ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමක් සිදු වුවද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමක් සිදු වුවද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් පළමු සතිය වන විට එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදී අද (04) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.
දෙවන තරගය Galle Titans කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය රාත්‍රී 7.30 ට ආරම්භ වනවා.
විශ්ව විද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධි ගලනයක් සිදුවෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.
ඒ අනුව පසුගිය මාස 06 තුළ පමණක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ විශ්ව විද්‍යාල හැර ගොස් ඇති බවයි එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන සඳහන් කළේ.
පවතින තත්ත්වය මත 4000 ක පමණ පුරප්පාඩු ඇතිවී ඇති බවත් මේ හේතුවෙන් ඇතැම් පීඨ පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලු මතුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තවමත් නිසි විසඳුමක් නොලැබී ඇති බවත් ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගෝස්තු 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් 93%ක් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තැන්පත් කර ඇති මුදල් වලින් 86%ක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ.
එසේ රජය විසින් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් ණය කපා හැරීම තුළින් මිලියන විස්සකට අධික වැඩ කරන ජනතාවකට දැඩි අසාධාරණයක් සිදුවන බවද ඔවුන් අදාළ පෙත්සමෙන් පෙන්වා දෙනවා.
මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව එම සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ පටන් වර්ධන මාවතකට යොමු කිරීමට පදනම සකසන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
CPA AUSTRALIA ගණකාධිකරණ අධ්‍යයන ආයතනයේ උත්සවයක් අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.
වෙනත් නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකා බැලීම කල් තබන බවයි විනිසුරු මඬුල්ල සඳහන් කළේ.
මිල සූත්‍රය අනුව නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.
ඒ අනුව ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජල ගාස්තු සංශෝධනයට සාපේක්ෂව අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව යම් මාසයක භාවිතය ශුන්‍ය වුව ද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමට අමතරව වෙනත් විකල්ප ජල ප්‍රභව කිහිපයක් භාවිත කරන විට ඒ සඳහා පරිහරණ ගාස්තුව වශයෙන් ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරන අතිරේක ගාස්තුවක් පාරිභෝගිකයා ගෙවිය යුතු වනවා.
ජල සැපයුමක් රහිතව මලාපවහන සේවා පමණක් ලබාගෙන ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පාරිභෝගිකයින්ගේ ද සහභාගිත්වයෙන් කරන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරන ඇස්තමේන්තු අගයකට මලාපවහන ගාස්තු නියම කළයුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.