ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (22) A කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.
ඒ අනුව පළමු තරගය නේපාල කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එසේම නෙදර්ලන්තය හා අමෙරිකා කණ්ඩායම අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිත අතර තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වනවා.
Author: Supun
ඊයේ තරග සාරාංශය
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (20) පැවති තරග දෙකෙන් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ස්කොට්ලන්තය හා අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු එකක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඊයේ පැවති දෙවන තරගය UAE කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට UAE කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 227 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම 46 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් කලාපවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්, ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග ඒකාබද්ධව බත්තරමුල්ල, ගොතටුව සහ මහරගම යන අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම වැඩසටහනේදී නිවාස පරිශ්‍ර 7000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට නියමිත බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේ.
මේ වන විට ඩෙංගු රෝගීන් 46,473 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්
ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
කෙසේ නමුත් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඝාතන ගැන දැඩි පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්
දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින ඝාතන සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊයේ (21) පැවති සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට නීතිපතිගෙන් ප්‍රතිඥාවක්
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් කැඳවීමට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
රාත්‍රී සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලය සංශෝධනය කෙරේ
සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10.00 සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම්
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදහන් වූ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අතුරුදහන් වූ ප්‍රදේශය අසලින් ශබ්ද කිහිපයක් නිකුත්වී ඇති අතර ඒ ඔස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
මේ වන විට තවත් පැය 20 කට වඩා අඩු කාලයක් සඳහා එම සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බවටයි විශ්වාසය පළකරන්නේ.
මෙම අතුරුදන් වූ සබ්මැරීනයේ පස්දෙනකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමක් සිට ඇති අතර අමෙරිකාවේ මැසචුසෙට් වෙරළට කිලෝමීටර් 1,500 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක දී සබ්මැරීනය සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවයි එම සබ්මැරීනය අයත් සමාගම සඳහන් කරන්නේ.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය පෙත්සම ඉල්ලා අස්කර ගනී
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥවරයා මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිට තිබුණා.
රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්
පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව අද (21) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
