SLvsNZ : පස්වන දිනයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වර්ෂාව හේතුවෙන් මේ වනතෙක් තරගය ආරම්භ කිරීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (12) දිනය නිමා කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී මේ වන විට ලකුණු 28 ක් ලබා සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 257 ක් පටුපසින් සිටිනවා.

0dd81b8eafa5f93d204b33c53cc8ab52

be140ca8c8df25af4c63dc7b92b1ca36

බැංකු සේවකයන් හෙට කළු ඇඳුමින් සැරසී රාජකාරියට

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව බැංකු සේවකයන් හෙට (13) දිනයේ කළු ඇඳුමින් සැරසී රාජකාරී සඳහා වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල පවසනවා.

අනිද්දා (14) දිනයේ කෑම පැයේදි රටපුරා උද්ඝෝෂණ පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

විසඳුමක් නොලැබුණහොත් 15 වනදා එක්දින දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අනූප නන්දුල වැඩිදුරටත් සඳහන් කළේ.

වරාය සේවකයන් හෙට සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

නව බදු ප්‍රතිපත්තිය⁣ ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව වරාය සේවකයන් හෙට (13) උදෑසන 7.00 සිට පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසනවා.

ඒ අනුව මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් 15 වනදා උදෑසන 7.00 සිට පැය 24 ක කාලයක් වරාය සේවකයන් වැඩ වර්ජනයකට එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව හෙට (13) පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

හෙට දිනයේ විසඳුමක් නොලැබුහොත් අඟහරුවාදා (14) දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් අඟහරුවාදා දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් බදාදා (15) උදෑසන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ : සිව්වන දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 28/1

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 257 ක් පටුපසින් සිටින අතර මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින Tom Latham ලකුණු 11 ක් හා Kane Williamson ලකුණු 7 ක් ලබා සිටිනවා.

SLvsNZ : ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 302 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබා ගැනිමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 284 ක් ඉදිරියෙන් පසුවනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 115 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Blair Tickner කඩුලු 4 ක්, Matt Henry කඩුලු 3 ක් හා Tim Southee කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි සතියේ ඇරඹේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඒ අනුව ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 10 ක් ඇතුළත් වුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටිනවා.

මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් එම කොමිසම දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පසුගියදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

SLvsNZ : ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව – 197/4

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 179 ක් ඉදිරියෙන් පසුවනවා.

අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එම අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 6 ක් ලබා සිටියදී දැවීගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබාගෙන සිටිනවා.