බිත්තරයක් රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරනවා – බිත්තර නිෂ්පාදකයින්

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.

ඒ අනුව ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මැයි මස 01 වනදායින් පසු මේ වන විට පනවා ඇති පාලන මිලෙන් පහළට පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsIRE 1st Test : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 591 කට අත්හිටුවීමට තීරණය කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 591 ක් ලබා ගත්තා.

ඒ අනුව පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ශතක වාර්තා කිරීමට සමත් වූ අතර නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් හා සධීර සමරවික්‍රම මෙලෙස ශතක වාර්තා කළා.

ලකුණු පුවරුව පහතින්.

bae7f9b93562c413efc54737bbf7dd8d

චන්දිමාල්ගෙන් සහ සධීරගෙන් ශතක දෙකක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ශතක දෙකක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම සමත් වුණා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් පන්දු 152 කින් සිය ශතකය වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 12 ක් ඇතූලත් වුණා.

එසේම සධීර සමරවික්‍රම පන්දු 112 කින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවදානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී සිටින ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පැය 48 ක් තුළ අධිවේගයේ ආදායම රුපියල් කෝටි 7 ඉක්මවයි

ගතවූ පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම කාලය තුළ වාහන 256,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිංහල හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් බොහෝ පිරිසක් ගම් බිම් බලා යාමට අධිවේගී මාර්ග භාවිතා කර තිබුණා.

comment loading image

මැතිණිගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට බංකොළොත් වෙන්නේ නැහැ – චන්ද්‍රිකා

දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දින සැමරුමට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රතිපත්ති පිළිගත්තා නම් ආණ්ඩුවට සොරකම් කිරීමට නොහැකි වනු ඇති බවත් රට හැදෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේදී පැය 30ක් ප්‍රමාද වු ශ්‍රී ලංකන් ගුවන් යානය දිවයිනට පැමිණෙයි

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරණ යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීම පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණු බවයි සඳහන් වන්නේ.

ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ඊයේ (16) රාත්‍රී යළි ශ්‍රී ලංකාව බලා පිටත්වී අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

දකුණු මුහුදේ දී රුපියල් බිලියන 3.5 ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය හා පුද්ගලයින් පිරිස ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 3.5 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 175 ක් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබිය දී නාවික හමුදාව, පොලිසිය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඊයේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිටි රැඳවියන් පිරිසක් පලා යයි

බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් 9 දෙනෙකු අද (17) අලුයම පලාගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ගෙන් දෙදෙනෙක් නැවත අත්අඩංගුවට ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පලාගිය රැඳවියන් සොයා සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට යළි සේවයට

අද (17) සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බවයි එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.