2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 9 කින් ජය ගැනීමට හැකියාව ලැබුණේ තරග 2 ක් පමණයි.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 9 කින් ජය ගැනීමට හැකියාව ලැබුණේ තරග 2 ක් පමණයි.
ඊයේ (09) මරදානේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් පිරිස ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇපමත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.
දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා ක්‍රිකට් පරිපාලනයට සාක්ෂි නොමැති චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.
උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ, ක්‍රිකට් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ලවන ආකාරයක් දක්නට ලැබෙන බවයි.
කිසිවෙකු වේදිකාවේදී හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා සාධාරණ හෝ සාක්ෂි නොමැති මුළුමනින්ම පක්ෂග්‍රාහී චෝදනා ඉදිරිපත් කළ විට, එය කම්පනයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ අනාවරණයක් සිදු කරන බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සඳහා එක්තරා කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් පැවති බවයි ඔහු සඳහන් කරන්නේ.
කුමන්ත්‍රණය පැවති ආකාරය, ක්‍රිකට් පසුබෑමට ලක්කිරීමට කටයුතු කළ පුද්ගලයින් සහ කඩාකප්පල් කිරීමට කටයුතු කළ පුද්ගලයින් දින දෙකක් තුළ අනාවරණය කරන බවද ඔහු සඳහන් කළා.
අවසන් කාලයේ ක්‍රීඩකයින්ට මානසික පීඩනයක්ද පැවති බවත් පරාජයේ වගකීම තමන් භාරගන්නා බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
ඒ අනුව තැපැල් සේවකයින් අද දිනයේ සේවයට වාර්තා කරන අතර එකතු වී ඇති තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අද (09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මත්පෙති 570,000 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවත් සැකකරුවන් වයස 33 ක් සහ 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 46.4 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 171 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 51 ක් හා මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38 ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 ක් හෝ ලබා නොගැනීම විශේෂත්වයක්.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන්, Trent Boult කඩුලු 3 ක්ද, Lockie Ferguson, Mitchell Santner හා Rachin Ravindra කඩුලු 2 බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 172 ක්.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 12 ක් ලබා සිටිනවා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.
ඔහුගේ අර්ධ ශතකය පන්දු 22 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 09 ක් ඇතුළත් වුණා.