ICC CWC qualifiers: ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty ලකුණු 87 ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී සිටියදී 44 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 104 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 34 ලබා ගත්තා.

ICC CWC qualifiers: පැතුම්ගෙන් ශතකයක්

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.

ICC CWC qualifiers: ශ්‍රී ලංකාවට ලකුණු 244 ක ඉලක්කයක්

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty ලකුණු 87 ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 244 ක්.

ලකුණු පුවරුව පහතින්.

64a7f00b9d3c6

නව පොලිස්පතිවරයෙක් පත් කිරීම ඉක්මනින් සිදුකරනවා – අගමැති

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් සේවාව පිළිබඳ සියලු කටයුතු මේ වන විට දිස්ත්‍රික්ක පොලිස් ප්‍රධානීන් විසින් සිදු කරගෙන යන බවයි.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඕනෑම අවස්ථාවක කැඳවා අදාළ පත්වීම අනුමත කිරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

ICC CWC qualifiers: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

වනිඳු හසරංග හා ධනංජය ද සිල්වා විවේක ගන්වා ඇති අතර සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත තරගයට කැඳවා තිබෙනවා.

Threads සමාජ මාධ්‍ය ජාලය​ට එරෙහිව නීතිමය පියවර ගැනීමට Twitter සැරසෙයි

මේ වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සලකා බලන බව Twitter සමාගම පවසනවා.

Threads සමාජ මාධ්‍ය ජාලය බොහෝ දුරට Twitter ට සමාන වන අයුරින් Meta සමාගම විසින් නිර්මාණය කර තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Twitter නීතීඥයින් විසින් Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවා චෝදනා කර ඇත්තේ, ට්විටර් හි වෙළඳ රහස් සහ වෙනත් බුද්ධිමය දේපළ ක්‍රමානුකූලව, හිතාමතා සහ නීති විරෝධී ලෙස සහ අනිසි ලෙස පරිහරණය කරන ලද බවයි.

සෑම පරිපාල​න ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64a78cf35d1fdpdf_page_0

ICC CWC qualifiers: නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ 28 වැනි තරගයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 42.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

Bas de Leede පන්දු 92 කින් ලකුණු 123 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය කරා රැගෙන යාමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සමගින් තරග වදින්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

ICC CWC qualifiers: ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර තරගය අද

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

නව පනත හරහා ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලැබෙනවා – සිසිර ජයකොඩි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගා කිරීමේ බලය ලැබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වගා කළහොත් සිරගත වීමට සිදුවිය හැකි බවත්, ඉදිරිපත් කරන නව පනත සම්මත වන දිනය අනුව මෙහි කාල රාමුව තීරණය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ආයුර්වේද කොමසාරිස් විසින් ඒ සඳහා වන රෙගුලාසි පැනවිය යුතු බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩි දුරටත් සඳහන් කළේ.