පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කිරීමට GMOA තීරණය කෙරේ

රට තුළ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සමාජයට තුළ නිසි අවබෝධයක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නව ලිට්‍රෝ මිල ගණන් අද ප්‍රකාශයට පත් කෙරේ

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද සඳහන්.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, ඇල්පිටිය කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, පාලින්දනුවර, වලල්ලාවිට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කිරිඇල්ල, අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Asia cup 2023: බංග්ලාදේශයට ලකුණු 89 ක ජයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 89 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු මෙහෙදි හසන් මිරාස් හා නජ්මුල් හොසේන් ශන්ටෝ ශතක වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණයි.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 75 ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 51 ක් රැස් කළා.

සමනල වැව ජලාශයේ ජල කාන්දු වන ස්ථානය වසා දැමීමට පියවර

සමනල වැව ජලාශයෙන් ජලය කාන්දුවන ස්ථාන වසා දැමීමේ කටයුුතු එළඹෙන සතිය තුළ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අවස්ථාවේ කාන්දු වසා දැමීමට පියවර නොගතහොත් ඊට යළි අවස්ථාවක් උදා නොවනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා ජලාශයේ නිරීක්ෂණයකට එක්වෙමින් සඳහන් කළේ.

මිලියන 10-15 අතර මුදලකින් මෙහි ජල කාන්දුවන ස්ථානය වසා දැමිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන QR ක්‍රමවේදය ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා – කංචන

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව QR ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීම බවයි අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙන්නේ.

පෙරේදා දින වන විට QR ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබෙන බවද සඳහන්.

පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් QR කේතය තවදුරටත් අවශ්‍ය නොවන බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝකයේ මහබැංකු අධිපතිවරුන් අතරින් ආචාර්ය නන්දලාල් වීරසිංහට ඉහළ ශ්‍රේණිගත කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ‘A-‘ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබෙනවා.

1994 වසරේ සිට ක්‍රියාත්මක ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙලෙස ‘A-‘ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මෙලෙස ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

බස් ගාස්තු අද ඉහළට

බස් ගාස්තු 4%කින් ඉහළ නැංවීම අද (03) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අවම ගාස්තුව වන රුපියල් 30 වෙනසක් සිදුවී නොමැති  බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉහළ දැමූ බස් ගාස්තු පහතින්.

64f3ec055c929 64f3ec0548172

Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගය වර්ෂාව නිසා අතහැර දැමේ

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් මෙලෙස තරගය අතහැර දැමීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.