ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙන්ම ටෙස්ට්, එක්දින සහ T20 තරග රටා තුනේම නායකයින් සහභාගී වී තිබෙනවා.

නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම, නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම, තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක්වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උණුසුම් කාලගුණ තත්ත්වය අඩු වැඩි වශයෙන් මැයි මාසය වන තෙක් පවතීවි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අඩුවැඩි වශයෙන් මැයි මාසය වන තෙක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි මාසයේ නිරිත දිග සුළං ප්‍රවාහය දිවයින හරහා ස්ථාපිත වන තෙක් මෙම තත්ත්වය පවතිනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ දේශගුණ විපර්යාස හා පර්යේෂණ අධ්‍යක්ෂිිිකා අනූෂා වර්ණකුලසූරිය සඳහන් කළේ.

මේ දිනවල පවතින සුළං ප්‍රවාහය අඩුවීම, මිනිස් සිරුරට උණුසුම දැනෙන මට්ටම ඉහළ යාමට හේතුවී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

කැකිරාවේ රිය අනතුරකින් මහවැලි නිලධාරියකු මිය යයි

24-02-27
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාවේ රිය අනතුරකින් මහවැලි නිලධාරියකු මිය යයි

============

කැකිරාව මහ ඇලගමුව ප්‍රදේශයේදී පාපැදියක් හි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 60 හැවිරිදි දෙදෙරු පියෙකු මිය ගොස් තිබේ.
මලස මිය ගොස් ඇත්තේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කළ ආයතන සංවර්ධන නිලධාරියකු වන අතර ඔහු කැකිරාව මහඇලගමුව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි. 60 හැවිරිදි ඔහු දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
මිය ගිය මහවැලි නිලධාරියා පාපැදියකින් ගමන්කරමින් සිටියදී මාර්ගයේ ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැණ ඔහු ගමන් ගත් පා පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මෝටර් රථය ගැ⁣ටීමෙන් පාපැදියේ ගමන්ගත් මහැවැලි නිලධාරියා අදාළ පාපැදිය සමග මීටර් කිහිපයක් දුරට විසිවී වැටී සිට ඇති බව පොලිසිය කියයි . අනතරෙන් එම මහවැලි නිලධාරිටා ගමන්ගත් පාපැදිය ද දෙකට කැඩි ඇති බව පොලිසිය කියයි.
පාපැදියේ ගැටුනු මෝටර් රථය ද අනතුරත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගෙවත්තකට කඩා වැදී තිබිණ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර එම කිසිවකුටත් අනතුරින් හානි සිදුව නොමැති බව පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි පා පැදිකරු ප්‍රතිකාර සදහා කඩිනමින් කැකිරාව දිසා රෝහල වෙත ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ බවත්, බරපතල තත්වයේ සිටි ඔහු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙලස මියගොස් ඇත්තේ ඔහු මඩාටුගම කොට්ඨාස කාර්යාලයට අනියුක්තව ආයතන සංවර්ධන නිලධාරියකු ලෙස රාජකාරී කළ දිසානායක මුදියන්සේලාගේ ජයන්ත දිසානායක නමැති අයෙකි. මිය ගිය දිසානායක මහතා මහ ඇලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60ක් වන දෙදරු පියෙකි. මිය දිසානායක මහතාගේ මහවැලි අධිකාරියේ කීර්තිමත් සේවකයකු වූ අතර ඔහුගේ සේවාව ඉකුත් දා හුරුළුවැව මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයාගේ ඇගයීමට ද ලක්ව තිබිණ.
මහවැලි නිලධාරියයකුට දිවි අහිමි කරමින් සිදුවූ මෙම අනතුර මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් සිදුවන්නට ඇති බව පොලිසිය අනුමාන කරයි. අනතුරින් එම මෝටර් රථයටද බරපතල හානි සිදුව ඇති අතර, ඉදිරි විමර්ශණ කටයුතු සදහා එම අනතුරට සම්බන්ධ මෝටර් රථය හා එහි රියදුරු ද , පා පැදිය ද කැකිරාව පොලිස් රථවාහන අංශය භාරයට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවට පත් මෝටර් රථ රියදුරු ඇඹිලිපිටිය මුරුතවෙලගෙදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන 36918- බණ්ඩාරනායක, 57317- ෂර්ලි ඇතුළු නිලධාරීහු පිරිසක් එම අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශණ සිදුකරති.
මිය ගිය මහවැලි නිලධාරීයාගේ මෘත දේශය කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථයේ රියදුරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය කියයි.

WhatsApp Image 2024-02-28 at 15.56.59 (1) WhatsApp Image 2024-02-28 at 15.56.59 (2) WhatsApp Image 2024-02-28 at 15.56.59 (3) WhatsApp Image 2024-02-28 at 15.56.59 (4) WhatsApp Image 2024-02-28 at 15.56.59 (5) WhatsApp Image 2024-02-28 at 15.56.59 WhatsApp Image 2024-02-28 at 15.57.00 (1) WhatsApp Image 2024-02-28 at 15.57.00 (2) WhatsApp Image 2024-02-28 at 15.57.00 (3) WhatsApp Image 2024-02-28 at 15.57.00 (4) WhatsApp Image 2024-02-28 at 15.57.00

රථවාහන රාජකාරිවයන් ඉවත් කර ගයාන්ව නාරම්මලට මාරුකර සාමාන්‍ය රාජකාරියට දමයි. පොලිසියේ කවුරුත් ඔහු හදුනන්නේ ලොකුරහළහාමි කියු සැනින්ය.ලොකු රහළහාමි පොඩි තැනකින් ආබව දැන් ඔහුට අමතකවී ගොසිණි.කුඩා කාලයේ සිටි ලැයිම පවා ඔහුට දැන් අමතකය.එකට දුව පැන ඇවිද ගිය යාලු මිතුරන් දැක්කත් නොදැක්කාකාසේ යන්නේ හිතින් මවා ගත් මහන්තත්ත කමෙන් ඔලුව උදුම්මාගෙනය. ලොකුරළහාමි පසුගියදා රුසියාවෙි සංචාරයකට සහභාගිවිමට ගුවන්යානය ලබා ගැනිමට ගියේ ඩිපෙන්ඩර් රථයෙනි. එය පොලිසියේ නිත්‍යානුකූලව ලබාදී ඇති වාහනය වුත් එහි බැලුබැල්මට පොලිසියේ වාහනයක් බව රාත්‍රියට හදුනා ගැනිමට අපහසුය.වාහනය ගිරිඋල්ල පොලිස් වසමේදී අධික වෙිගයෙන් ඉදිරියට ඇදි එනවිට වාහාම රථය නතර කරන ලෙසට මාර්ගයේ වාහන පරික්ෂා කරමින් සිටිගිරිඋල්ල රථවාහන නිළධාරි ගයාන් කටයුතු කළේය.පසුව දැක ගැනිමට හැකිවුයේ රථයේ සිටින්නේ තම බලප්‍රදේශය භාර ලොකු රාළහාමි බවයි. වහාම ආචාර කළ රථවාහන නිළධාරියා රථයට ඉදිරියට යාමට ඉඩ සැලසුණි. ගතවුයේ නිමෙිශයකි.සිය දුරකථනයට ආ ඇමතුමෙන් කියවුයේ ලොකුරාළහාමිගේ අනින් ගයාන්ව රථවාහන රාජකාරියෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරියට අනුයුක්ත කළ බවයි. අවසානයේ තමන් හැදෑරු රථවාහන පාඨමාලව අනුව ලැබුණු රථවාහන පොලිසියේ රාජකාරි වෙනුවට සාමාන්‍ය රාජකාරි කටයුතු ටික දිනක් සිදු කරමින් සිටින විට යළිත් ඔහු රථවාහන රාජකාරි සදහා යොමුකිරිමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එම අංශයේ පවතින නිළධාරි හිගය නිසාවෙනි.කෙසේ වෙතත් මෙම සිද්ධිය දැනගත් ලොකුරාළහාමි නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගයාන්ව නාරම්මල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සදහා ස්ථාන මාරුකරන පණිවිඩයයි.

රථවාහන රාජකාරිවයන් ඉවත් කර ගයාන්ව නාරම්මලට මාරුකර සාමාන්‍ය රාජකාරියට දමයි.

පොලිසියේ කවුරුත්  ඔහු හදුනන්නේ ලොකුරහළහාමි කියු සැනින්ය.ලොකු රහළහාමි පොඩි තැනකින් ආබව දැන් ඔහුට අමතකවී ගොසිණි.කුඩා කාලයේ සිටි ලැයිම පවා ඔහුට දැන් අමතකය.එකට දුව පැන ඇවිද ගිය යාලු මිතුරන් දැක්කත් නොදැක්කාකාසේ යන්නේ හිතින් මවා ගත් මහන්තත්ත කමෙන් ඔලුව උදුම්මාගෙනය.

ලොකුරළහාමි පසුගියදා රුසියාවෙි සංචාරයකට සහභාගිවිමට ගුවන්යානය ලබා ගැනිමට ගියේ ඩිපෙන්ඩර් රථයෙනි. එය පොලිසියේ නිත්‍යානුකූලව ලබාදී ඇති වාහනය වුත් එහි බැලුබැල්මට පොලිසියේ වාහනයක් බව රාත්‍රියට හදුනා ගැනිමට අපහසුය.වාහනය ගිරිඋල්ල පොලිස් වසමේදී  අධික වෙිගයෙන් ඉදිරියට ඇදි එනවිට වාහාම රථය නතර කරන ලෙසට මාර්ගයේ වාහන පරික්ෂා කරමින් සිටිගිරිඋල්ල  රථවාහන නිළධාරි ගයාන් කටයුතු කළේය.පසුව දැක ගැනිමට හැකිවුයේ රථයේ සිටින්නේ තම බලප්‍රදේශය භාර ලොකු රාළහාමි බවයි. වහාම ආචාර කළ රථවාහන නිළධාරියා රථයට ඉදිරියට යාමට ඉඩ සැලසුණි.

ගතවුයේ නිමෙිශයකි.සිය දුරකථනයට ආ ඇමතුමෙන් කියවුයේ ලොකුරාළහාමිගේ අනින් ගයාන්ව රථවාහන රාජකාරියෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරියට අනුයුක්ත කළ බවයි.

අවසානයේ තමන්  හැදෑරු රථවාහන පාඨමාලව අනුව ලැබුණු රථවාහන පොලිසියේ  රාජකාරි වෙනුවට සාමාන්‍ය  රාජකාරි කටයුතු ටික දිනක් සිදු කරමින් සිටින විට යළිත් ඔහු රථවාහන රාජකාරි සදහා යොමුකිරිමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එම අංශයේ පවතින නිළධාරි හිගය නිසාවෙනි.කෙසේ වෙතත් මෙම සිද්ධිය දැනගත් ලොකුරාළහාමි නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගයාන්ව නාරම්මල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සදහා ස්ථාන මාරුකරන පණිවිඩයයි.

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට.

මහබාගේ ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට.

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.28 වන දින සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නැමැත්තාගේ මෙහෙය විමෙන් 2024.02.21 වන දින මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කල පුද්ගලයා සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද විශ්වාසදායි බුද්ධි තොරතුරක් මත 2024.02.28 වන දින අලුයම් කාලයේ එම ස්ථානය ක්ෂණිකව වටලා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් ක්ෂණිකව ගිණී අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇති අතර නිළධාරින්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ප්‍ර‍තිවෙඩි ප්‍ර‍හාර එල්ල කල අවස්ථාවේ එම වෙඩි ප්‍ර‍හාරය හමුවේ වෙඩි වැදුණු තුවාලකරු සුරියවැව රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජිවිතක්ෂයට පත් වී ඇත. විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර නිලධාරියා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සැකකරු 2023.08.28 වන දින, වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩිතැබීම, 2023.06.17 වන මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම දේවාලය අසලදී විදුර නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී යන සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් මරණකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිම, සහ ආසන්නම සිදුවීම වන මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම යන සිදුවිම් වලදී වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් රෙජිමේන්තු අංකය – සෙ/412530 ලෙස සේවය කර 2024/01/15 වන දින විශ්‍රාම ලබා ඇති බවට තොරතුරු අනාවරණය විය. වැඩිදුර විමර්ශන කටයුතු සුරියවැව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.
තවද මෙම පුද්ගලයා දකුණු කනුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයකු බවත් මොහු සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිණි අවියක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇත.

T10 තරගාවලිය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය ‌මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තරගාවලිය සදහා මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත්ව ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වීමට නියමිත තිබෙනවා.

2024 පළමු මාස 02 තු​ළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී මිනීමැරීම් හා සම්බන්ධ සිදුවීම් 76 ක් පමණ සිදුව ඇති බවත්, එම සිදුවීම් වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

එසේම එම කාලයේදී ගෙවල් බිඳුම් සම්බන්ධ සිද්ධි 1,180 ක් වාර්තා වී ඇති බවත්, මංකොල්ලකෑම් 310 ක් වාර්තා වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එසේම ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇති බවත්, ඒවායින් 10 ක් පමණ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම වාර්තාවීම් පසුගිය වර්ෂවලට සාපේක්ෂව අඩුවීමක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

අධික උණුසුම් කාලගුණය නිසා පාසැල් සිසුන්ට රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළට

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට යම් යම් රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

අධික උණුසුම් තත්ත්වයෙන් ළමුන් රෝගී වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.

අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහාය

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය පළ කිරීමට උත්තර ලංකා සභාගය ඊයේ (26) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

Online Safety පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ගෙන ඒමට සැරසෙන විශ්වාසභංග යෝජනාවටයි මෙසේ සහය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) කතානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.

ඒ අවධියේ පැවති පාලනයෙන් රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාව තුළ තමා පාර්ලිමේන්තුවට පැමිණියද, සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සහ පවතින වාතාවරණය තුළ තම දේශපාලන සිතුම් පැතුම් යථාර්ථයක් නොවන බව පසක් වීම නිසා මෙම තීරණය ගත් බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.

65dd864a96441