විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාවේ උපකල්පනවල පරස්පරතා ගැන මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද උපකල්පනවල වෙනස්වීම් පවතින බැවින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

සැප්තැම්බර් මාසය සඳහා දිනකට ගිගා වොට් පැය 44.70 ක විදුලි ඉල්ලුමක් ලැබෙනු ඇති බව තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්ව ඇති ඉල්ලුම ගිගා වොට් පැය 41.01ක් බවයි මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ.

ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බවද සිය ලිපිය මඟින් එම කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ උපකල්පනය, දත්ත සමඟ නොගැලපෙන බැවින් ඔක්තෝබර් 18 වනදාට පෙර නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසයි විදුලිබල මණ්ඩලයට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

652dda92e64c1pdf_page_0

SL v AUS : පන්දුවාර 35 ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 184 යි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 14 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 ක් අවසනයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංක ලකුණු 08 ක් ලබා සිටිනවා.

SL v AUS : පන්දුවාර 25 ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 152 යි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 14 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25 ක් අවසනයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 152 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින කුසල් ජනත් පෙරේරා ලකුණු 76 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 05 ක් ලබා සිටිනවා.

SL v AUS : පැතුම්ගෙන් අර්ධ ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරගයේදී  අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකය පන්දු 58 කින් වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 06 ක් ඇතුළත් වුණා.

SL v AUS : කුසල් ජනිත්ගෙන් අර්ධ ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරගයේදී  අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් ජනිත් සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකය පන්දු 57 කින් වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.

SL v AUS : ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 100 වාර්තා කරයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 14 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම 18 වන පන්දුවාරයේදී  කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 100 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින කුසල් ජනත් පෙරේරා ලකුණු 45 ක් හා පැතුම් නිස්සංක ලකුණු 47 ක් ලබා සිටිනවා.

බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.97 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.19 ක් වනවා.

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක​ට අත්හිටුවයි

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් මේ හේතුවෙන් අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන ඉදිරි පැය 24 තුළ අවසන් වනු ඇති බවට UN අනතුරු අඟවයි

ඉදිරි පැය 24 තුළ ගාසා තීරයේ සියලුම රෝහල්වල ඉන්ධන සංචිත අවසන් වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමකට ලක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ජලය, ආහාර, බලය සහ ඖෂධ හිඟය හේතුවෙන් ගාසා තීරයේ මිනිසුන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආසන්නයේ තවදුරටත් රැදී සිටින බවයි සඳහන් වන්නේ.

මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම්වලින් ඊශ්‍රායලයේ 1,400 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගාසා තීරයේ පුද්ගලයින් 2,450 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. සුන්බුන් අතර පුද්ගලයින් 1000 ක් පමණ අතුරුදහන්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සැකකරුවෙක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.

සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් නිවස තුළ සිට පොලීසියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර එහිදි පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇති බවයි කඳාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.