දෙරණ මාධ්‍ය ජාලයේ නිවේදිකාවක පැහැර ගැනීමට ලක්වෙයි

ඉකුත් (19) සිකුරාදා දින දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති පුවතක් වාර්තා වේ.

අදාල නිවේදිකාව විසින් මේ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වැඩිදුර ආරංචිමාර්ගවලින් අනාවරණය වී ඇත.

සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවි පෙන්වා මෝටර් රියෙන් නිෂ්පාදකයා හා නිවේදිකාව බලහත්කාරයෙන් බස්වාගෙන පැහැරගැනීම සිදු කර ඇත.

පසුව වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම  ඇගේ නිරුවත් පින්තූර ගෙන ඇය සතුව තිබූ රන් ආබරණද කොල්ල කා කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා තිබේ.

නිෂ්පාදකවරයාගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි මෙම නිවේදිකාව අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය.

මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර හෙලා දකිනවා – ඇමරිකා එක්සත් ජනපදය

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කරයි.

තානාපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ඉරිදා (මැයි 21) අලුයම කුරුණෑගල මාලිගාපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට සිය ප්‍රතිචාරය දක්වමිනි.

පල්ලියේ දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට එල්ල වී ඇති ප්‍රහාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කරයි.

බීබීසී

ආබාධිත සෙබළු පිරිසකට වරප්‍රසාද අහිමි කළ බවට ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට චෝදනා

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී ආබාධිත වූ සෙබළුන් පිරිසකට වරප්‍රසාද අහිමි කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සඳුදා (මැයි 22) ජාතික මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ක්‍රියාන්විත සේවයේ නිරතව සිටියදී සෘජු එල්ටීටීඊ ප්‍රහාරයකට ලක් නොවූවත්, ගැටුම්වලට සම්බන්ධ සෙසු ක්‍රියාකාරකම්වලදී ආබාධිත වූ තමන්ට වයස අවුරුදු 55 තෙක් හිමි වැටුප් සහ දීමනාත්, ඉන්පසුව විශ්‍රාම ගැනීමේ හිමිකමත් අහිමි කළ බවට චෝදනා කරමින් ආබාධිත සෙබළුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

යුද හමුදා ගැමුණු හේවා බළඇණියේ සේවයේ නිරතව සිටියදී එසේ ආබාධිත වූ සෙබළුන් වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බරයේ එම පෙත්සම ගොනු කරනු ලැබුවේ කෝප්‍රල් ආර්ඩී විමලසේන ඇතුළු පිරිසක් විසිනි.

ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝය.

ඔවුන් “මව්බිමේ නොසලකා හැරි සෙබළුන්ගේ එකමුතුව” නම් සංවිධානයක්ද පිහිටුවාගෙන තිබේ.

ඔවුන්ගේ පෙත්සම විභාග කිරීමට තීරණය කළ ජාතික මානව හිමිකම් කොමිසම සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින මෙන් පසුගියදා ඔවුන්ට සිතාසි නිකුත් කළේය.

සක්‍රීය සේවයේ නිරතව සිටියදී ප්‍රහාරවලට සෘජුව සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත වූ තමන් 20% ත් 30% ත් අතර ආබාධ සහිත පුද්ගලයන් බවට වෛද්‍යවරුන් විසින් සහතික කරනු ලැබ තිබියදීත් යුද හමුදා බලධාරීන් විසින් තමන් අත්හැර දමා ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

ඔවුන් ආබාධිත වී තිබෙන්නේ සක්‍රීය සේවයේ නිරතව සිටියදී සතුන්ගේ ප්‍රහාරවලට ලක්වීම, වැව් හෝ ගංගා ඇළදොළ ආදියේ වැටී තුවාල සිදුවීම, රිය අනතුරු සහ ගස් නගිද්දී ඇද වැටීම වැනි කරුණු හේතුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ ස්වයේ නිරතව සිටියදී තමන් හා සමාන ආබාධිත තත්වයන්ට පත් වූ පිරිස සියළු වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් සහිතව විශ්‍රාම ගන්වා තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

එබැවින් සෘජු ගැටුම්වලදී ආබාධිත වූ සෙබළුන්ට සහ නිලධාරීන්ට ලබා දුන් වැටුප් සහ දීමනා තමන්ටද ලබා දෙන මෙන් වග උත්තරකරුවන්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති.

වාසු රෝහල් ගත කරයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

පසු ගිය දිනවල සෙම් තත්ත්වයන් හා සුළු ඇදුම රෝගී තත්ත්වයක් වෙනුවෙන් බාහිර ප්‍රතිකාර ලබමින් සිටියත්, හදිසියේම ඇති වූ හෘදයාබාධ තත්ත්වය නිසා රෝහල් ගත කිරීමට සිදුවූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මන්ත්‍රීවරයා හෘද රෝගී සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හා ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

නව කැබිනට් සංශෝධනයේ ප්‍රතිඵල කරලියට

අද දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.

මීට අමතරව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය මංගල සමරවීරට, විදේශ කටයුතු අමාත්‍ය ධූරය රවී කරුණානායකට , ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ධූරය අර්ජුන රණතුංගට ,  වරාය හා නාවික අමාත්‍ය ධූරය මහින්ද සමරසිංහට ලබාදී තිබේ.

එසේම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය වරයා ලෙස චන්දිම වීරක්කොඩි,
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක, විශේෂ සංවර්ධන අමාත්‍ය වරයා ලෙස තිලක් මාරපන, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට හිමිවී තිබේ.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ධූරය දැරූ එස්.බී දිසානායක මහතාට එම විෂය ක්ෂේත්‍රයන්ට අමතරව ‘කඳුරට උරුමය’ නම් නව විෂය ක්ෂේත්‍රය ලබාදී ඇති අතර ඩබ්.ඩී.ජේ සෙ‍ෙනවිරත්න මහතාට කම්කරු , වෘත්තීය සමිති සබඳතා විෂයට අමතරව සබරගමුව සංවර්ධන නම් නව විෂය පථයක්ද හඳුන්වා දී ඇත.

GMOA වර්ජනය තවත් ඇදෙයි

සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන් හෙට(22) උදෑසන සිට පැය 24 ක වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ අනුව කලින් ප්‍රකාශයට පත් කෙරුණු වරුවක වැඩවර්ජනය (22) උදෑසන 8 සිට ක්‍රියාත්මක වන අතර එය  පැය විසි හතරක් දක්වා දීර්ඝ කෙරෙන බවය.

කරුණු කිහිපයක් සඳහා විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වර්ජනය  ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන අතර එම කරුණු පහත පරිදි වේ,

1. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්ව විද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී තුවාල සිදු කිරීම හා අත් අඩංගුවට ගැනීම.

2. වෛද්‍ය සභාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම.

3. හිටපු සයිටම් ආයතනයේ විධායක නිලධාරියා හා සම්බන්ධ වෙඩි තැබීමේ ජවනිකාවට අදාල චූදිතයන් හට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම.

4. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළවෙළ.

5. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සයිටම් ආයතනයේ පරිහරණය සඳහා රජයේ රෝහල් භාවිතා කිරීමට අවසර දීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අල්ලස් හා දුෂණ කොමිසමට සහ පොලීසියට කළ පැමිණිලි වලට අදාලව විධිමත් පරීක්ෂණයක් නොකිරීම.

ඉහත ගැටළු සඳහා සාධනීය ප‍්‍රතිචාර දැක්වීම හිතාමතාම මඟ හරින බලධාරින් මෙම වැඩ වර්ජනයෙන් රෝගී ජනතාවට වන බලපෑම පිළිබඳ වගකීම භාර ගත යුතු බව අවධාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. .

වකුගඩුවක් ඩැහැ ගන්නතුරු සෞදි රටේ සිරකර සිටින ශ්‍රී ලාංකික මවක්

වකුගඩුවක් ගලවාගන්නා තුරු මෙරටට එන්නට නොදී සෞදි රටේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියන් තිදෙනකු රජයෙන් ඉල්ලා සිටියි .

මෙසේ සවුදි නිවසක සිරකර ඇත්තේ දඹුල්ල, කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .ඩබ්ලිව් .ඉන්ද්‍රකාන්ති (36) තිදරු මවකි .මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබධව ඉතා කෙටියෙන් සඳහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි .එය දුටු කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි තරුණයකු වූ කුමාර ඉහළගෙදර මහතා විසින් මේ කාන්තාවගේ නිවස සොයාගෙන ගොස් මේ බව මාධ්‍ය දැනුවත් කිරීමත් සමඟ මේ සිද්දිය අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ .

එමෙන්ම මෙම කාන්තාවගේ කුඩා දියණියන් දෙදෙනා අහාර නොමැති  බැවින්  පාසල් ගමන නැවතී ඇති අතර සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් අප වාර්තාකරු වෙත පවසා තිබේ .

මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ මහත්මිය මේ බව  විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව් නොකියන ලෙස දැනුම් දුන් බවද මෙතෙක් පැමිණිල්ල විභාග නොකළ බවත් මාධ වාර්තා අනාවරණ කර සිටියි.

වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට භාර වෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ පසුගියදා කඩා වැටුණු ගොඩැඟිල්ලේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වැල්ලවත්ත පොලීසිය පැවසුවේය.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ වැල්ලවත්ත ප්‍රදේශය් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටුණු අතර සිද්ධියෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබීය.

ඒ අනුව අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු ඊයේ(21) පස්වරුවේ වැල්ලවත්ත පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින බව කියන කාන්තාවක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය

එජාප මැති ඇමතිවරුන් විශේෂ සාකච්ඡාවකට අරලිය ගහ මැදුරට

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අද(21) රාත්‍රී 9ට විශේෂ සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

සූර්යයා ටත් වඩා ආලෝකමත් වූ අපූර්වතමයන්ගේ සිනා සැණකෙළිය

සූර්ය්‍ය මංගල්‍යය ගැන කතා කිරීමට මේ සමය නොවේ නේදැයි ඔබ අසනු ඇත. කතාව ඇත්ත වුණත්  සැමදා අපූර්වතමයන්ම සොයා යන බොස්ටන් ලංකා  මේ අපූර්වතමයන්ගේ සැණකෙලි තතු කෙලෙසනම් මගහරින්නද?

GPJ_SL_NP_TraditionalGames_16

 පසුගිය අප්‍රේල් 27 වන දා වැලිවේරිය නගරයේ කාන්ති ක්‍රීඩා පිටියට සූර්්‍යය මංගල්‍ය උදා වූයේ නිර්ව්‍යාජත්වයෙන් පිරුණු මේ අපූර්වතමයන්ගේ සිනා සාදය සමගිනි. සූර්්‍යයාටත් වඩා ආලෝකමත් මේ සොදුරු සිතැත්තන්ගේ ලෙි සෙල්ලම් සහ සිනා සාගරය ගම්පහ දිස්ත්‍රික්කයේ විසල් ජනකායකගේ නෙත් සිත් පැහැර ගන්නට සමත් විය.
 
ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 11ක ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෛ් දක්ෂතා විදහා දැක්වෙන මේ මහා මෙහෙයුම පිටුපස සිටින ගුරු බලකාය ඉටු කල මෙහෙවර නිම්හිම් නැත.
GPJ_SL_NP_TraditionalGames_17
 
මේ අපූරු සූර්යය සැණකෙළිය පිළිබද බොස්ටන් ලංකා වෙත දැනුම් දුන්  ඒ බලකායේ නඩේ ගුරෙකු වන වැලිවේරිය මද්දුම බණ්ඩාර විදුහලේ විශේෂ අවශ්‍යතා ඒකකයේ කේ.ග්‍රේටා ප්‍රනාන්දු මහත්මිය තම සිසු බලකායේ දක්ෂතා විස්තර කලේ ඉමහත් ආඩම්බරයෙනි. 
GPJ_SL_NP_TraditionalGames_93 GPJ_SL_NP_TraditionalGames_98 GPJ_SL_NP_TraditionalGames_104
 
“මේ දරුවන් නිසි පරිදි කුඩා කාලයේ සිටම පුහුණු කළොත් ඔවුන්ටත් අනිත් දරුවන්ට වගේම මෙ ්සමාජෙත් එක්ක උරෙන් උර ගැටෙන්න පුළුවන්. ඒක මේ අවුරුදු උළෙල දැකපු ඕනම කෙනෙකුට හොදම සාක්ෂියක්.”