https://www.youtube.com/embed/URx_H2ReRB8?si=xUPq92UhepiCJp8u” title=
Author: Supun
බටලන්ද කොමිසම ගැන හිටපු ජනපති රනිල්ගේ ප්‍රකාශයට දුමින්ද නාගමුවගෙන් සැර උත්තරයක්….
https://www.youtube.com/embed/QDWgDWnGSow?si=JYoZQtPVmPEAxPQi” title=
රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට එරෙහිව චරිත්ගෙන් සහ ධනංජයගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම අද (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණු බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
2025 සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවයි
මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 613,728 ක් බවයි අදාළ වාර්තාව මඟින් දක්වා තිබෙන්නේ.
2025 මාර්තු මාසයේ පළමු දින 16 තුළ 120,750 ක විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද එහි සඳහන්.
ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය හා චීනය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පහතින්.


අද රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමක්
අද (18) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිසිය සතු වගකීමක් – ජනපති
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම, නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවයි බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

මත්ද්‍රව්‍ය සිද්ධියකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කර තිබෙනවා.
ඒ අනුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් රුපියල් 100,000 ක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවයි එම තීන්දුව මඟින් ප්‍රකාශ කර තිබෙන්නේ.
පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත්, කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ අනුව මෙම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක්
කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
