2024 මුල් දින 4 තුළ සංචාරකයින් 25,000 කට අධික ප්‍රමාණයක් දිවයිනට

2024 වසරේ පළමු දින 04 තුළ සංචාරකයින් 25,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව පැමිණි සංචාරකයින් අතරින් බහුතරයක් රුසියා, ඉන්දියා, ජර්මනිය සහ එංගලන්තයෙන් පැමිණි සංචාරකයින් බවයි එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

මෙම වසරේදී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 23 ක් පමණ වන බවත් එය ඉක්මවා යාමට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෝමාගම කටුවාන කර්මාන්තපුරය අවට ජනතාවට මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්දීමක්

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් එම වායු කාන්දුව නතර කිරීමට ගිනි නිවීම්, ආපදා කළමණාකර ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම දුමාරය ප්‍රදේශය පුරා පැතිර යාම හේතුවෙන් මුඛ ආවරණ පළදින ලෙසට සෞඛ්‍ය අංශ හෝමාගම කර්මාන්ත පුරය අවට සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 955 ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ගතවූ පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට තිබෙනවා.

ඒ අනුව මෙම වැටලීම්වලදී හෙරොයින් 435g ක්, අයිස් 261g ක් හා මත්පෙති 1,403 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල සේවාවලට බාධා කරන සේවක පිරිස්වල සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න – කංචන

සැලසුම් සහගතව සහ නීතිවිරෝධි අයුරින් උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ට පවතින නෛතික ප්‍රතිපාදන යටතේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ  මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශය වෙත මහජන පැමිණිලි ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබූ බවත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් 02 වනදා සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිත ව ඔවුන්ව දැනුවත් කර තිබු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ලිපිය පහතින්.

6599f927578dbpdf_page_0

සිමෙන්ති කොට්ටයක මිල 320 කින් ඉහළ ගිහින් – ජාතික ඉදිකිරීම් සේවක සංගමය

සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා

රුපියල් 320 කින් මේ වන විට සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවත් රුපියල් 2450 වැනි මිලකට වෙළෙඳපොලේ මේ වනවිට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙය අසාධාරණ ක්‍රියාවලියක් බවත් වැට් බද්දට ඇති භීතිකාව මෙම මිල වැඩි කිරීම්වලට හේතුවී ඇති බවයි ඔවුන් පෙනවා දෙන්නේ.

වන ගහනය වැඩි කිරීම සඳහා ඇමති පවිත්‍රා අතගසයි – ප්‍රථම අදියර පැල්මඩුල්ලෙන්ම

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “වනාන්තර භූ දර්ශන ප්‍රතිස්ථාපන වැඩසටහන ” වනජීවී හා වන සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පැල්මඩුල්ල , රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

වැඩමවා වදාල පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමය සහ කුට්ටපිටිය විහාරස්ථානයන්හි විහාරාධිකාරී පූජ්‍යපාද හුණුවල සද්ධානන්ද ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ආගමික වතාවත් සිදුකරන ලදී.

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශයේ රිල්හේන ග්‍රාමසේවා වසමේ ගෙවතු 300ක් සඳහා අඹ, දූරියන්, පැණි දොඩම්, ජමනාරං, පේර, රඹුටන් සහ මැංගුස් යන ආර්ථිකමය බෝග ද, කළුවර, නා, හල්මිල්ල හා කුරුඹැටිය යන වන වගා පැළ ද මෙහිදී බෙදාදීමට පියවර ගන්නා ලදී.

මේ අවස්ථාව සඳහා කලාප නියෝජ්‍ය වන සංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ මහතා, දිසාවන නිලධාරී ආනන්ද අබේධීර මහතා, අඩවි වන නිලධාරී ඩී.පී.කේ. එච්. මොහොට්ටි මහතා ඇතුළු රක්වාන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් හා ප්‍රථිලාභී රිල්හේන ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

WhatsApp Image 2024-01-07 at 17.15.27 WhatsApp Image 2024-01-07 at 16.29.53

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම ගරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාරක ප්‍රධානත්වයෙන් .

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයක් ස්ථාපනය කර විවෘත කිරීම කම්කරු හා විදේශ රැකියා  අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ  ප්‍රධානත්වයෙන්  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ති ජනාධිපති ජේෂ්ඨ උපදේශක වඩිවේල් සුරේෂ් මහතාගේ සහභාගිත්වයෙන්  (07) දින  උදෑසන  10.00 ට නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පස්වෙනි මහලේදී සිදු කෙරිණ. .

පිටරට ගෘහ සේවිකා ඇතුළු විදේශ රැකියා විශාල ප්‍රමාණයක් සඳහා පිටත් වීමට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇති ඉහළ ප්‍රතිශතය හා උනන්දුව සැලකිල්ලට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රිකය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමෙන් අවශ්‍ය කටයුතු නිම කර ගැනීමට හැකි පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව ශාඛාවක් පිහිටවීමට කටයුතු කර තිබිණ ,

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් ශාඛාව විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතා අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා  අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා කියා සිටියේ මෙලෙස නුවරඑළිය  දිස්ත්‍රික්කයට කාර්යාලයක් ව්වෘත්ත කිරීමේ අරමුණ පහල වී ඇ‍ත්තේ පසුගිය දැසැම්බර් මාසයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මගින් සංවිධානය කල වැඩසටහනකදී නාට්‍ය අංගයක් ඉදිරිපත් කල නුවරඑළිය පාසල් දරුවන් පිරිසක් නාට්‍ය අතරතුර දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් නුවරඑළිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලක් විවෘත කරදෙන ලෙස කල ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මාසයක් ඇතුලත සැලසුම් කල සිදු කල ලද්දක් බවයි ,

වැඩිදුර අදහස් දක්වමින් කම්කරු හා විදේශ සේවා අමාත්‍යවරයා මෙසේද කීය ,

දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදෙස්ගතවීමට බලාපොරොත්තු වන අයට හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයෙන් සේවාවන් ලබා ගන්න කොළඹට , මහනුවරට හා බදුල්ලට යන්න ඕන නෑ ඕනෑම භාෂාවකින් නුවරඑළියේදිම් ගුණාත්මක සේවාවක් ලබා ගන්න පුලුවන් ,

වසර 200 ඉදලා රට වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් කරපු වතුකර කම්කරු ජනතාව වෙනුවන් මෙවන් සේවාවක් කිරීම පිලිබඳව බොහෝ සෙයින් සතුටු වෙනවා ,

තාවත් හොද ජීවන තත්වයක් නැති කදුකර ජනතාවට , නිසි අද්‍යාපනයක් නැති කදුකර ජනතාවගේ දරුවන්ට හොද අද්‍යාපනයක් ලබා දෙන්න අපි කටයුතු කල යුතුයි ,

ඒ හැම දෙයක්ම වෙනුවෙන් තමා ඔහුන්ගේ අවයතාව ඉටු කරන්න තමා අපි මේ වැඩසටහන දියත් කලේ ,

අපි අද නුවරඑළිය විවෘත්ත කරපු කාර්‍යාලයෙන් ජාති භාෂා ආගමික භේදයකින් තොරව සේවාවන් ලබා ගන්න පුලුවන් ,

මම ශාප කරනවා එදා එදන් දේශපාලනික අරමුණු වෙනුවෙන් ජාති ආගම් වටට බෙදපු හැම දේශපාලයෙකුටම .

මෙම අවස්ථාව සඳහා විවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සමාන්‍යාධිකාරි අනුර ලියන්වල , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් , අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ලාල් සමරසේකර මහතා ,  නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරියේ සමාජිකන් , විදෙස් ගත ශ්‍රමිකය්න්ගේ පවුල් සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ WhatsApp Image 2024-01-07 at 14.09.30 (2) WhatsApp Image 2024-01-07 at 14.09.31 (1) WhatsApp Image 2024-01-07 at 14.09.31 (2) WhatsApp Image 2024-01-07 at 14.09.31 (3) WhatsApp Image 2024-01-07 at 14.09.31 WhatsApp Image 2024-01-07 at 14.09.32 (1) WhatsApp Image 2024-01-07 at 14.09.32 (2) WhatsApp Image 2024-01-07 at 14.09.32 (3) WhatsApp Image 2024-01-07 at 14.09.32 (4) WhatsApp Image 2024-01-07 at 14.09.32 (5) WhatsApp Image 2024-01-07 at 14.09.32 WhatsApp Image 2024-01-07 at 14.09.30 (1) WhatsApp Image 2024-01-07 at 14.09.30

SL vs ZIM: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

SL vs Zim : පළමු එක්දින තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින් විසින් මෙහෙයවනවා.

සිම්බාබ්වේ තරගාවලිය එක්දින තරග 03කින් සහ 20-20 තරග 03කින්  සමන්විතයි.