වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබෙනවා.

වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇති බව සඳහන්.

භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදීයි.

සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය වැදගත් වනවා.

ප්‍රදේශ රැසක ගුරු විරෝධතා

ගුරු වෘත්තීය සමිති අද (27) දහවල් දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා.

ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව ඔවුන් පාසල් ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇති අතර මේ සඳහා විශාල ගුරුවරුන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් සහ වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

653baae48b98d 653baae3d9b11 653baae0eb225

ඖෂධ සඳහා ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 5.6ක් වෙන් කරයි

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අනුව ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ අද (27) පැවති විශේෂ සමුළුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 8 දක්වා කල් තැබේ

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

විත්තිකාර විමල් වීරවංශ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කරුණු සලකා බැලූ විනිසුරුවරයා එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

පිටකොටුවේ ගින්නෙන් 15 ක් රෝහලට

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබූ අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා.

බම්බලපිටිය තාවකාලික දුම්රිය මගී පාලම ප්‍රවාහන ඇමති අතින් විවෘත කෙ​රේ

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ තාවකාලික මගී ගුවන් පාලම අද ජනතා අයිතියට පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ඉදිකළ තාවකාලික මගී ගුවන් පාලම, අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.

එම ගුවන් පාලම අබලන්වීම හේතුවෙන් නව ගුවන් පාලමක් ඉදිකිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබූ අතර නව ගුවන් පාලම ඉදි කරන තෙක් ජනතාවට යාම සඳහා තාවකාලික ඉදිකළ ගුවන් පාලම මෙසේ විවෘත කර තිබෙනවා.

653b861f6e142 (1) 653b861f84a0c 653b861f7a3f7

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවන රථ 07 ක් යොමුකර ඇතැයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.

SL vs ENG : පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව -56/2

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 56 ක් ලබා ගෙන සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 26 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 13 ක් ලබා සිටිනවා.

SL vs ENG : ශ්‍රී ලංකාව ලකුණු 156 කට එංගලන්තයේ කඩුළු සියල්​ල බිඳ හෙළයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ben Stokes ලකුණු 43 ක් හා Jonny Bairstow ලකුණු 30 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157 ක්.

SL vs ENG : එංගලන්තයේ 9 වන කඩුල්ලත් බිඳ වැටෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් ලබා ගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.