ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම්දීමට නියමිත බව ඉන්දියාවේ Hindustan Times වාර්තාකර තිබෙනවා. ඒ අනුව අදාළ දැනුම්දීම චීනය විසින් අද දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව සිදුකරනු ඇති බවයි Hindustan Times සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාරදීමට කටයුතු කර තිබුණා.
Author: Supun
නිල සංචාරයක් සඳහා විදේශ ඇමති 23 වනදා සෞදියට
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි එළඹෙන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.
එම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතව තිබෙනවා.
වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන්ට දඩ
නව බිත්තර මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝණය කරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට රුපියල් 100,000 සිට රුපියල් 500,000 ක් දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බව එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළා.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.
නානුඔය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි. නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගියදා (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 53 දෙනෙක් තුවාල ලබා තිබුණා.
පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි – මාර්තු 09
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම අද (21) දහවල් 12 ට අවසන් වුනා.
ජනපති රනිල් පළාත් පාලන මැතිවරණය නම් කොහොමටවත් තියන්න ඉඩ තියන්නේ නෑ – පී. හැරිසන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.
ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දුන්නේ ඉතාමත් නරක පූර්වාදර්ශයක් – පාඨලී
මැතිවරණයට අවශ්‍ය මුදල් නොමැති බව කියමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අධිකරණයට කළ දැනුම් දීම ඉතාමත් නරක පුර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
මෙය ඉදිරියේ දී ජනාධිපතිවරණයක දී පවා සිදු කිරීමට හැකි දෙයක් බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.
රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20) දිනයේ දැනුම් දුන්නා.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12ට අවසන් වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ඊයේ (20) දිනයෙන් අවසන් වුණා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදායින් අවසන් වීමට නියමිත බවත් වාර්තා වනවා.
නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනයට තාවකාලික තහනමක්
පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසා සිටියේ.
නවසීලන්තයේ ඊළඟ අගමැති ලෙස Chris Hipkins යෝජනා වෙයි
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් විසින් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය යන දෙක සඳහා පුරප්පාඩු ඇතිවීමට නියමිතයි.
එම පුරප්පාඩුව සඳහා මේ වන වන එරට අධ්‍යාපන ඇමති, පොලිස් ඇමති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධූරයන්ද හොඹ වනු ලබන Chris Hipkins යෝජනා වී තිබෙනවා.
ඒ අනුව හෙට (22) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට නියමිතයි.
