සතොස ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64acfc436ef98

‍ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ප්‍රකාශයට පත් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2023/24 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

2023 සහ 2024 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64aca94d6097dpdf_page_0

Lanka T10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ

Lanka T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 දක්වා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති අතර තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කළ හැකියි.

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

විනේ මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ තිබෙනවා.

මුදල් හුවමාරු ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

අදාළ ආයතන පහතින්.

64abdffb4f7adpdf_page_0

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක්

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (09) රාත්‍රියේ 10.10ට පමණ ගුවන් යානයක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතයි.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

එම පෙත්සම් අද (10) විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බවට චෝදනා කර සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ, මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවත් ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

මනම්පිටිය බස් අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස් රථයක් ඔයට පෙරළී සිදුවු අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත් වන්නට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ බස්රථ රියදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.318 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 304.02 ක් ලෙස හා විකුණුම් මිල රු 318.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

64abc1fa03b62