සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්න – ජනපති

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කර ඇති බවයි සඳහන් වන්නේ.

ICC World Cup Qualifier : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මේ සඳහා නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම සංචිතය සඳහා දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ හා දුෂාන් හේමන්තද නම් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.

64830fd83c997

අද ඩොලරයේ විකුණුම් මිල රු.301.12 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.288.08 ක් ලෙස හා විකුණුම් මිල රු.301.12 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

සහනදායි සහ වෙළඳපොළ මත පදනම් වූ මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙතැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.
එසේම එමඟින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකියාව පවතින බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළට

ලංකා සතොස භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව එම ආයතනය පවසනවා.

ඒ අනුව මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කිරිමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* මුං ඇට 1Kg – රු.325  කින් (නව මිල රු.1225)

* වියළි මිරිස් 1Kg – රු.60  කින් (නව මිල රු.1290)

* රතු පරිප්පු 1Kg – රු.15  කින් (නව මිල රු.299)

* රතු නාඩු සහල් 1Kg – රු.15 කින්  (නව මිල රු.200)

* හාල්මැස්සන් 1Kg – රු.10  කින් (නව මිල රු.1140)

* පාන් පිටි 1Kg – රු.10 කින්  (නව මිල රු.200)

* සෝයා මීට් 1Kg – රු.10 කින්  (නව මිල රු.650)

* රතු කැකුළු සහල් 1Kg – රු.06 කින්  (නව මිල රු.139)

* කඩල 1Kg – රු.05 කින්  (නව මිල රු.540)

* සුදු සීනි 1Kg – රු.04  කින්  (නව මිල රු.225)

6481e399de923

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ කරන්නේ නැහැ – සරත් වීරසේකර

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව්වීමට ඇති හැකියාව හේතුවෙන් මෙම නිර්දේශය ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව ත්‍රස්තවාදීන්ට හා අන්තවාදීන්ට උපකාර කළ කිසිවෙකුට හෝ අසාදු ලේඛන ගත කරන ලද සංවිධානවලට කිසිඳු කොටසක් මිලදී ගැනීමට හෝ ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය වසර 05 තුළ මෙරට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් එක් අයෙක් විදෙස් රටකින් වාහනයක් ගෙනල්ලා – මුදල් රාජ්‍ය ඇමති

රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයින් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714 ක් බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනගහනයෙන් අවුරුදු 18 ට අඩු පිරිස සහ අවුරුදු 70 ට වැඩි පිරිස ඉවත් කළ විට ජනගහනයෙන් 62% ක් මෙලෙස වසර 5 ක් තුළ 2,498,714 වාහන ගෙන්වා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ වාහනවලින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මෙය රටේ ආනයන, විනිමය වැය කිරීම් රටාව පිළිබඳ හොඳින් පෙන්නුම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
එසේම වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව අද (09) පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායකවරයා මේ බව දැනුම් දෙමින් සඳහන් කළේ, ඇතිවූ පුරප්පාඩුව සඳහා නීතීඥ රවුෆ් හකීම් පත්කර ඇති බවයි.

මංකිපොක්ස් ගැන අනියත බියක් ඇති කරගන්න එපා – සෞඛ්‍ය අංශ

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

මෙරටින් මේ වන විට  හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ගෙන ඇති බවයි විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පුද්ගලයින් 22 ක් රෝහල්ගත කෙරේ

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේදී අද (09) අලුයම බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ