නව පාසල් වාරය හෙටින් ඇරඹෙයි

රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය හෙට (17) දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේ අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට 2023 අප්‍රේල් 20 වනදා නව චක්‍රලේඛකයක් නිකුත් කරන බැවින්, එතෙක් අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට ලිපි නිකුත් නොකරන බවයි.

SLvsIRE 1st Test : කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

එහිදී කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අධිවේගී මාර්ගයේ පැමිණෙන රියදුරන්ට ශ්‍රී ලංකා පොලීසියෙන් උපදෙස්

අධිවේගී මාර්ගයේ ඇතුළු වන ස්ථානවල සහ පිටවන ස්ථානවල බීමත් රියදුරන් පරීක්ෂාකිරීම සඳහා විශේෂයෙන් පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොසුදුසු වාහන සහ නොසුදුසු ආකාරයේ බඩු භාණ්ඩ පටවාගෙන එන වාහන ඇතුළුවීම සඳහා පැමිණෙන බවත්, අදාළ කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ඉඩ ලබා‍ නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

කොළඹ දෙසට පැමිණෙන මංතීරුවල, පිටවීම් මධ්‍යස්ථානවල යම් යම් තදබදයන් ඇතිවීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අධිවේගී මාර්ගයේ වාහන පෙළට පැමිණෙනවා හැරෙන්නට කිසිම අවස්ථාවක අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථානවල මංතීරුවෙන් ඉවතට ගොස් ගමන් කිරීමට උත්සහා‍ නොකරන ලෙසයි.

තමා පැමිණෙන මංතීරුවේ වාහන එක් පසක එකක් පමණක් පැමිණිය යුතු බවත් එම වාහනවලට සඳහා පමණක් පිටවීමට අවස්ථාව ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

බීමත් රියදුරන් සොයා පොලිසියෙන් මෙහෙයුම්

බිමත් රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රථවාහන අංශයේ නිලධාරීන් කොළඹ සිට විහිදෙන ප්‍රධාන මාර්ගවල සේවයේ යොදවා ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් රථ වාහන පරීක්ෂාවට ලක් කළ හැකි බැවින් ඒ සඳහා සහය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

ගංගා සහ මුහුදු ප්‍රදේශවල දිය නෑමට යෑමේදී සැලකිලිමත් වන ලෙසත් අනතුරු දායක ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තවත් බිත්තර මිලියනයක් මෙරටට රැගෙන එයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක් මෙරටට රැගෙනවිත් ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව එම බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

එසේම තවත් බිත්තර මිලියන 2 ක් සඳහා ඇනවුම් ලබාදී ඇති බවත් එයද ලබන සතියේ දිවයිනට පැමිණෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අද (15) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව අද දිනයේ මගීන්ගේ ඉල්ලුම පරිදි 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් බස් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

හෙට (16) දිනයේ පිට පළාත් බස් රථ 50% ක ප්‍රමාණයක් සහ අනිද්දා දිනය වන විට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ, ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

එසේම ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය කිහිපකයක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

20 වනදා පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට යළි ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය

ශ්‍රී ලංකාවට යළි ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය ලබාදීම සඳහා ආසියානු රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් 01 දා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කළ බව ක්‍රීඩා අමාත්‍යංශය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ යළි ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

හෙට ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

හෙට (14) ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චි, වවුනියා, මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

9c9dd5e5e22ee5301a09d568966fe825

7e20f5b9c80fb221605baa17ccdf273b

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළි ගන්න සියලු දෙනා සූදානමින් සිටිති. තවත් මිනිත්තු කීපයකින් එනම් අද පෙරවරු 8.35ට පුන්‍යකාලය උදා වේ.

එය රාත්‍රී 9.23 පුන්‍ය කාලය ගෙවී යැයි.

නව අවුරුදු උදාව දහවල් 2.59ට සිදුවන අතර අද පෙරවරු 8.35ට සියලු වැඩ කටයුතු අත්හැර පින්කම් කටයුතුවල යෙදිය යුතු බව ජ්‍යෙතිෂයේ සදහන් වේ.