https://www.youtube.com/embed/Iq9dDuiKeUo?si=Y7JXpZzmif0qqNJ7″ title=
Author: Supun
හිත හොද රියදුරා වෙනුවෙන් විදේශික කාන්තාවගෙන් වැටුන කදුළු…..
https://www.youtube.com/embed/YBe4YskZhYE?si=qedlTBvAe1GaPO8Z” title=
ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තබයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබෙනවා.
ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පවත්වා තිබෙනවා.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස්ද නැවත කරුණු දැක්වීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
අනුර කුමාර දිසානායක සහ යුරෝපා සංගමයේ තානාපති අතර හමුවක්
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති Carmen Moreno සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (13) පස්වරුවේදී සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් වූ බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.
එසේම Online Safety පනත පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

2024 සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් අයඳුම්කරුවන් වෙත නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වන විට සියලුම ඉල්ලුම්කරුවන්ට යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉල්ලුම්පත්‍රයේ නිවැරදිව ලිපියන සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතුවෙක් නිසා මෙතෙක් එය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට www.drp.gov.lk වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමේ පහසුකම ලබාදී ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩවර්ජනය හෙට දිනයේත් පැවැත්වෙයි
සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වර්ජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය පත්වාගෙන යාමට යළි සේවයට වාර්තා කරන ලෙසයි.
බෙලිඅත්ත සමූහ ඝාතනයේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
බෙලිඅත්ත සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එහිදී අද (13) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් යළිත් පෙබරවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.
තංගල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පසුගිය මස 22 වනදා ඝාතනය කර තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද 13 අළුයම අනුරාධපුර පුත්තලම මාර්ගයේ දි අනතරකට ලක්වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද 13 අළුයම අනුරාධපුර පුත්තලම මාර්ගයේ දි අනතරකට ලක්වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබිණ.
පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ මංත්‍රී වරයාගේ ජීප් රථය ,එම දෙසටම ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටරයක පිටුපසින් ගැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
සිදුව ඇති එම අනතුරින් අත්ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
සිදුව ඇති එම අනතුරින් තුවාල ලබා මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නමැති අයෙකි. ඔහු ඉහළ පුලියන්කුලම – අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථයේ රියදුරු වැඩිදුර විමර්ශණ සදහා පොලීස් අත්අඩංගුවට ගෙන ඇති අතර.
සාලියවැව පොලිස් ස්ථානය මගින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ආහාර ලබා ගන්නා කැන්ටිම මුලුමනින්ම ජරාජීරන අපායක් – කැන්ටිමට වැසුම් නියෝගයක් – තවත් ස්ථාන අටකට නඩු .
නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා හදිසියෙන් සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමේදී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරය අසලම පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ කැන්මට වැසුම් නියෝගයක් ලබාදුන් අතර රෝහල ඉදිරියේ ක්‍රියාත්මක වන කැන්ටිම ඇතුළු හෝටල් අටකර විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත ,
සෝදිසි මෙහෙයුමේදී මනුස්ස පරිපෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම , අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම , නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම , ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම යන කරුණු කාරණා යටතේ අදාළ ස්ථාන සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ බව ස්වභාවයේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පවසයි .
තවද නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරයට යාබදව පවත්වාගෙන ගිය වෛද්‍යවරුන්ගේ කැන්ටිම වහාම වැසීමට වැසුම් නියෝගයක් ලබා දෙමින් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු අන්දමින් අවශ්‍ය පහසුකම් සකසා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්වා කැන්ටිම පවත්වාගෙන යෑමට අවසර ලබා ගන්නා ලෙස නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නියෝග කළ බවද එතම පැවසීය .

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මේ දිනවල පැවැත්වෙන පාසල් අවසන් වාර පරික්ෂණය සදහා දමිල මාධ්‍යයෙන් පෙනි සිටින සිසුන් පිරිසකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රය ප්‍රශ්ණයක්ම වූ එකක් බව ගුරුවරු චෝදනා කරති.
මේ දිනවල පැවැත්වෙන පාසල් අවසන් වාර පරික්ෂණය සදහා දමිල මාධ්‍යයෙන් පෙනි සිටින සිසුන් පිරිසකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රය ප්‍රශ්ණයක්ම වූ එකක් බව ගුරුවරු චෝදනා කරති.
මේ හේතුවෙන් මෙවර පාසැල් වාර විභාගය සඳහා දමිළ මාධ්‍යයෙන් ගණිතය විෂයට පෙනී සිටි 06 සිට 11 දක්වා ශ්‍රේණි වල සිසුන් දැඩි අපහසුතාවයට කට පත් වූ බව එම ගුරුවරු පෙන්වා දෙයි.
උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙන අතර, ඊයේ දිනයේ 06- 11 ශ්‍රේණිවල සිසුන්ට ගණිතය විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රය ලබා දී තිබින.
ඒ අනුව, ගණිතය විෂයට සිංහල මාධ්‍යයෙන් පෙනි සිටි සිසුන්ට නිවරැදි ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබුන ද , දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත වූ, සිසුන්ට පමණක් නොව තමන්ටද නිසි පරිදි ප්‍රශ්නය තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බව ගුරුවරු පවසති.
සිංහල මාධ්‍යයෙන් නිකුත් කළ ගණිතය ප්‍රශ්න පත්‍රයම දමිල මාධ්‍යටත් පරිවර්තනය කර ඇති බවත්, එහිදි යම් අඩුපාඩුවක් සිදුවි ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බව උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ උසස් නිලධාරීන් පවසයි..
24-02-13
කැකිරාව කුෂාන් ජයවර්ධන
