ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එවැනි නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බවයි ඔහු අධිකරණයට පෙන්වා දී ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Author: Supun
මැයි 9 හානි වූ බස් රථවලටත් වන්දි ලබාදිය යුතුයි – ගැමුණු
නිවාස හානිවූ මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදෙන්නේ නම් මැයි 9 ගිනිබත් වූ බස් රථවලටද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අරගලය හේතුවෙන් බස් රථ 50 ක් සම්පූර්ණයෙන් විනාශ වූ බවත් තවත් බස් රථ 50 ක් පමණ අර්ධ වශයෙන් හානි වූ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ.
රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොමැති බවත් බස් රථයකට මිලියන 10 බැඟින් බස් රථ 50 ට වැය වන්නේ මිලියන 500 ක් පමණක් වන අතර එය සුළු මුදලක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට
ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව සොයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සන්, සුදුළූනු, ලොකුළූනු, රතු පරිප්පුවල භාණ්ඩවල මිල මෙලෙස පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යන ක්‍රිකට් සංචිතයේ නායකත්වය සහන් ආරච්චිගේ ට
19 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලිය ලබන 23 වැනිදා සිට ඔක්තෝම්බර් 8 වැනිදා දක්වා චීනයේ හැංශුයි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කළේ.
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා පිරිමි (ශ්‍රී ලංකා A) හා කාන්තා සංචිතද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතයේ නායකයා ලෙස සහන් ආරච්චිගේ නම් කර ඇති අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු නම්කර ඇති බවයි සඳහන් වන්නේ.
තරගාවලිය ක්‍රීඩා 21කින් සමන්විත වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බීච් වොලිබෝල් , ගොල්ෆ් , ඔරු පැදීම , යාත්‍රා පැදීම, ජල ක්‍රීඩා, බැඩ්මින්ටන්, දුනු ශිල්පය, බොක්සිං, චෙස්, විද්‍යුත් ක්‍රීඩා, ජූඩෝ, වුෂු, මල්ලවපොර, බර ඉසිලීම, ටයිකොන්ඩෝ, ස්කොෂ්, කරාටේ, ක්‍රිකට් සහ මලල ක්‍රීඩා යන තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවීමට නියමිතයි.
තරඟාවලියට සහභාගී වන ක්‍රිකට් සංචිත පහතින්.

ICC CWC 2023 : ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරේ
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණය අද (20) දිනයේ දී ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. වනිඳු සහ දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වයන් හා දසුන් ශානක සම්බන්ධයෙන් වන තීරණය ඉක්මනින් දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
අදාළ twitter පණිවිඩය පහතින්.

ශ්‍රී ලංකා රජය සහ Facebook සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ Facebook මව් සමාගම වන Meta හි ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති Sir Nick Clegg අතර හමුවක් සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.

විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණු කෙරෙන පිරිස වැඩි කිරීමට තීරණයක්
පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.
ඒ අනුව සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණු කිරීම සඳහා වසර 5ක පමණ කාලයක් ගතවෙන බවත් වසර 5කදී පමණ මෙම ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳීමට හැකියාව ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.
විදේශ පුහුණුව ලැබීමට වෛද්‍යවරු 600ක පමණ පිරිසක් විදේශගතව ඇති බවත් එම පිරිසෙන් යම් පිරිසක් නොපැමිණෙන බවත් 50% ක ප්‍රමාණයක් පැමිණියද පවතින ගැටලුවට යම් විසඳුමක් ලැබෙන බවද වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
එසේම වයස අවුරුදු 63 සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ට කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමටද මේ වන විට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත, මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිලිමත් බවෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
මගීන්ගේ ගමන් බඩු අඩංගු බහාලුමක තිබී රුපියල් 16,470,000ක් වටිනා හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව බෙල්ජියමේ සිට මෙරටට ලැබී තිබූ ගමන් මල්ලක තිබී එම මත්ද්‍රව්‍ය තොගය හමු වු බවයි රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.
එහි තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 98ක් රේගු භාරයට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදුවී තිබෙනවා.
දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී බංග්ලාදේශ අගමැතිනිය ජනාධිපතිවරයා සමඟ පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
නිවේදනය පහතින්.

