GSP+ වෙනුවෙන් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සඳුදා මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

GSP+ සහනය පිළිබඳව සමාලෝචනයක නිරතවීමේ අරමුණින් එම නියෝජිත පිරිස පැමිණෙන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 28 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට රැඳී සිටිනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.

මේ ආන්ඩුව පාලකයන්ට හිමි දේවල් අත් ඇරලා ජනතාවට බෙදා දෙන ආන්ඩුවක් – ජනපති අනුර දිසානායක…..

https://www.youtube.com/embed/iLPYn0gqC8c?si=xhGyB4_uE-qpGK8v” title=

“ජනාධිපතිතුමාගේ කතා වලට මම උත්තර දෙන්නේ නැහැ” මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියපු දේ…….

https://www.youtube.com/embed/qQ5Gwr5AMyA?si=M71EFI1BTr8E1OWe” title=

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුවට සහාය වීමට දිලීප පීරිස් සහ රජිත පෙරේරා ද නම් කෙරේ

සේවය අත්හිටුවීමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම මෙම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය ද නම් කොට තිබෙනවා.

අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා කර තිබෙන අතර, කමිටුව 28 වැනි දින නැවත රැස්වීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මැයි 05 සහ 06 වසා තැබේ

මැයි මස 05 වැනිදා සහ 06 වැනිදා යන දෙදින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පවසනවා.

ඒ අනුව එම ආයතනවල නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යෙදවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කවුළු නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා, වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

තීරුබදු ගැන අමෙරිකානු නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ වොෂින්ටන් DC හි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය අප්‍රේල් 22 වන දින, එම කාර්යාලයේ තානාපති Jamieson Greer හමුවූ බවත්, එහිදී මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපතිවරයා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් ශ්‍රී ලංකා දූත පිරිස විසින් භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපතිවරයා දැනුවත් කර ඇති අතර, වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහා ද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති Jamieson Greer දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට ද අපේක්ෂාව පළකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 170ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (24) දිනයේ පමණක් පැමිණිලි 170ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2,623ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 2421ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 13ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 2,623න් 2,100ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 523 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනාව 27 වැනිදා අවසන් කරනවා – දියවඩන නිලමේ

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වැනිදා දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව එහි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම මංගල ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වාර්තා කරයි

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගය ලකුණු 13 – 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වුණා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණා.

මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව මූලික වටයේදී A කාණ්ඩයෙන් තරග වදින අතර, ඉන්දියාව, පකිස්තානය සහ ඉරානය ඊට ඇතුළත් සෙසු කණ්ඩායම් වනවා.