අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ කෙරේ

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය අද (15) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ එම වැඩසටහන පළමුවෙන් ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට බස් රථයක් සහිත සංඥා පුවරුවක් ඇති ස්ථානවල පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජ්‍ය සේවකයින්ට අද සිට යළිත් ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව සේවයට පැමිණීමේදී හා පිටව යාමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ ජනවාරි 3 වනදා සිට එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා.

නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශයට වැසි අධිකව ලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය,මාලිම්බඩ, තිහගොඩ, මාතර හා දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමණාකරණ අංශවලින් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

d5414e541e1ec3c609c8cbdce517e3c8 35e93c41c449024a2f6c45a980e8ccaf

මෝඛා සුළි කුණාටුව ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 – 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකි බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන බවත් දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙන්නේ.

2f95b98f6e37d11c6fba54d5b7be38da 07736e31676627c87e05093dcf3174f4

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 ක් රෝහලට

නර්තන කණ්ඩායමක් සමග ගමන් කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (14) අලුයම එම අනතුර සිදුව ඇති අතර අදාළ වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් අතර අවුරුදු 18 – 20 අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් 08 දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකුද, වෑන් රථයේ රියදුරුද සිටින බවයි සඳහන් වන්නේ.

බෝලවත්ත දුම්රිය ස්ථානයට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

බෝලවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව මත පුද්ගලයින් කිහිපදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය දැනුම්දී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරකෑමෙන් බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර සිද්ධියෙන් පසු බෝලවත්ත දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 සහ 45 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට කටයුතු කළ යුතුයි – අධ්‍යාපන ඇමති

පාසල් නිවාඩු කාලය තුලදී පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට දෙමාපියන් සහ පාසල් සංවර්ධන සමිති එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් සති දෙකක කාලයක් නිවාඩු ලබාදෙන බවත් එම කාලය තුළ පාසල් සංවර්ධන සමිති එක්ව පාසල් පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමගින් ඩෙංගු අවදානමෙන් දරුවන් බේරා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිමෙන්ති මිල අඩුකෙරේ

අද (14) සිට සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් පවසනවා.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වන්නේ.

තනතුරු තාන්න මාන්න එපා, රටට හොඳ දෙයක් වෙනව නම් අපේ සහයෝගය දෙනවා – සජිත්

විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බවයි.