මෙරට තුළ ඖෂධ වර්ග 245 ක හිඟයක් මේ වන විට පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ක්‍රියාමාර්ග 3ක් යටතේ එම ඖෂධ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ.
Author: Supun
ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර
ජල ගාස්තු සඳහා ඉදිරියේදී මිල සූත්‍රයක් හදුන්වාදීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ජලය පිරිපහදුව සඳහා වැයවන විදුලි ගාස්තු, රසායන ගාස්තු, ද්‍රව්‍ය ඇතුළු පිරිවැය මත පදනම්ව එම මිල සුත්‍රය සකස් කරන බවද, ඊට අනුකූලව මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවද එම අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර පවසනවා.
ඉදිරියේදී විදුලි බිල අඩු වුවහොත් ජල බිලද අඩුවිය හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
LPL 2023: B-Love Kandy කණ්ඩායමට කඩුලු 7 ක ජයක්
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 61 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman හා ඉසුරු උදාන කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු තුනක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 48 ක්, Fakhar Zaman ලකුණු 28 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා.
LPL 2023: B-Love Kandy කණ්ඩායමට ලකුණු 157 ක ඉලක්කයක්
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 61 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman හා ඉසුරු උදාන කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157 ක්.
ලකුණු පුවරුව පහතින්.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5 ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර දැයෙන් සමුගනියි
ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඬකැවීම් ශිල්පියෙක් හා රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතාගේ අවසන් කටයුතු අද (04) සිදුකරනවා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු වැඩසටහන් නිෂ්පාදකයෙක්, රංගන ශිල්පියෙක්, හඬකැවීම් ශිල්පියෙක්, රූපවාහිනී නිවේදකයෙක් ආදී විවිධ භූමිකාවලට දායක වී තිබෙනවා.
හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ලොකු කුඩා කා අතරත් ජනප්‍රියතාවට පත්වූ අතර ඔහු විසින් හඬ කැවූ චරිත අතර සූරපප්පා කාටූන් මාලාවේ සීසර් සහ අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ චානක්‍ය චරිත ඉමහත් ජනාදරයට පත්වුණා.
ලාල් සරත් කුමාර මහතා පසුගිය අගෝස්තු 01 වනදා අභවප්‍රාප්ත වූ අතර ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.
මිහින්තලාවට පැමිණෙන පිරිස් ඇඳිරි වැටීමට පෙර පැමිණෙන්න – මිහින්තලා විහාරාධිපති
විදුලිය විසන්ධි කර ඇති බැවින් මිහින්තලා පුදබිමට පැමිණෙන පිරිස් ඇඳිරි වැටීමට පෙර පැමිණෙන ලෙස මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් ඊයේ (03) රාත්‍රියේ පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් පන්දම් දල්වා ගනිමින් එහි නැරඹුම් ස්ථාන නිරික්ෂණය කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.
2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊයේ මිහින්තලා පුජා භුමියේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණා.
LPL 2023: කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
LPL තරගාවලියේ පළමු දින 03 තුළින් රුපියල් මිලියන 1.8 ක් ලිට්ල් හාට්ස් අරමුදලට
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පැවති පළමු දින 03 තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.8 ක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව මෙතෙක් ක්‍රීඩා කර ඇති පළමු තරග 5 තුළදී හතරේ පහර 129 ක් සහ හයේ පහර 50 ක් වාර්තා වී ඇති අතර, නිලකුණු පන්දු 494 ක් යොමුකර තිබු බවයි සඳහන් වන්නේ.
තරගාවලියේ සෑම තරගයකදීම සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක්, ලකුණු හයක් සඳහා රුපියල් 6,000 ක් සහ තරගාවලියේදී යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිට්ල් හාට්ස් වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

නියං තත්ත්වය ගැන ගොවි ජනතාව දැනුවත් නොකිරීම ගැන අදාළ සියලු අංශ වගකීම භාරගත යුතුයි – කෘෂිකර්ම ඇමති
යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවට වන පණිවිඩය ගොවි ජනතාවට ලබා නොදීමේ වගකීම ඊට අදාළ සියලු අංශ විසින් භාරගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මෙවර යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවිම මෙන්ම ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවට ගොවි ජනතාවට කිසිදු අංශයකින් දැනුම්දීමක් සිදුකර නොතිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම නියඟය හා ජල හිඟය සම්බන්ධව ගොවි ජනතාව දැනුවත් නොකිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශ බාර ගත යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
