CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ සහ වැඩි වූ මිල සහ නව මිල ගණන්  පහතින්  දැක්වෙනවා.

ඉහළ දැමූ ඉන්ධන

* පෙට්‍රල් 92 – රු.10  කින්  (නව මිල රු.328)

* සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.346)

පහළ දැමූ ඉන්ධන

* පෙට්‍රල් 95 – රු.20 කින්  (නව මිල රු.365)

* ඔටෝ ඩීසල්  – රු.02 කින් (නව මිල රු.308)

* භූමිතෙල් – රු.09 කින් (නව මිල රු.236)

649f7abcede89pdf_page_0

හෙට සිට විදුලි ගාස්තු 14% කින් අඩු කෙරේ

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2% විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65% ක ගාස්තු අඩුවීමක් සිදුවන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩුවන අතර මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කර තිබෙනවා.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක  ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කිරීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මත්පැන් මිල ඉහළට

මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දුම්වැටි මිල ඉහළට

දුම්වැටියක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 4 ක දුම්වැටි මිල ගණන් පිළිවෙලින්, රුපියල් 5 , රුපියල් 15 , රුපියල් 20 සහ රුපියල් 25 ලෙස ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

ICC CWC Qualifier: නෙදර්ලන්තයට ලකුණු 214 ක ඉලක්කයක්

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213 ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 93 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 33 ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28 ක් හා වනිඳු හසරංග ලකුණු 20 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Logan van Beek කඩුලු 3 ක්, Bas de Leede කඩුලු 3 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.
ලකුණු පුවරුව පහතින්.

649eb13428d74

ICC CWC Qualifier: පන්දුවාර 25 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 96/5

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 25 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් ලබාගත් අතර පන්දුවට පහරදෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 39 ක් හා දසුන් ශානක ලකුණු 5 ක් ලබා සිටිනවා.

ICC CWC Qualifier: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය අද (30) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත වෙනුවට ඩිල්ෂාන් මදුෂංක කන්ඩායමට කැඳවා තිබෙනවා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය අද

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (30) පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

සතොස සහල් වර්ග 3 ක මිල අඩු කරයි

සතොස සහල් වර්ග 3 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශීය සුදු කැකුළු, දේශීය සුදු නාඩු, රතු කැකුළු යන සහල්වල මිල මෙලෙස පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ මිල ගණන් පහතින්.

649e8a49583e6

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ ආරම්භ කරයි

මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අද (30) වැඩ භාරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එයාර් මාර්ෂල් නිලයට අද උසස් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ලෙස මෙලෙස වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු තම සේවා කාලයේදී අති දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙසත් ප්‍රවාහන ගුවන් යානා නියමුවෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.