කාරක සභා සඳහා සාමාජිකයන් පත් කෙරේ

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ තේරීම් කාරක සභා සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ නම් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස සාමාජිකයන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සාමාජිකයන් පහතින්,

d2a0e6c4638e8bc9ab0d90e77919de10

88c660641d2a7b000079414081cfc736

පළාත් පාලන ඡන්දයට එරෙහි පෙත්සම් අද විභාගයට

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමඟින් පෙන්වාදී තිබෙනවා.

මූල්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ තීරණය රඳා පවතින්නේ ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මතයි – IMF

ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වන විට භූ කම්පනය සිදුවී පැය 100 ක පමණ කාලයක් ගතවී ඇති අතර සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

අධික ශිත කාලගුණ තත්ත්වය, නවාතැන්, ජලය සහ ආහාර නොමැතිව දිවි ගලවා ගත් දහස් ගණනකගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80,000 ක් තරඟ බිමට

එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2,529 ක සහ ස්වාධීන කණ්ඩායම් 329 ක නාමයෝජනා පිළිගෙන ඇති අතර තරඟ කරන මුළු අපේක්ෂයන් සංඛ්‍යාව 80,672 ක් බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

එසේම දේශපාලන පක්ෂ 118 ක සහ ස්වාධීන කණ්ඩායම් 45 ක නාමයෝජනා ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය උග්‍ර අතට පත්වෙලා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, මේ මොහොතේ ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමකට ලක්ව ඇති බවයි.

මෙම තත්ත්වය සඳහා කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සඳහන් කළේ.

විදුලි බිල වැඩි කිරීම ගැන තීන්දුව 15 වැනිදාට පසු

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන 15 වනදායින් පසුව තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාදවීම බලශක්ති අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තිබෙන සම්පත් ප්‍රමාණය කළමණාකරනය කරගත යුතු බවත් එසේ කළමණාකරනය කරගතහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ පවතින විදුලි කප්පාදුව තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස භාණ්ඩ 4 ක මිල තවත් අඩු කෙරේ

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

253ba0cd1c29e1309fab6986ab4911d5

ආණ්ඩුව ගෙන ආ සංශෝධනවල අරමුණ වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීම – GMOA

මූල්‍ය නොවන සේවාවන් සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම හුදෙක් වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමට රජය ගත් පියවරක් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මෙම සංශෝධන හරහා ප්‍රතිලාභ ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට බවයි.

මෙම සංශෝධනය හරහා ආණ්ඩුව අපේක්ෂා කරන්නේ වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමට සහ වෘත්තීයවේදීන් මෙම සටනෙන් ඉවත්විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති කිරීමට බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඩයනා වරදක් සිදුකර ඇත්නම් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – මහේස්ත්‍රාත්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පවසා තිබෙනවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අද (09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.