නාමල්ගේ Facebook හමුව අවමගුලක් වූ හැටි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා තම සමාජ ජාල ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවකට ඊයේ පස්වරුවේ එකතු වී සිටියේය.

නමුත් බොහෝ පිරිස් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘නිවන්සුව අත්වේවා’ යනුවෙනි.

කැබිනට් මාරුව අද සෙනසුරු මාරුවෙන් පසුව

කල් දමමින් තිබූ කැබිනට් මාරුව අද 17 වනදා සවස යෙදී තිබෙන සෙනසුරු මාරුවෙන් පසුව සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය.
පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත.

කොළඹ සරසවි සිසුවියක් මහ දවල් ඝාතනය කරයි – සැකකාර පෙම්වතා අත්අඩංගුවට

කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (ජන. 17) දහවල් සොයා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියකි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී ඇත.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

නේපාලයේ ගුවන් අනතුර මගියෙකු සජීවීව ලොවට පෙන්නු හැටි ජෙට් යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද?

පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් පසුගියදා සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි ඇත.

එම ගුවන් අනතුරේ අවසන් විනාඩි එක හමාරක පමණ කාලය එම යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවිව ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

බඩු ටිකත් එක්ක උඩට එන්න දෙන්න එපා මාව දකියි ආදර්ශා කැටුව ගිය බුද්ධිකට කාමරයෙන් එළියට එන්නට බැරිව වුන ජරමරේ

ආශු මාරසිංහමහතාට අපහස වන අයුරින්  හිරුනාකා ප්‍රේමප්‍රේමචන්ද්‍ර කැටුව ආද ර්ශා කරදන විසින් බල්ලකු සම්බන්ද වීඩියෝවක් මාධ්‍යට නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙම ආදර්ශා කරදන මහත්මිය සහ ප්‍රභූවරුන් යැයි හදුන්වන අය සමග ගනුදෙනු කල හඬ පට  විශාල සංඛ්‍යාවක් සමාජ ජාලා ඔස්සේ සංසරණයවන්නට වූවා.

ඒවා අතරින් වඩා ජනප්‍රියම හඬ පටය වූයේ සමගිජන බලවේගයේ  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බද්ධික පතිරණ මහතා සමග ඇතිවූ සංවාධයක හඩපටයයි.

බදු නිසා ඉතිහාසයේ විශාලම බුද්ධිගලනය සිදුවෙමින් තිබෙනවා – අනුර කුමාර දිසානාය​ක

ජනතාව එකතුවිය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.

වර්තමානයේ ඇති බොහෝ බදු 2020 පැවති ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් එම ඉක්මයෑම සිදුවී ඇත්තේ, උද්ධමනය විශාල ලෙස වැඩිවී ඇති අවස්ථාවක සහ ආදායම් විශාල ලෙස අහිමි වී ඇති අවස්ථාවක බවයි ඔහු සඳහන් කළේ.

යම්කිසි පුද්ගලයෙක් ලක්ෂ 3 ක වැටුපක් ගත් පමණින් එම මුදල ඔහුගේ අතට නොලැබෙන බවත් ඔහු එම මුදලින් නිවාස ණය ,වාහන ලීසිං වාරික සහ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කළ පසු ඔහුගේ අතට ලැබෙන්නේ එම වැටුපෙන් කුඩා ප්‍රමාණයක් බවත් මේ වන විට රජය එම වැටුපට බද්දක් අයකර ඇති අතර මෙම බද්ද නිසා මෙරට සිදුවන විශාලතම බුද්ධිගලනය නැවැත්වීමට නොහැකි බවද අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඒ අනුව ජනතාව මෙම බදු පැනවීම යුක්ති සහගත නොවන බවත් ජනතාව මත අසීමිත ලෙස බදු පටවන අවස්ථාවේ මෙරට ආර්ථිකය අර්බුදයට පත්කළ පුද්ගලයින් පොත් ලියන බවද ඔහු සඳහන් කළා.

75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් – ජනපති

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැගුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25කදී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල වෙනුවෙන් නව ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නා බවයි අද (17) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබාගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

1

2

3

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව​ට සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනුකෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන පිරිස ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කර තිබෙනවා.

වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුගේ ඇප අයැදුම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

 

වසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7 කින් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඔහු රඳවා තබා ගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ මේ වන විට දින 150 ක කාලයක් රඳවා තබාගෙන ඇතත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනය කරමින් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.