චමරි අතපත්තු ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පැමිණෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ශතක දෙකක් වාර්තා කරමින් ඇය දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙතෙක් එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණේ පසු වූ ඕස්ට්‍රේලියාවේ Beth Mooney දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙරට අයවැය සහාය සඳහා ලෝක බැංකුවෙන් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් මෙලෙස ලබාදී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව පසුගියදා අනුමැතිය ලබාදී තිබුණා.

කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල වර්ධනයක්

අද (04) දින ‌පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව උදෑසන 11.30 වනවිට සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5 ක් ලෙස සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.204 කින් (නව මිල රු.2,982)

* කිලෝ ග්‍රෑම් 5 – රු.83 කින් (නව මිල රු.1,198)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.37 කින් (නව මිල රු.561)

දින 05කට පසු බැංකු සහ කොටස් ගණුදෙනු අද ආරම්භ වෙයි

‍දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සිකුරාදා වෙන්කරන ලද විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04) සිට විවෘත කර තිබෙනවා.

ඒ අනුව ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සිය සේවාවන් ඉටු කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර දින 05කට පසුව කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

‍ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා ඇති අතර භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බවයි සඳහන් වන්නේ.

මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64a38428c2c67pdf_page_0

64a38428d18c7pdf_page_1

පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය සඳහා අයදුම් කිරීම අද ආරම්භ වෙයි

උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව 2019, 2020, 2021 යන වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවත්, ජුලි 04 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා මේ සඳහා අයදුම් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයැදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකියාව පවතිනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කරයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව අද (04) සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ, ඉල්ලීම් 8 ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් දීප ව්‍යාප්තව විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට අඩු වෙයි‍

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,000 කට වඩා පහළ අගයකට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය සඳහා අයදුම් කිරීම හෙට ආරම්භ වෙයි

උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව 2019, 2020, 2021 යන වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවත්, ජුලි 04 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා මේ සඳහා අයදුම් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ණය මුදලෙහි සම්පූර්ණ පොලිය රජය විසින් ගෙවනු ලබන බවත් රැකියා අභිමුඛ පාඨමාලා සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා තරඟයක් ඇති වුවහොත් දරුවන්ගේ Z-Score එක අනුව තෝරා ගැනීම් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.