පාර්ලිමේන්තුව විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු හිඟ ගාස්තු ඇති බවත්, ඒ අනුව මාස හයක් සඳහා රුපියල් කෝටි 07 ක විදුලි බිලක් ගෙවීමට ඇති බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසනවා.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට හා වෘත්තිය සමිති මර්දනයට එරෙහිව ලංකා විදුලි බල වෘත්තිය සමිති විසින් අද (22) කොළඹ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත් පත්‍රිකා බෙදා හැරිය අතර, එහිදී ඔහු මේ බව සඳහන් කළා.
අගෝස්තු මස සිට මේ දක්වා ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ 09 කට අධික හිඟ මුදලක් ගෙවීමට ඇති බවත්, රටේ ජනතාවගේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම නොගෙවු විදුලි බිල අයකරගන්නා ලෙස ඇමතිවරයාට දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
69 ලක්ෂයක් අරන් හදපු අපේ අාණ්ඩුව බිමට සමතලා කලේ අපේම නායකයෝ – එස්.බී. දිසානායක
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය 4.2% ක් ලෙස සටහන්ව ඇති අතර එය 2023 වසරේ නොවැම්බර් මාසයේදී සටහන්වී තිබුණේ 2.8% ක් ලෙසයි
මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ -2.2% ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 1.6% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 31 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසට අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.
දැනට වැඩබලන පොලිස්පති ලෙස සේවය කරන දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපා හරින ලෙසටත්, ඔහු පොලිස්පති ලෙස උසස්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අදාල පෙත්සම කැඳවනු ලැබූ අතර, උක්ත කරුණ සම්බන්ධයෙන්ම තවත් පාර්ශව දෙකක් මගින් ගොනු කර ඇති පෙත්සම් ද 31 වැනිදා කැඳවීමට දින නියම කර ඇති බැවින්, මෙම පෙත්සමද එදිනට කැඳවන ලෙසයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.
Online ක්‍රමය ඔස්සේ ස්ථානීය දඩ පත්‍රිකාවලට අදාළව දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නුදුරේදීම හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අද (22) පැවති උත්සවයක් අමතමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.
ඒ අනුව මෙම ක්‍රමය හරහා රථ වාහන වරද සම්බන්ධයෙන් දඩය පනවන පොලිස් නිලධාරියා හරහා ඇති උපකරණයෙන් හෝ තමාගේ ජංගම දුරථකථනයෙන් දඩ මුදල ගෙවීමට හැකි වන බවත්, මේ හරහා අදාළ ප්‍රදේශයටම ගොස් දඩ මුදල ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරීපත්වී තිබෙනවා.
ඒ අනුව අද (21) පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීමේදී මෙම පත්වීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව කළගෙඩිහේන ප්‍රදේශයේදී අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණා.
උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) අතර නිල හමුවවක් සිදුව තිබෙනවා.
මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

මාලිම්බඩ, තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324ක් ඊට ඇතුළත් බවයි පොලීසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර වත්කම් විමර්ශන 05ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම මෙහෙයුමේදී හෙරොයින් 270gක්, අයිස් 140gක්, ගංජා 18kgයි 358gක්, ගංජා පැළ 27,242ක්, මත්පෙති 1,080ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.