කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇති බව කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කරනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කළා.
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇති බව කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කරනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කළා.
ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි හැත්තෑපස් වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුම්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිතා කළ ද යටත් විජිත සමයේ එම පෙදෙස හැදින්විමට යොදාගත් Slave Island යන නාමකරණය මේ දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් විවෘත කිරීමට අවශ්‍ය ප්‍රධාන පියවරක් වන ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික සැපයීමට පැරිස් සමාජය සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය හිමියන්ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් නුදුරේදීම නිවේදනය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හෙට (03) දින එම කටයුතු සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදුකර තිබෙනවා.
සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සහ සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල් දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙන බවයි සඳහන් වන්නේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහ නාහිමිවරු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය එමගින් අවධාරණය කරන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පෙට්‍රල් මිල වැඩි කළත් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 (පෙට්‍රල්) තෙල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.
අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

රජයේ අසාධාරණ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් අද (02) හෝ හෙට (03) දිනයේ බලාපොරොත්තු වන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (03) වෘත්තීය සමිති 30 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
ඒ අනුව ආණ්ඩුව මේ සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවට දැනෙන ආකාරයේ පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.