SL vs ENG : පන්දුවාර 30 ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව – 137/8

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබා ගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

SL vs ENG : පන්දුවාර 20 ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව – 89/5

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 89 ක් ලබා ගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

මිල්කෝ සේවකයින් පිරිසට ඇප

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබුණා.

සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැනුණු තීන්දුවක් මුල් කරගනිමින් එලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලය ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් බව ප්‍රකාශ කරයි

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සුදානම් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ බව සඳහන් කර ඇති අතර එය සිදුවන්නේ කවදා දැයි ඔහු ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත්තේ යුධ ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ ඉලක්කගත වැටලීමක් සිදුකළ බවත්, සටන්වල මීළඟ අදියර සඳහා සූදානම් වීම සඳහා මෙය සිදුකළ බවයි.
මේ අතර ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා ඇති අතර සහන සේවා කටයුතුවල නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ද ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පුද්ගලයින් 6,500 ක් මියගොස් ඇති අතර ඊශ්‍රායලයේ පුද්ගලයින් 1400 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වසරේ ගතවූ කාලය තුළ මාර්ග අනතුරුවලින් ළමුන් 115 ක් මරුට

මාර්ග අනතුරුවලින් වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ළමුන් 115 ක් මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා.
ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා මෙම මරණ වාර්තා වී ඇති බවයි රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ.
2022 වසරේ සිදුවූ අනතුරුවලින් ළමුන් 129 ක් මියගොස් ඇති අතර යතුරු පැදිවලින් දරුවන් රැගෙන යාමේදී දරුවන්ට හිස් ආවරණ නොපැළඳවීම මඟින් දරුවන්ගේ හිස වැදීමෙන් අනතුරු බොහෝමයක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (26) ආරම්භ වනවා.
ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් සඳහන් කළේ.
අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම සිදු කිරිමට සැලසුම් කර තිබෙනවා.
2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත් වුණා.

ජාතික හැඳුනුම්පත් ආශ්‍රිත සේවා ගාස්තු ඉහළට

ජාතික හැඳුනුම්පත් ආශ්‍රිත සේවා ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කරන බවද සඳහන්.

ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් දක්වා ඉහළ දමා ඇති අතර එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (25) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

ඔරුගොඩවත්ත, දිගන, තලගහ, නිකවැරටිය, නාවලපිටිය, බලපිටිය, යන ප්‍රදේශවල සමගි ජන බලවේගය විසින් විරෝධතා සංවිධානය කර තිබුණා.

එසේම මැණික්හින්න, මීරිගම, මීගමුව, ගම්පොල, පොළොන්නරුව, යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය විසින්ද විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි විරෝධතා සංවිධානය කර තිබූණා.

සමනල වැව ජලාශය මත පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

සමනල වැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

6538ee4a79d1c

2024 අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් අවශ්‍යයි – රාජ්‍ය සේවකයින්

2024 අයවැය තුළින් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, පාසල් වෑන් රථ ගාස්තු ගෙවූ පසු රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීමට ප්‍රවාහන වියදම හෝ සොයා ගැනීමට අපහසුවී ඇති බවයි.

මෙවර අයවැය තුළින් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් සිදු නොවුනහොත් නොවැම්බර් 13 වනදායින් පසු දෙවැනි අරගලයක් ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.