පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද (23) සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අදින් ආරම්භ වන විරෝධතා සතිය ‘කළු විරෝධතා සතිය’ ලෙස නම් කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන ලෙස රජයට බල කරන බවයි ඔහු සඳහන් කළේ.
එසේම එම සතිය තුළ සියලුම රෝහල් කළු පාටින් සැරසීමටත්, විරෝධතා දැක්වීම හා කළු පටි පැළදීම වැනි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අනුව අද උදෑසන 8.00 සිට 12.00 දක්වා සේවයෙන් බැහැරවෙන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ. ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර දිවයින පුරා රෝහල්වල උද්ඝෝෂණ සහ පාගමන් සංවිධානය කරන බවයි ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අද දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව සැකකරු පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.
ඒ අනුව සිසුසැරිය බස් රථ විභාග පැවැත්වෙන දිනවල ක්‍රියාත්මක වන බවයි ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.
මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමනාගමන පහසුකම් සඳහා විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද හෙට සිට ක්‍රියාත්මක කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ කිසිඳු අභියෝගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
වත්මන් ආණ්ඩුව කතාවට පමණක් සීමා නොවූ බවත් යුද්ධය සහ කොරෝනා වසන්ගතයද අවසන් කළ ආණ්ඩුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඒ හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්විය හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ.
මීට පෙර පැවති බදු ප්‍රතිපත්තිය සඳහා එකඟවන නමුත් නව බදු ප්‍රතිපත්තිය හරහා එතරම් විශාල බදු ප්‍රමාණයක් වෘත්තිකයන්ට දරා ගැනීමට නොහැකි බවත් මෙම බදු ප්‍රතිපත්තිය නිසා වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව හේතුවෙන් එය ලංකාවේ සංවර්ධනයට බලපෑමක් එල්ලකරනු ඇති බවයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ.
මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් සිදුකරන සටන ඉදිරියටම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ තුෂාර සංජීව විතාරණ ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය පරාජයට පත්වීම හේතුවෙන් ඔහු මෙලෙස ඉවත් කර ඇති අතර කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වනවිට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ සිට විභාග මධ්‍යස්ථාන 2,200ක දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.