මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් මස ඇරඹේ

මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් පවසනවා.

ඒ අනුව ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වන බවයි රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට ශ්‍රී ලංකාවේ තේ ලබාදීමට එකඟතාවක්

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොහොයිල් කෙයිරි සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් පළමුව තේ අපනයන කරනු ලබන බවයි.

එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ICC CWC Qualifier: අයර්ලන්තයට ලකුණු 326 ක ඉලක්කයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 103 ක්, සධීර සමරවික්‍රම ලකුණු 82 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42 ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Adair කඩුලු 4 ක් හා Barry McCarthy කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 326 ක්.

ICC CWC Qualifier: දිමුත්ගෙන් ශතකයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.

ICC CWC Qualifier: කාසියේ වාසිය අයර්ලන්තයට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (25) පැවැත්වෙනවා.

අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය Bulawayo හිදී ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (24) පැවති තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 233 ක් පමණයි.

මේ අතර නේපාල කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නේපාල කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම 28 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී සිටිනවා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕමාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 10 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන්ට පන්දුවාර 30 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 98 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 5 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61 ක් හා පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාවට ලකුණු 99 ක ඉලක්කයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඕමාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 30 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 98 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 5 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 99 ක්.

ICC CWC Qualifier: පන්දුවාර 10 ක් අවසානයේ ඕමාන ලකුණු පුවරුව – 21/4

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඕමාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඕමාන කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 21 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.