම පොඩ්ඩක් වික්ටර් රත්නායක පැත්තට හැරෙන්නම්.අද මේ ලිපිය මම ලියන දිනයට මගේ වයස අවුරුදු විසි හයක්.මේ අවුරුදු විසි හයටම මම අහපු නිර්ලජ්ජීම සමාජමය වටිනාකමක් ලැබුණු ඕපාදූපය ඇහුවේ වික්ටර් රත්නායක ගැන.වික්ටර් වයස තිහක කාන්තාවක් හා විවාහ වෙලාලු. ඒක අහපු ගමන් මට අනිත්පැත්තට අහන්න හිතුණේ “ඉතිං මොකද ? ” කියලා.නිසි වයස එළඹුනාට පස්සේ මනුස්සයෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක නීත්‍යානුකූලව විවාහවෙන්න අයිතියක් තියෙනවා.ඒ අයිතිය නීත්‍යානුකූලව වික්ටර් පාවිච්චි කළානම් ඊට එහා ඔබට එය ප්‍රශ්න කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක් ද ? ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ගැහැණියෙක්ට ‍රැඳී ඉන්න අමාරුම ක්ෂේත්‍රවලින් එකක් කියලා මම කීවොත් ඔබ ඒක පිළිගන්නවද ? ලංකාවේ කලා ක්ෂේත්‍රය කියන්නේ සල්ලාල මඬුවක්.බලය ගොඩ නගාගත් ,බලය තහවුරු කරගත් පිරිමින් පිරිසකට යට වුණ පුරුෂාධිපත්‍යයට නතු වුණ සල්ලාලයන්ට නතු වුණ කෙළි බිමක්.ඒ කෙළි බිම ඇතුලේ ඔබ දකින පරමාදර්ශී චරිතවල නිර්ලජ්ජී නිර්වස්ත්‍ර පැතිකඩ බලාගන්න පුළුවන් අවශ්‍යනම් ඔබට. සිංදුවක් කරලා දෙන්නම් නංගී,ෆොටෝ ෂූට් එකක් කරලා දෙන්නම් නංගී,‍ෆිල්ම් එකක පොඩි කෑල්ලක් රඟපාන්න දෙන්නම් නංගී කියන කාලාකාමී අයියලා හැරුණ තැපෑලෙන් ආපහු මෙහෙම කියනවා.”හැබැයි කෙල්ලේ,අපිට සලකන්න ඕන හරි ද ? ” කියලා.ඒ සැලකීම මත්පැන් බෝතලේ ඉඳලා ලිංගික කටයුත්ත දක්වා ඉදිරියට විහිදෙනවා. ඉතිං එහෙම තැනක වික්ටර් ට චෝදනා කිරීම කෙතරම් පදනම් විරහිත දෙයක් ද ? ඔබට හිතන්න බැරිද වික්ටර් කියන්නේ සුපිරි “පොරක්” කියලා.හොරගෑණියෙක් තබා නොගෙන ඔහු ගැහැණියක් සමඟ විවාහ වුණා.එච්චරයි. වික්ටර් ගේ වත් ඒ ගෑණු කෙනාගේවත් රෙද්ද අස්සේ ඇඟිලි ගහන්න යන්න එපා.ඉඩකඩම්,දේපළ ප්‍රශ්න තියෙනවානම් ඒ මිනිස්සු ඒවා විසඳාගනී.මොකද ඔය කුණු හොයන්න යන ඔබෙත් මගෙත් කිල්ලෝටවල හුණු ඕන තරම් ඉතිරිවෙලා තියෙනවා අපි කාටවත් නොකීවට. ඔබට රිදුනද ? රිදුනනම් සමාවෙන්න

නීති විරෝධී මූණු ආලේපන ජාවාරමක සුලමුල වැල්ලම් පිටියෙන් එළි වෙයි

නීති විරෝධී ලෙස තොග වශයෙන්  මෙරටට ගෙන්වා විවිධ වෙළද නාම යටතේ නීති විරෝධීව මුහුණු ආලේපන අලෙවි කරන ලද ව්‍යාපාරික ස්ථානයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා  සදහන් කළේය.

ඒ අනුව අදාළ ස්ථානය වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් බවත් බැරල් වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු ආලේපන ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට ඔවුන් විසින් පුරවා වෙළෙඳ පොළෙට බෙදාහැරීමේ ජාවාරමක් කළක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

මේ පිළිබඳ පසුගිය දා ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ දී මෙම ආලේපන තොගය සහ නීති විරෝධී අසුරණ සොයාගෙන ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ බවත්  ඒ අනුව එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ස්ථානය වැටලීමෙන් පසු මුද්‍රා තබා ඇති අතර මෙලස තොග වශයෙන් භාණ්ඩ ගෙන්වා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ නැවත අසුරුම් කර විකිණීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සදහන් කළේය.

Meeting in New York to Empower Women’s Leadership

A panel discussion on empowering women’s economic leadership under the title of “Women Entrepreneurs: Empowering Women’s Economic Leadership” will be held at the Permanent Mission of Sri Lanka to the United Nations on March 15th 2017 from 3 PM to 5 PM

Policy makers from Sri Lanka, Kenya and UN Women will be the panelists.  The event also features three outstanding women entrepreneurs who have built their own businesses and who actively support mentoring women to become leaders of their own business initiatives for sustainable economic growth.

The panel discussion will focus ways to stimulate and promote economic growth through the promotion of competition, entrepreneurship and innovation, and to reduce unemployment, particularly amongst young women by encouraging entrepreneurship.

As practical methods to enhance business opportunities for women this event will  focus on Sri Lanka’s experiences as it embarks on a transformative process of economic recovery.

 

 

 

ලේ වලට වඩා ආදරය බලවත්ය. මේ ඒ ගැන කතාවයි

ලේ වලට වඩා ආදරය බලවත්ය. මේ ඒ ගැන කතාවයි.  “දෙයක් වේනම් යම් – සුදුස්සාටම අයිති විය යුතු” යන සනාථන දහම රජයන කතාවයි. ඉතින් ඒ කතාව ගැන තවත් අටුවා, ටීකා, ටිප්පනී අවශ්‍ය නැත.

පරම්පරා ගණනක් පුරා දේශීය නාට්‍ය වංශයේ අද්විතීය ස්ථානයක් සරසන්නට සොදුරු සුදුස්සෙක් වු හුණුවටයේ කතාව වයස අවුරුදු 50 සැමරීමට සූදානම් වන බව නාට්‍යෙලෝලී ඔබට දැනුම්  දෙන්නේ හදපිරි සතුටිනි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබද සොදුරු කතිකාවකට බොස්ටන් ලංකා සමගින් අප හමුවූයේ හුණුවටයේ අධ්‍යක්ෂ හෙන්රි ජයසේනයන්ගේ පුත් සුදාරක ජයසේනයි.

·         හුණුවටයේ කතාව අවුරුදු 50 උපන්දිනේ ජයටම සමරන්නද සූදානම?

මේ මාසෙ (මාර්තු) 08 වන දිනට අවුරුදු 50 පිරීම නිමිත්තෙන් මරදාන ටවර් හෝල් රගහලේදී එදින සවස 6.00 විශේෂ නාට්‍ය දර්ශණයක් අපි විසින් සංවිධානය කර තියෙනවා. මේ සදහා නාට්‍ය ලෝලී සියලුදෙනාටමත්, හුණුවටයේ කතාව සමග අත්වැල් බැදගත් සියලුම සහෘදයන්ටත් මේ අවස්ථාවට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා.

1486309267693-7569b49f-928b-4f92-9239-71e8065d4cf0

·         මේ අනුවර්තන නාට්‍ය දැන් අපේ නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා නේද?

ඇත්ත, අද වෙනවිට මේ නාට්‍ය විදේශීය නාට්‍යයක් කියන එක පවා අමතක වෙලා අපේ ජනතාවගේ ලේ හා බද්ධ වුණු නාර්මාණයක් බවට පත්වී තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන් මේ නාට්‍යයේ කතාව හේතුවක් වන්න ප්‍රලුවන්. මොකද මේ කතාව අපේ ජාතක පොතේ එන “උම්මග්ග ජාතක කතාව” ට සමීප සම්බන්ධතාවයක් දක්වන නිසා. මීට අමතරව ප්‍රධාන වශයෙන් පරිවර්තන කාර්යයේදී දේශීය ජනතාවට සමීප වහරක් සහ යෙදුම් යොදාගැනීම වගේම, නාට්‍ය සංගීතයත් ප්‍රධාන වශයෙන් මේ තත්ත්වය ඇතිකරන්න හේතුවෙලා තියෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ දේශීය නාද තාල ඔස්සේ මේ නාට්‍ය වෙනුවෙන් නිර්මාණය කරපු සංගීතය හුණුවටයේ කතාවට විශාල ආලෝකයක් ලබාදී තියෙනවා.

1486309932650-9271adf1-248a-4f26-ad01-2712c6c8a7ad

·         ඔබේ මව සහ පියා රගපෑ චරිත අද නව පරපුරේ රංගන ශිල්පියෙකු සහ රංගන ශිල්පිණියක විසින් නිරූපණය කිරීම දැනෙන්නෙ කොහොමද?

අපේ අම්මගෙ සහ තාත්තගෙ ජීවිතයේ එක් කොටසක් තමයි මේ නාට්‍ය. ගෲෂා සහ අසඩක් කියන චරිත ලාංකික සමාජය වෙතට ගෙනයාමේදී විශාල කාර්යභාරයක් ඒ දෙදෙනා විසින් සිදුකලා. මේ කාර්යය වර්තමානයේ ඒ චරිත දෙක නිරූපණය කරන රුවිනී මනම්පේරි සහ නලින් ප්‍රදීප් උඩවෙල විසින් සාර්ථක අයුරින් සිදුකරනවා. මේ දෙදෙනා මගේ පියාගේ අධ්‍යක්ෂණය යටතේ මේ චරිතයන් නිරූපණයන් කිරීමට යොමුවූ අය. ඒ නිසා තාත්තගෙ උපදෙස් සහ ගුරුහරුකම් යටතේ සාර්ථක අයුරින් ඒ චරිතයන් නිරූපණයේ යෙදෙනවා. ඒ ව‍ගේම මේ නාට්‍යයේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරණ අපේ නාට්‍ය කණ්ඩායමේ සියලුම සාමාජිකයන් හටත් මාගේ කෘතඥතාවය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

1486309615060-b2e24e05-2963-4e53-99f4-fc06718fa9b7

·         හුණුවටයේ කතාව නාට්‍ය ලාංකීය වේදිකා නාට්‍ය කලාවට සිදු කළ බලපෑම ඔබ දකින්නෙ කොහොමද?

ජනප්‍රිය විදේශීය නාට්‍යකරුවකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් මුලින්ම ලංකාවට හදුන්වා දුන්නේ මේ හුණුවටයේ කතාව තුලින්. එයින් නාට්‍ය කලාව වෙත විශාල දැනුමක් ගෙන ඒමට හැකියාව ලැබී තියෙනවා. මීට අමතරව ලංකාවේ සෑම ගම් දනව්වකම ප්‍රධාන වේදිකා වල වගේම විවිධ රංග භූමි වල මේ නාට්‍ය රගදක්වමින් අවුරුදු 50 ක් පුරාවට ලාංකීය ප්‍රෙක්ෂකයන් ඥාණනය කිරීමේ භාග්‍ය මේ නාට්‍යයට ලැබී තියෙනවා. මෙයින් සබුද්ධික ජනතාවක් බිහිකිරීමේ කාර්යයේ නිරතවීමටත් හුණුවටයේ කතාවට හැකියාව ලැබී තියෙනවා. නවක රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් නාටය කලාවට අවතීර්ණ කරවීමට අතීතයේ ඉදන් අද දක්වා මේ නාට්‍ය දායකත්වයක් ලබාදී තියෙනවා.

සංවාදය සහ සටහන – පාලිත අබේලාල් (palithaabelal@gmail.com)

‘ඉරුදින’ පුවත්පතේ මාධ්‍යවේදීන් හය දෙනකුට ආයතනයට ඇතුල් වීම තහනම්

ඉරුදින පුවත්පතේ ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සහ ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් සාකච්ජාවක් ලබා දෙන තුරු රාජකාරි නොකරන බව ලිඛිත ව දන්වමින් පුවත්පතේ කර්තෘ මණ්ඩලය මගින් ඊයේ (01) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදි. ඉන්පසු සුපුරුදු පරිදි අද (02) උදෑසන ඉහත ලිපිනයේ පිහිටි ලීඩර් හෝල්ඩින්ස් සමාගමට සේවය සඳහා පැමිණි කසුන් පුස්සෙවෙල, ශාලික විමලසේන, දිල්හාන් විමල්ක, ජනක විජේගුණතිලක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ බණ්ඩාර වැවගෙදර යන කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට ආයතනයට ඇතුල් වීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තහනම් කර ඇති බව ආරක්ෂක අංශය විසින් දැනුම් දෙන ලදි. ආයතන පාලනාධිකාරියේ මේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයට එරෙහිව අදාළ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් ගල්කිස්ස පොලීසියට, කම්කරු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

‘ඉරුදින’ සේවක එකමුතුව

සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක තුලදී කැබිනට් අනුමැතියට

සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක තුලදී කැබිනට් අනුමැතිය සදහා යොමු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී 28 දාපැවසීය.

එම කොමසම් මගින් මානව හිමිකම් කඩවීම් මගින් අගතියට පත්වූන්ට සාධාරණයක් ඉටු කරගැනීමට හැකියාවක් හිමිවන බවද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවරයේ අමතමිනි.

සංහිදියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්ථාව මේවන විටත් අධ්‍යනය කරමින් සිටින බවත් එම කාර්ය බලකාය මේවන විට සත්‍ය සෙවීම සදහාත් අගතියට පත්වූන්ට වන්ද ලබාදීම සදහාත් යුක්තිය සහ සංහිදියාව ඇති කිරීමටත් සුදුසු යාන්ත‍්‍රනයක් අදාල සැලසුම් නිර්මාණය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මම අද මෙත ඔබ අමතන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ඓතිහාසික යොජනාව සම අනග‍්‍රහය ලබාදී මාස පහලොවකට පසුවයි. මේ කි‍්‍රයාව ගැන ශී‍්‍ර ලංකාවේ ඉන්න බොහො පිරිසක් විවිධ විවේචනයන් සිදු කළා එ් වගේම සමහරුන් මේක ජාතියේ පාවදීමක් විදිහටත් දැක්කා නමුත් ඔවුන් සියලූ දෙනාටම කියන්න තියෙන්නේ 2018 අපේ 70 වැනි නිදහස් දිනය සැබෑ නිදහස් දේශයක් විදිහට සමරන්න අපි පියවර ගන්නවා කියලයි.

අපි අපේ ගමන ඉදිරයටම යද්දී කෙටිකාලීන දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා විවිධ බාද එල්ලවෙනවා එ් වගේම ගෙවුනු වසර දෙක තුලදී අපි ලබාගත්ත ප‍්‍රගතිය දෙසත් ඇතැමුනු වපර ඇසින් බලනවායැයිද අමාත්‍යවරයා වැඩිදුරත් ප‍්‍රකාශ කළේය.