ICC CWC Qualifier: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (23) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා ඕමානය අතර තර​ඟය අද

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (23) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය Bulawayo හිදී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (22) පැවති තරග දෙකෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණයි. ඒ අනුව තරගය ලකුණු 101 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

අමෙරිකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට අමෙරිකා කණ්ඩායමට ආරාධනා කළා. ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර ගිය අතර ඒ අනුව තරගය කඩුලු 5 කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

මේ අතර තරගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕමාන කණ්ඩායම සමත්වී සිටිනවා.

භාණ්ඩවල මිල අඩු කිරීමට පාලන මිල පැනවීමට අවධාන​ය

උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පාලන මිලවල් අඩංගු ගැසට් නිවේදන පැමිණීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙළඳුන් විවිධ දේ සඳහන් කළද මේ දක්වා ගෙන ආ ආර්ථික වාසිය ලබාගතහොත් භාණ්ඩ මිල අඩුකළ හැකි බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

නාකොටික් නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

පසුගිය ජනවාරි මස 10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු PUCSL නව සභාපති ලෙස පත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඒ සඳහා හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අස්වැසුම සහනාධාරය ලැබිය යුතු පිරිස් වෙත ලැබී නැහැ – ජගත් කුමාර

අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීමේ අරමුණින් ආරම්භ කළ අස්වැසුම වැඩපිළිවෙළට ඇතුළත් කර ගත් පුද්ගලයින් අතර රාජ්‍ය නිලධාරීන් ඇතුළු ධනවතුන් ද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද අස්වැසුම වැඩපිළිවෙළේ අක්‍රමිකතා ඇති බවට චෝදනා කළා.

අසාධාරණයට පත්වූ ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී ජගත් කුමාර අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුමේ සිදු කරන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

30 වැනි සිකුරාදා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ජුනි මස 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

6495278b1e666pdf_page_0

ජනපති හා අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ශක්තිමත් දේශීය හිමිකාරීත්වය පිළිබඳ සතුටු වන බවයි ඇය එහිදී සඳහන් කර තිබෙන්නේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව අතරතුර මෙම හමුව සිදුව තිබෙනවා.