ICC CWC 2023 : ඕස්ට්‍රේලියාවට කඩුළු 8 ක පහසු ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති මූලික වටයේ 43 වන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Towhid Hridoy ලකුණු 74ක්, Najmul Hossain Shanto ලකුණු 45 ක් හා Litton Das, Tanzid Hasan දෙදෙනා ලකුණු 36 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Sean Abbott හා Adam Zampa කඩුලු 2 බැගින්ද, Marcus Stoinis එක් කඩුල්ලක්ද බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 44.4 ක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 307 ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Mitchell Marsh නොදැවී අගනා ලකුණු 177 ක් ලබාගත් අතර, David Warner ලකුණු 53 ක් හා Steven Smith නොදැවී ලකුණු 63 ක් ලබාගත්තා.

ICC CWC 2023 : පන්දුවාර 16 ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව – 96/1

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 44 වන තරගය එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 1 ක් පමණක් දැවී ලකුණු 96ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින Jonny Bairstow‍ ලකුණු 50 ක් හා Joe Root ලකුණු 4 ක් ලබා සිටිනවා. Dawid Malan ලකුණු 31 ක් ලබා සිටියදී දැවී ගියා.

ICC CWC 2023 : ඔස්ට්‍රේලියාවට ලකුණු 307 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 43 වන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා බංගලිදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Towhid Hridoy ලකුණු 74ක්, Najmul Hossain Shanto ලකුණු 45 ක් හා Litton Das, Tanzid Hasan දෙදෙනා ලකුණු 36 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Sean Abbott හා Adam Zampa කඩුලු 2 බැගින්ද, Marcus Stoinis එක් කඩුල්ලක්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 307 ක්.

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

හෙටට (12) යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සේවා සේවා ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ සිට නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි එහි සභාපති ලලිත් ද අල්විස් පවසන්නේ.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරනවා – අධ්‍යාපන ඇමති

ඉදිරි සති දෙක තුළ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මාසයේදී පවත්වන බවත්, ඒ අනුව විභාග කාල සටහන සාමාන්‍ය තත්ත්වයට පත්වීම තවත් වසරකින් කල් යනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප ගණන 44 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙංගු වැළඳීමෙන් මේ වනවිට පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳඟා ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දුරකථ​න සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වනවා.

තමන්ගේ හැඳුනුම්පත යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වී ඇත්නම් එවා වහාම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් #132# අංකය ඇමතීමෙන් තොරතුරු තහවුරුකරගත හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

ලෝක බැංකුවෙන් මෙරට​ට ඩොලර් මිලියන 150ක් ලබාදීම​ට අනුමැතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි

ඒ සඳහා ආර්ථික, ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

654e180352dd6

දිනන පරදින එක අපිට පාලනය කරන්න අමාරුයි – කුසල් මෙන්ඩිස්

තරගාවලිය හොඳින් අවසන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටු වන බව ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබුණු බවත් තරග ජයග්‍රහණය කිරීම හා පරාජය වීම පාලනය කළ නොහැකි දෙයක් බවයි.

හොඳින් සිදු නොකළ විට පරාජයට පත්වන බවත් හොඳින් සිදු කිරීමට නම් පන්දුවට පහරදීම, පන්දු යැවීම හා රැකීම හොඳින් සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.