සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඔහු අද (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය අසලින් එම විරෝධතාව මේ වන විට ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
එම විරෝධතා රැළියට එරෙහිව අධිකරණ නියෝග කිහිපයක්ද මේ වන විට ලබාදී තිබෙනවා.
2024 වසරේ ජනවාරි 28 දක්වා කාල පරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189,574 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අතරින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 31,920 ක් ලෙසයි දැක්වෙන්නේ.
මීට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්.

විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම මණ්ඩලයේ CEBCare යෙදවුම, ඔන්ලයින් බැංකු සේවාවන්, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාල, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර හා සුපිරි වෙළඳසැල්වලින්ද ගෙවීමේ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධ ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 ට අමතන ලෙස ද ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
*එසැණ සටහන: හෙළකුරු හඳුන්වාදුන් හෙළPay දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ඔස්සේද ඉතා සරලව විදුලි බිල්පත් ගෙවීමේ හැකියාව පවතිනවා.

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක්.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ සහයෝගය හිමි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඒ අනුව තමා පසුගිය දිනවල ජනාධිපතිවරයා සමඟ උගන්ඩා සංචාරයටද එක්වූ බවත් තමාගේ සහයෝගය හිමිවන්නේ වත්මන් ජනාධිපතිවරයාට බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
තමන් කතාකරන විදිය හෝ හැසිරෙන විදිය අදාළ නොවන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාතේ ජනතාවගේ දුකේදි සැපේදී සිටිනවා නම් සමාජ මාධ්‍යවල පළවනදෑ වලින් වැඩක් නොවන බවයි.
පසුගියදා සම්මත කළ Online Safety පනත බලගතු මදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක පවසනවා.
දේශපාලඥයින් අනෙකා වෙනුවෙන් කෙතරම් පරිත්‍යාගයක් සිදුකළේද යන්න දැන ගැනීමට අභ්‍යන්තරය කියවා බැලිය යුතු බවයි අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
සමාජ මාධ්‍යවල උදේ සවස නිවන් සුව ප්‍රර්ථනා කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රට ගොඩනගන්නේ ඔවුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මුදාගත් ධීවර යාත්‍රාව මේ වන විට සීෂෙල්ස්හි වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබුණා.