ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව කුලපතිවරයෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව කුලපතිවරයෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

https://youtube.com/watch?v=amf7B32mKpE%3Fsi%3D2QE6mSXNULVGhZ1U
තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.
ලබන 12 වෙනිදා උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිටින ලෙසයි කොටුව මහෙස්ත්‍රාත්වරයා ඔහුට දැනුම්දී ඇත්තේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද (06) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව නිවේදනය කර තිබෙනවා.
අදාළ Twitter පණිවිඩය පහතින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ Channel 4 නාළිකාව ඊයේ (05) රාත්‍රීයේ විකාශය කර තිබෙනවා.
එම වැඩසටහනට එක් වෙමින් පළමු වරට හෙළිදරව්වක් සිදුකරන අසාද් මවුලානා නැමැත්තෙකු පවසන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර තවුහීද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙක් සහ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කළේ තමන් විසින් බවයි.
පිල්ලෙයාන් හෙවත් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ සහයකයෙකු සහ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති අසාද් මවුලානා නැමැත්තා, පිල්ලෙයාන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව එම හමුව සංවිධානය කළ බවද, එම හමුවට පෙර සයීනි මවුලවි නැමැත්තා හමුවන ලෙස තමාට උපදෙස් ලැබුණු බවද ඔහු හෙළදරව් කරනවා.
සයීනි මවුලවි නැමැත්තා පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව පසුව දැනගත් බවද Channel 4 වැඩසටහනේදී ඔහු පවසනවා.
අදාළ හමුවෙන් අනතුරුව තමා වෙත පැමිණි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විසින්, රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරිමට අවශ්‍ය වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත්, තමන් සමඟ ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කරනවා.
මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පිල්ලෙයාන් ප්‍රතිචාර නොදැක්වූ බවද, හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙයට ප්‍රතිචාර දක්වමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවද Channel 4 වාර්තා වැඩසටහන සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.