එංගලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය වනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායිකා චමරි අතපත්තු පන්දු 31 කින් ලකුණු 55 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 30 ක් ලබා ගත්තා.

Asia cup 2023: පාකිස්තානයට ලකුණු 267 ක ඉලක්කයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 266 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ishan Kishan ලකුණු 82 ක් හා Hardik Pandya ලකුණු 87 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු 4 ක් හා Naseem Shah සහ Haris Rauf කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 267 ක්.

බිම්පුත් ෆිනෑන්ස් PLC බලපත්‍රය අවලංගු කෙරේ

මූල්‍ය ව්‍යාපාර කරගෙන යාමට මුදල් ව්‍යාපාර පනත යටතේ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය එම පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩවම කඩ කරමින් / පටහැනි ලෙස කටයුතු කර ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රාග්ධන ඌණතාවය, වත්කම් වල අඩු ගුණාත්මක මට්ටම හා අඛණ්ඩ අලාභ ලැබීම හේතුකොට ගෙන සමාගමේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී තිබෙනවා.
ඒ අනුව, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හට අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ව්‍යාපාරවල නිරත වීමට අවසර නෙමැති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

64f1d26b60590pdf_page_0

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ගාස්තු 5% කින් වැඩි කෙරෙන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මාලිගාවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බංග්ලාදේශයෙන් ලබාගත් ණයේ දෙවන වාරිකයත් ගෙවයි

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය ද ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් ගෙවා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය මාසයේ දී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණා.

හිටපු ඇමති චන්න ජයසුමනට රටෙන් යන්න සිද්ද කරනවා කියන අසේල සම්පත්..

https://youtube.com/watch?v=kJfzZY8utTQ%3Fsi%3DJknwrf4sXJ5nHKHd

බස් ගාස්තු ඉහළට

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට නියමිත අතර අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.

නව බස් ගාස්තු පහතින්.

64f1ccd089b73 64f1ccd0792e4

ඉන්ධන QR ක්‍රමවේදය ඉවත් කෙරේ

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් ඉන්ධන QR ක්‍රමවේදය අද (01) අහෝසි කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.