හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි සඳහන් වන්නේ.

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබනවා.

ICC CWC Qualifier: සුපිරි 6 වටයේ තරග අද ආරම්භ වෙයි

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) ආරම්භ වනවා.

ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි

ජපානය බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) සිට ජපානයේ Narita බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නැවත කොළඹට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙලෙස යළි පැමිණ ඇත්තේ, UL 454 දරණ ගුවන් යානය බවයි සඳහන් වන්නේ.

ගුවන් යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි කොළඹට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC Qualifier: සුපිරි 6 වටයට පිවිසි කණ්ඩායම්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට (29) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව අපරාජිතව ප්‍රසාද ලකුණු 4 ක් සමඟින් සුපිරි 6 වටයට පිවිසෙන අතර ශ්‍රී ලංකාව මේ වන විට සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත්ව තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටින අතර ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 2 බැඟින් ලබා සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕමාන කණ්ඩායම ප්‍රසාද ලකුණු 0 ක් සමඟින් සුපිරි 6 වටයට පිවිස තිබෙනවා.

අදාළ ලකුණු සටහන පහතින්.

649bb41bbe661

අද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක්

අද (28) දිනයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා එහිදී කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

මේ අතර ජුලි 01 වන සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් කථානායකවරයා විසින් නිකුත් කර තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව කොමිෂන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ.

අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) දිනයෙන් අවසන් කෙරුණා.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (28) සවස කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි සඳහන් වන්නේ.

බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කෙරේ

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63 දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට මෙලෙස සේවා කාලය දීර්ඝ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මඟින් සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධයි – හර්ෂ

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකළ යුතු නම් එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන අදහස් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ණය කපා හැරීමකින් තොරව යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරනවා නම් රජය ලබාගත් ණය ඒ ආකාරයෙන්ම ගෙවිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් රජයේ යෝජනාව සම්බන්ධයෙන් තවමත් නොදන්නා බවත්, එය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති බවත්, එම යෝජනාවලිය ප්‍රකාරව සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

පෙත්සමකට විරෝධතා ගොනුකිරීමට බදියුදීන්ට කල් ලබාදෙයි

අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කල් ලබාදී තිබෙනවා.

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

එම පෙත්සම අද (28) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.