සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල 22 වනදා ඇරඹේ

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් නාට්‍ය උළෙලක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ජුලි 22 වනදා සිට 28 වනදා දක්වා දින හතක් මෙය පැවැත්වීමට නියමිත අතර මෙහිදී නාට්‍ය රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහි ප්‍රවේශ පත්‍ර සම්බන්ධ තොරතුරු සඳහා 0757585998 හා 0717691759 දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකියි.

64b8c96d375bf

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.

මිය යන විට ඔහු 93 වන වියේ පසු වුණා.

මෙරට තේ කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා විශාල සේවයක් කර ඇති ඔහු උසස්ම වර්ගයේ තේ නිර්මාණය කරමින් ලාංකීය තේ එකතුවක් ලොව පුරා ව්‍යාප්ත කර තිබෙනවා.

STF වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙක් මරුට

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇත. ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති අද ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු හා අගමැති ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ආසියානු කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන තරගාවලියට තරග 13 ක් ඇතුළත් වනවා.

තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිත අතර පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරග දෙකක් වන බංග්ලාදේශ-ඇෆ්ඝනිස්තාන තරගය හා ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගය ලාහෝර් හී දී පැවැත්වීමට නියමිත අතර, සුපිරි 4 වටයේ පළමු තරගය ද ලාහෝර් හී දී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සුපිරි 4 වටයේ සෙසු සියලු තරග කොළඹ දී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ද කොළඹදී පැවැත්වීමට නියමිතයි.

අදාළ කාලසටහන පහතින්.

64b8b2cd9cb06

2022 උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් කිරීමට හැකිවේවි – අධ්‍යාපන අමාත්‍යාංශය

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ද ජුලි මස 28 වන දින අවසන් වීමට නියමිත බවද, අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64b7b869834cc

දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මත වෙයි

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි, හරි දේ කරන කාලයක් – ෆාරීස් හැඩඩ් සර්වෝස්

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් පවසනවා.

මේ වන විට සිදුකරගෙන යන වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යන ලෙසත්, මෙය දේශපාලනය සිදුකරන කාලයක් නොවන බවයි කොළඹ දී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට නැවතත් හිස එසවීම සඳහා මෙය සුදුසු කාලය බවත් නිවැරදි දේ සිදුකළ යුතු කාලයක් බවයි ෆාරීස් හැඩඩ් සර්වෝස් වැඩිදුරටත් සඳහන් කළේ.

සක්විති සහ බිරිඳ අධිකරණය හමුවේ වරද පිළිගනියි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කියවනු ලැබූ අතර අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික වශයෙන් ගෙවීමටත් එහි පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා තිබෙනවා.

සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා.

උතුරු පළාතේ නාඩු වී මිලදී ගැනීමේ ගැටලුවක් – වී අලෙවි මණ්ඩලය

ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කවල මෙන්ම උතුරු පළාතේ නාඩු වී මිලදී ගැනීමේ ගැටලුවක් මතුව ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ගොවීන් දිග නාඩු නැමති වී ප්‍රභේදය වගා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.

එම ගොවීන්ගෙන් වී මිලදී ගත්ත ද, සහල් බවට පත් කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.