අයවැය දෙවනවර කියවීමේ විවාදයේ හයවන දිනය අද

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (20) හයවන දිනටත් පැවැත්වෙනවා.

අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC FINAL : ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති අවසන් තරගය කඩුලු 6 කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් KL Rahul  ලකුණු 66 ක්, Virat Kohli ලකුණු 54 ක් හා Rohit Sharma ලකුණු 47 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Mitchell Starc කඩුලු 3 ක් හා Josh Hazlewood හා Pat Cummins කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 43  වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 137 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Marnus Labuschagne ලකුණු 58 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 2 ක් හා Mohammed Shami එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණා.

ICC CWC FINAL : කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC FINAL : ඉන්දියා ඔස්ට්‍රේලියා අවසන් මහා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතයි.

ක්‍රිකට් තහනම් කරන ලෙස ක්‍රිකට් ආයතනය ICC යෙන් ඉල්ලීමක් කරලා – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඒ අනුව 2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකළ ලිපියක් උපුටා දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළා.

වගා හානි සඳහා වන්දි ලබාදීම අද සිට

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, පසුව ඇති වූ වර්ෂාව හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්ව තිබුණා.

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක් හේතුවෙන් මාර්ගය අවහිරවෙයි

පැවති අධික වර්ෂාවත් සමඟ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේ දී ගල් සමඟ පස් කන්දක් නාය ගොස් තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම නාය යෑම සිදු වී ඇති අතර නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, බදුල්ල දෙසට යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිමඩ පොලීසිය රියදුරන්ට දැනුම්දී සිටිනවා.

චීන දූත පිරිසක් දිවයිනට

මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එම දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා, තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් පැමිණ තිබෙනවා.

ජනපීඩක ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ජාතික ජන බලවේගයේ විරෝධතාවක්

“ජනතාව පෙළන, රට විකුණන වියරු දූෂිත පාලනය පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියක් අද (18) නුගේගොඩදී පැවැත්වුනා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් පැවැත්වූ “ජනබල විරෝධය” නම් මෙම රැළියට විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාවක් හේතුවෙන් ගම්සභා හන්දිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්

හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දිය ආසන්න ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගය විසින් අද (18) සවස නුගේගොඩදී පැවැත්වීමට නියමිත ‘ජනබල විරෝධය’ නම් විරෝධතාවයට සහභාගී වීම සඳහා පා ගමනින් පැමිණෙන ජනතාව හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.