මියන්මාර වැසියන්ට උදව් කිරීමට අප්‍රේල් 11 පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි මේ වන ප්‍රකාශ කළා.

එසේම  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවයි  මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 2,700 ඉක්මවා ඇති අතර තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත්ට බරපතළ වැඩසහිත වසර 16 ක සිර දඬුවම්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියුතු පිරිස් වෙත ජීවිත රක්ෂණයක් හඳුන්වාදෙයි

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම කර්මාන්තවල නියැලී සිටින කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදී මෙම හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000/- රුපියල්, 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල්ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබා දෙන බවද එම මණ්ඩලය සඳහන් කළා.

රක්ෂණ ආවරණය රුපියල් 2,000/-, 4,000/-, 8,000/- වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වනවා.

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන අතර මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380 ක්.

මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එකතු වෙලා බලය පිහිටවනවා කියන විපක්ෂයට හිටපු මැ.කෝගෙන් අපූරු පාඩමක්….

https://www.youtube.com/embed/jcUYfmYuRjI?si=l9n13ZmL8xaliV7S” title=

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට මරණ තර්ජන. ආන්ඩුව පැත්තටත් ඇගිල්ලක් දික්වෙයි….

https://www.youtube.com/embed/YMirgCMHdf0?si=3OUaxK-ih2Td_IUg” title=

“ජාතිවාදී ප්‍රකාශ කරන මේ අයව අත්අඩංගුවට ගන්න” සිවිල් ක්‍රියාකාරික ප්‍රදීප් චාල්ස්……

https://www.youtube.com/embed/_klM54_X9VM?si=bfHM5IE8iZ86R9_L” title=

ගොඩාක් අයගේ address වැලිකඩට මාරුවීමට නියමිතයි – බිමල්

පසුගිය වසරේ සැප්තැම්බර් 21 ජනතාව විසින් ‘පෙනය පුප්පා’ පෙන්වූ බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ හේතුවෙන් දූෂිතයින්, ජාවාරම්කාරයින් සහ සොරුන් බය කර, තල්ලු කර දමා ඇති බවත්, නමුත් තරගය තවම අවසන් වී නොමැති බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බොහෝ පිරිසකගේ ලිපිනයන් වැලිකඩට මාරුවීමට නියමිත බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහල්ගත කරයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උග්ගල්බොඩ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එක් පුද්ගලයෙක් පොලිස් නිලධාරියෙකුගෙන් ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ගැටුමක් ඇතිව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බොරැල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන් SF සරත්ට මරණ දණ්ඩනය

2014 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් ‘SF සරත්’ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (01) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් ‘දෙමටගොඩ චමින්ද’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

2014 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමැත්තකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.