සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසනවා.

ඒ අනුව වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්  දැක්වෙනවා.

* වටානා – රු.13  කින්  (නව මිල රු.275)

* පාන්පිටි – රු.5  කින්  (නව මිල රු.195)

* රතු පරිප්පු – රු.4  කින්  (නව මිල රු.295)

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහතින්.

648c375b32aa4pdf_page_0

විමල්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

විමල් වීරවංශට එරෙහි නඩුවක් කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, මෙම නඩුව 2017 වසරේ ගොනුකර තිබුනද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව මෙම නඩුව යළි ජුලි මස 17 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අවස්ථාවේ වාහන ආනයනයට අවස්ථාව ලබාදිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

රුපියලේ අගය අවප්‍රමාණය වීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 80 ක් පමණ එකවර අවශ්‍ය වූ බවත්, පසුව ඔවුන් වෙළඳපොලෙන් හා මහ බැංකුවෙන් එය ලබාගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ඩොලර්වල ආයෝජනය කරන පිරිස්ද වෙළඳපොලෙන් ඩොලර් මිලදී ගැනීම යන කරුණු හේතුවෙන් ඩොලර්වල මිල ඉහළ යාමට හේතුවූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මෙම අවස්ථාවේ රථ වාහන ආනයනයට අවස්ථාව ලබාදිය නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

වව්නියාවේ සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් මරුට

වව්නියාව කන්නට්ටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සහ 6 හැවිරිදි වියේ පසුවූ ඇයගේ කුඩා දියණියයි.

අනතුරත් සමඟ ටිපර් රථයේ පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු පළාගොස් ඇති අතර අනෙක් දෙදෙනා ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

648c0c427bfcc

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමේ

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවද මෙලෙම ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

648be95f4afb1pdf_page_0

Cricket World Cup Qualifier Warm-up: අමෙරිකාවට ලකුණු 393 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක්  දැවී ලබා ලකුණු 392 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 111 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් ලබා ගත්තා.

Cricket World Cup Qualifier Warm-up: ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන දෙවන පුහුණු තරග අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර පුහුණු තරගය අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතයි.

LPL වෙන්දේසියේ දී ඩිල්ෂාන් මදුෂංක සහ චරිත් අසලංක වැඩිම මුදලකට අලෙවි වේ

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) පැවැත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 විසින් විවිධ ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණා.

එහිදී වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක වන අතර, ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට මිලදී ගත්තා.

වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක වන අතර ඔහු ඇමෙරිකානු ඩොලර් 80,000 කට මිලදීගෙන තිබුණා.